අපි හැමෝටම ජීවිතයේ හීන තියෙනවා.සමහර හීන හැබෑ වෙනවා.සමහර හීන හැමදාම හීන විදියටම තිබිලා මැකිලා යනවා.ඒ දේවල් කොහොම උනත් අපිට තියෙන සමහරක් හීන හැබෑ වෙන නොවෙන එක තීරනය වෙන්නේ අප මතින්මයි.ඉතින් GGSLK අපිටත් තිබ්බා හීනයක්.හැබැයි දැන් නම් ඒක හීනයක් නොවෙයි.ඒක හැබෑ උනු හීනයක්.

පසුගිය සැප්තැම්බර් මස 15 වෙනිදා,Dialog Axiata Auditorium හිදී Global Geek Sustainable Learning Kingdom (GGSLK) සහ Google Crowdsource Sri Lanka එක්ව සංවිධානය කරපු සාර්ථක වැඩසටහනක අවසානය දක්නට ලැබුණා.ඒ තමයි Inspiro Camp 2k18.

Event එකට main sponsors ල වුනේ Bhasha Lanka (PVT) Limited ආයතනය.ඒ වගේම event එකට අවශ්‍ය location එක ලබා දීපු Dialog Gaming Unit එකත් මතක් කල යුතුමයි.ඉතින් ඒ අපුරු Event එක ඒ විදියට අවසන් වෙද්දී GGSLK අපි හිතුවා ඒ ගැන පුංචි මතක සටහනක් මේ විදියට අකුරු කරන්න.

මේ Inspiro Camp 2k18 ගැන..

Registration ආරම්භ වුනේ උදේ 9ට. Invitation ආපු හැමෝටම තමන්ගේ invitation එකේ තිබුණු QR Code එක Inspiro Camp වෙනුවෙන්ම නිර්මාණය වුනු විශේෂ ඇප් එකට යොමු කරලා තමයි register කලේ.ඒ විදියට participants ල register වෙද්දී hall එක ඇතුලින් එයාලගේ නම කියල welcome කරන්නත් Bhasha එකෙහි යෙදවුම් නිර්මකරුවන්  අමතක කලේ නෑ.මේ දේවල් Tech event එකකට මුල්ම වතාවට හදුන්ව දෙන්න ලැබුණු එකත් ඇත්තටම අපිට ආඩම්බරයක් වගේම GGSLK අපගේ උත්සාහයට භාෂා ආයතනයෙන් ලබාදුන් නව හයියක් .

ඉතින් ඒ විතරක් නොවෙයි Registration වෙද්දී Golden ticket එකට අමතරව ආපු හැමෝටම ලස්සන stickers ගොඩකුත්,tshirt එකකුත් තව welcome snack එකකුත් ලැබුණා.ඇත්තටම මේ සුවිශේෂී event එක සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ 120ක් වගේ පිරිසකට.අන්න ඒ නිසාම event එක miss වෙන හැමෝම වෙනුවෙන් live broadcast එකක් ලබා දෙන්නත් GGSLK Media අමතක කලේ නෑ .තවමත් ඔයාට හැකියාව තියෙනවා මේ ලින්ක් එකෙන් recording එක බලන්න.

 

මේ අතර ඔබට ලිවිය යුතු වැදගත්ම දේ තමයි event එකේ content එක.ආපු හැමදෙනෙක්වම inspire කරපු ඒ content එක නිර්මාණය වෙන්නේ GGSLK Team Leader, Thishan Rasangike ඇතුළු කණ්ඩායම තුලින්.

Agenda එකට අනුව welcome speech එක සිදුකලේ GGSLK Media Coordinator Tharindu Abeysekara.

ඉන් අනතුරුව introduction to google crowd source යටතේ ඉදිරිපත් කිරීමක් GGSLK Program Manager Azkar Maulana විසින් සිදුකරනු ලැබුවා.

මීලගට එදා දවසේ පළමු speaker , අපි හැමෝම අතරම ප්‍රසිද්ධ Mr.Keshan Sodimana විසින් “How Tech Giants Approach the low resource problem” යටතේ අපේ audience එක inspire කරන්නට සමත් වුණා.

