පසුගියදා රාත්‍රියේ newsroom.fb.com  වෙබ් අඩවියට Facebook Cyber Security Policy හි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන Nathaniel Gleitcher විසින් විශේෂ නිවේදනයක් නිකුත් කළා. මේකෙන් කියවුනේ දැනට ලෝකයේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් වලට අනතුරු ඇගවීමක් දෙයක්. ඔවුන් විසින් මේ වන විට සමාජ අසම්මත ක්‍රියාකාරකම් වල යෙදුනු රුසියාවේ හා ඉරානයට අයත් පිටු 650කට අධික ප්‍රමාණයක්, නිවැරදිවම කියනවනම් පිටු 652ක් තහනම් කර තිබෙනවා.

සමාජ ජාලයන් අතර ප්‍රධානම තැනක් උසුලන Facebook තුල සෑහෙන පිරිසක් ගැවසෙනවා. සමාජ ජාලා, රටක පාලනයට පවා ගැටළු ඇති කරපු අවස්ථා වගේම පාලනයන් වෙනස් කරන්න පාවිච්චි කරපු අවස්ථා වගේම වැරදි තොරතුරු සමාජ ගත කරන්න පවා දායක වුණා. මේ නිසාම සමාජ ජාලයක් තුලින් සමාජ වගකීමක් ඉෂ්ට විය යුතුයි කියන තැන මේ වෙද්දී Facebook සිටිනවා. මිනිසුන් Facebook වෙබ් අඩවියට එන්නේ තමන් ගැන විශ්වාසයකින් බව Nathaniel Gleitcher පවසනවා. ඔවුන් යම් වගකීමකින් යුතුව සමාජය වෙත කටයුතු කරන්නේනම් සමාජයේ පුද්ගලයන්ද තමන් විසින් සමාජය වෙත ලබාදෙන්නේ මොනවද යන්න තීරණය කළ යුතුයි.

ඒ වගේම මේ තහනම් කිරීම සම්බන්දවත් ඔහු විසින් තම නිවේදනය තුල සදහන් කරනවා. මෙවැනි වැරදි කරන්නන් පිළිබඳව පියවරක් ඉක්මනින්ම ගැනීම හා වෙබ් අඩවිය තුල සමාජ ආරක්ෂාව තහවුරු කිරීමට සෑම වෙලාවකම චතිකයක් ගෙන ආවද, එය මේ වන විට අත්‍යවශ්‍ය වී තිබෙනවා. අපි මොවුන්ව මුලින්ම ඉවත් කලානම් සමහර විටදී අපිට ඔවුනගේ අභිලාශය හදුනා ගැනීම අපහසු වන්නට ඉඩ තිබුණා. ඒ වගේම ෆේස්බුක් පිටු තහනමක් වැනි දඩුවමක් දක්වාද යන්නට නොහැකි වන්නට ඉඩ තිබුණා. මේ පිටු වගේම තවත් ෆේස්බුක් සමාජ සමුහයන් (groups) වල ක්‍රියාකාරී සාමාජිකයන් ගණන පවා අති විශාල වුවා. මේ එක පිටුවක් 1,55,000කට අධික ප්‍රමාණයක් follow කර තිබුණා, ඒ වගේම සමාජ සමුහයක සාමාජිකයන් ගණන 2,300 ඉක්මවා ගියා. මේවගේ ඇති වෙළද දැන්වීම් ප්‍රචාරණයට ඩොලර් 6000කට වඩා ඔවුන් වියදම් කර තිබුණා.

පහත දක්වා තිබෙන්නේ මේ විදියට තහනම් වුනු ෆේස්බුක් පිටු කිහිපයක අන්තර්ගතය…

නැවත හමුවෙමු…

Source : https://newsroom.fb.com/news/2018/08/more-coordinated-inauthentic-behavior/

SHARE
Previous articleNext ’18 Extended Sri Lanka
Next articleInspiro Camp 2k18 sports an Owl?
mm
Chief Technology Officer of GGSLK | Organizer of Google Crowsource | Technical Writer of WindowsGeek | Former President of Association of Rajarata Information and Communication Technology | PHP Developer of Prudential Shipping Lines (PVT) LTD.