අද මම ඔබට කියන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ ISACA Student Group මගින් සංවිධානය කරන ලද iFest 2k18 conference එක පිළිබදව. මේ conference එක මගින් information/cyber security සම්බන්ධ මාතෘකා ගැන තමයි සාකච්ඡා කලේ. පසුගිය මැයි 13 වන දින මේ conference එක පැවැත්වුණේ රාජ්‍ය/පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් 400 ක පමණ සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී.

UCSC ISACA Student Group කියන්නේ ISACA Sri Lanka Chapter එක යටතේ තියෙන ප්‍රථම සහ එකම Student Group එක කියලා කිව්වොත් මම නිවැරදියි. ඒ වගේම තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් හැටියට තමාගෙන් සමාජයට විය යුතු යුතුකම හොදින් හදුනාගත් organization එකක් විදයට UCSC ISACA Student Group එක හදුන්වන්න පුළුවන්. ඒ අනුව ඔවුන් iFest 2k18 සංවිධානය කළේ ISACA Sri Lanka Chapter හි පුර්ණ අනුග්‍රහය ඇතිව ඒ වගේම එහි Platinum Sponsor ලෙස UPay සමාගමත් Silver sponsor ලෙස ISM APAC සමාගමත් එක් වුණා. 2016 දී මුල්වරට පැවැත්වුණු මෙම conference එක දෙවන වරට නැවත පැවැත්වුණේ  2018 දී.

මෙම conference එකේ මුලික අරමුණ වුණේ විවිධ විශ්වවිද්‍යාල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ට information security පිළිබදව මනා දැනුමක් ලබා දීමට සහ නවතම security trends පිළිබද දැනුවත් බව වැඩි කිරීම. ඒ සදහා information security ක්ෂේත්‍රයේ එම කරුණු ගැන මනා දැනුමක් ඇති ප්‍රවීනයින් සහභාගී වූ sessions කිහිපයක් පැවැත්වුණා. Cyber-crimes & Cyber Terrorism, Malware and Ransomware, Block chain in cyber security, Deep web කියන මාතෘකා ඔස්සේ තමයි event එකේ sessions පැවැත්වුණේ. එම sessions වලට සහභාගී වුවන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට වගේම වෙනත් අධ්‍යනායතන වල සිසුන් සමග නව සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව උදා වුණා. ඒ වගේම sessions අතරතුර සහභාගී වූවන්ගෙන් ඒ මාතෘකා වලට අදාලව ප්‍රශ්න යොමු කළ අතර නිවැරදි පිළිතුරු සැපයු ජයග්‍රාහකයින්ට ත්‍යාග හිමි වුණා. මෙම conference එකට සහභාගී වීම සදහා නොමිලේ අවස්ථාව ලබා දුන් අතර එහිදී ආහාර පාන, t-shirts, laptop stickers, files වගේ දේවල් ද නොමිලේම ලබා දීම සිදුවුණා.

iFest 2k18 නිමාවට පත් වුණේ සහභාගීවන්නන්ට information security සහ නවතම technology trends පිළිබඳ අත්දැකීම් ලබා දෙමින් සහ ශ්‍රී ලංකා සිසුන්ට තවදුරටත් අසීමිත අවස්ථාවන් ලබා දීම සඳහා තාක්ෂණික ප්‍රජාව වෙත විශිෂ්ට පණිවුඩයක් ද ලබා දෙමින්. මෙවැනිම වූ iFest 2k19 සමග එක් වන්නට සහභාගී වූ නොවූ සියලු දෙනාට ආරාධනා කරනවා. https://www.facebook.com/isacastudentgroup.ucsc/ මෙම link එකෙන් UCSC ISACA Student Group එකේ Facebook page එකට පිවිසීමට ඔබට පුළුවන්. එමගින් ඔවුන් සංවිධානය කරන විවිධ events පිළිබදව දැනගැනීමට ඔබට හැකියාව තියෙනවා..