දෙවන Speaker! ඔහු Senior Lecturer කෙනෙක්,ඒ වගේම ඉතාමත් ප්‍රසිද්ධ Youtuber කෙනෙක්.ඒ තමයි Mr.Malinda Alahakoon.ඉතින් එදා දවස තුල ඔහු විසින් Future of AI පිළිබද හරි අපුරු කතාවක් සිදු කලා.එම කතාව තුලින් මුළු audience එකටම machine learning සහ ඒ හා බැදුණු AI හි Future එක ගැන ලොකු දැනුමක් ලැබුණු බවනම් නොරහසක්.ඒ වගේම බොහෝ දෙනෙක් ට ඒ ගැන තවදුරටත් සොයන්න,ඉගෙනගන්න හිතෙන්න ඇතියි කියලා අපි විශ්වාස කරනවා.

මීලගට ලැබුණු පොඩි විවේකයෙන් අනතුරුව Bhasha ආයතනයෙන් Sanoj සහ karvin විසින් Building a Successful Digital Product කියන topic එකෙන් අපේ audience එක දැනුවත් කරන්න සමත් වුණා.

ඉන් අනතුරුව Head of Dialog Gaming Service, Mr.Supun Jayasinghe විසින් Dialog Gaming Service එක පිළිබද ඉතා වටිනා අදහස් කිහිපයක්ම හුවමාරු කරගත්තා.Gaming වලට interest අයට මේ තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

අද වෙනකොට තියෙන ඉතා trending topic එකක් තමයි IOT කියලා කියන්නේ.ඉතින් Inspiro Camp 2k18 තුලින් Chathura සහ Sabri විසින් මේ ගැන ඉතාමත් පැහැදිලිව පැහැදිලි කරලා දෙන්නට යෙදුණා.

Products create කලාට ඒවායින් හම්බකරන්නේ කොහොමද කියන එක අපි බොහෝ දෙනෙක්ට ගැටළුවක්.අන්න ඒ නිසාම Monetizing your product කියන ඉතාම වැදගත් topic එක ගැනත් එදින කතා බහ කරන්නට යෙදුණා.

ඉන් අනතුරුව යෙදිලා තිබූණේ Inspiro Camp 2k18  හි අවසන් අංගය.දවසේ 3rd speaker.ඒ තමයි භාෂා ආයතනයේ ප්‍රධානි ධනික පෙරේරා.ඒ ඉතාමත් interesting topic එකක් වුණු challenging the status core කියන topic එක.හරිම interesting session එකක් විදියට ඒ session එක අවසන් වෙනකොට කට්ටිය හැමෝම හොදටම inspire වෙලා තිබුණු බව තමයි අපිටනම් පෙනුනේ.

ඉන් අනතුරුව GGSLK Team එකේ Chief technology Officer Leader Chamod Sandaru විසින් ස්තුතියි කතාව සිදු කලා.

Inspiro Camp 2k18 ඒ විදියට අවසන් වෙද්දී ආපු හැමෝටම පොඩි surprise එකකුත් දෙන්න අපිට පුළුවන් වුනා.ඒ තමයි ආපු හැමෝගෙම photo එකක් print කරපු පොඩි ලස්සන souvnier එකක්.

ඉතින් අපි විශ්වාස කරනවා Inspiro Camp 2k18 හැමදාම ඔබේ මතකයේ රැදෙන දවසක් බවට පත් කරන්න GGSLK අපි සමත් වෙන්න ඇතියි කියලා.

අවසන් වශයෙන් සදහන් කරන්නම් තවත් පොඩි දෙයක්.GGSLK Team එක වගේම නම් සදහන් නොකරත් inspiro camp මේ තාක් සාර්ථක කරගන්න අපට උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි.මේ වසරේ inspiro camp 2k18 සමග සම්බන්ධ වෙන්න අවස්ථාවක් නොලැබුනානම් කණගාටු වෙන්න එපා. ඔයාට පුළුවන් inspiro camp 2k19 සමග අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.ඉතින් ඒ සදහා GGSLK Page එකත් එක්ක නිතර රැදිලා,අපේ article කියවන්නත්,ඒවායේ අඩුපාඩු සහ තව එකතු විය යුතු දේවල් අපිට කියන්නත් අපේ GGSLK youtube channel එක සමග රැදෙන්නත්, ඉදිරියේදී ඔබ වෙනුවෙන් ලොකු වෙනසක් සිදු කරන්නට ඉන්න GGSLK Media සමග touch එකේ ඉන්නත් අමතක කරන්න එපා.

අපි අයෙමත් හමුවෙමු! inspiro camp 2k19 සමගින්.