සෑම නාමයක් සමගම බැදුණු logo එකක් තියෙන අතරම ඒ logo එක හා බැදුණු කතන්දරයකුත් තියෙනවා.දැන් මේ වෙනකොට බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙන Inspiro camp 2018 නාමයත් එක්ක ඔබට එහි logo එක දැකගන්න ලැබෙන්න ඇති.ඔවුන් තම logo එක ලෙස තෝරාගෙන තියෙන්නේ බකමූනෙක්. එත් ඇයි ! මෙයට තේරුමක් තියෙනවද ! තියෙනවා නම් මොකක්ද මේ පිටුපස සැගවිලා තියෙන ඒ අපුරු  කතන්දරය?ඉතින් මේ ලග ලගම එන inspiro camp එකත් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න ඒ සෑම සියලු දෙනා වෙනුවෙන්ම මෙම logo එක පිටුපස තිබෙන කතාන්දරය පවසන එක අපේ වගකීමක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Google Crowdsource Sri Lanka සහ Global Geek Sustainable Learning Kingdom (GGSLK), ශ්‍රී ලාංකීය tech enthusiasts ලා වෙනුවෙන් දැනුම සපිරි නොමැකෙන අත්දැකීමක් ඔවුනට සමීප කරනු වස් Bhasha Lanka (Pvt) Ltd හී අනුග්‍රහය ඇතිව සංවිධානය කරන  Inspiro Camp 2K18 logo එක පිටුපස තිබෙන කතාන්දරයයි මේ.

Tech Field එකේ ඉන්න බොහෝ දෙනෙක් දිවා රෑ නොබලා වැඩ කරනවා.Code කරන්න ගත්තම ගෙවෙන කාලය ඔවුන්ට දැනෙන්නේ නැහැ.ඇත්තටම රාත්‍රිය අදුර කියන්නේ ඔවුන්ට බාධාවක් නම් නොවෙයි.errors නැතුව program එක execute වෙනකන් ඔවුන් වැඩ.රාත්‍රි කාලය යනු තාක්ෂණික දැනුම වෙනුවෙන් පොර බදින අය සඳහා බාධාවක් නොවන වෙලාවක්.ඒ වෙලාවටත් ඔවුන් අවදියෙන්.ඉතින් මේ වගේ logo එකක් ඔබ අතරට ගෙන එන්න රාත්‍රිය නොසලකා successfull build වෙනකන් වැඩ කරන අපේ techies ලා ලොකු හේතුවක් වුණා.බකමුනා කියන logo එක මේ වෙනුවෙන් තෝරගත්තු එක කාරණයක් තමයි ඒක.

Inspiro Camp 2k18 හි ප්‍රධාන ඉලක්කය වනුයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයින් හා ඔබ අප සියලු දෙන මේ ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා වඩා සමීප කිරීම. විවිධ සංස්කෘතීන් වලට අදාලව විශ්වාස කරන විදියට බකමුණා කියන්නේ සාමාන්‍ය සත්ත්වයෙක් පමණක්ම නොවෙයි.විටකදී ප්‍රඥාවේ සංඛේතය වාසනාවේ සංඛේතය තවත් විටකදී මායාවේ සංඛේතය තමයි බකමුණා කියන්නේ.ඉතින් අපි Inspiro camp logo එක විදියට මෙය select කරගැනීම ඇත්තටම කොයිතරම දුරට ගැලපෙනවද කියල ඔබට දැන් වැටහෙනවා ඇති.

ඉතින් සුදානම් ඉන්න! ඒ සුවිශේෂී අත්දැකීම දිනෙන් දින තව තවත් ළගා වෙනවා.