Instagram කියන්නේ මොකක්ද කියලා විශේෂයෙන් හදුන්වා දෙන්න අවශ්‍ය වන්නේ නැහැ. මොකද අද Facebook තුල සිටින සියලුම දෙනා වගේ Instagram හාරහා ද අපට දැක ගන්න පුළුවන්. Facebook තුල මිතුරන්ට request දානවා වෙනුවට Instagram තුල මිතුරන් follow කරීම සිදු කරනු ලබනවා. අද වන විට  විශාල පරිශීලක පිරිසකගෙන්  යුත් Instagram ප්‍රධාන පෙලේ සමාජ ජාලයක් බවට පත්වී තිබීම වැදගත් කරුණක්. ඒ නිසා පරිශීලකයන්ගේ දත්ත අවහිර කිරීම සඳහා එය භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ  නැහැ. මේ වනවිට Instagram සඳහා new features එකතු වෙමින් පවතිනවා. ටික දිනකට පෙර Tech crunch විසින් Data Download tool එකක් හඳුන්වා දීම විශේෂත්වයක්.

Tech crunch විසින් Facebook වලට සමානව හදුන්වාදෙන මෙම Data Download tool මගින් ඔබගේ තොරතුරු විශේෂාංග Download කර ඔබට අවශ්‍ය වෙනත් network හරහා photos බෙදාහරින්න පුළුවන් බව දැන් අනාවරණය කරලා තියෙනවා. මේ නිසා ඔබට වෙනත් third party app අවශ්‍ය නොවේ. තවද Third party app භාවිතා කිරීම ඔබේ ආරක්ෂාවටත් බාධාවක් වනවා. මේ සඳහා Instagram හි privacy setting හරහා ඔබට පිවිසිය හැක. මෙමගින් පරිශීලකයන්ට තම ඡායාරූප, වීඩියෝ, සංරක්ෂිත කථා, ලිපි, තොරතුරු, විස්තර, සහ නොපැහැදිලි පණිවුඩ ආදිය නිර්යාත කිරීමට ඉඩ සලසයි. නමුත් ඔබගේ download වීම සුදානම් වීම සඳහා පැය කිහිපයක් ගත විය හැකිය.  Instagram හරහා Data Download tool සඳහා දැනට අන්තර්ජාලයේ සිටින සෑම කෙනෙකුටම ප්‍රවේශ  විය හැකි නමුත් IOS සහ Android හරහා පිවිසීම තවමත් සිදු වෙමින් පවතිනවා.

ඔබට Download කල හැකිදේ

ඔබ profile තොරතුරු, ඡායාරූප, වීඩියෝ,ඔබගේ පෝස්ට් සහ කතෘ සටහන්, ඔබේ upload කරන ලද සම්බන්ධතා, ඔබ follow කරන අය   සහ ඔබ follow කරන අයගේ  username, සෘජු පණිවිඩ, non-ephemeral  සෘජු පණිවුඩ, ඡායාරූප සහ වීඩියෝ, comments, like, searches සහ settings.

යුරෝපා සංගමයේ GDPR රහස් නීතියේ දත්ත සම්ප්‍රේෂණ නීතියට අනුව මැයි 25 දින Instagram සඳහා මෙම මෙවලම දියත් කිරීමට නියමිතයි. මිලියන 800 ක් පමණ භාවිතා කරන ප්‍රධාන පෙළේ සමාජ ජාලයක් වන Instagram හි පරිශීලකයන්ගේ දත්ත අවහිර කිරීම අවශ්‍ය නොයන බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ.

මෙම link එක හරහා ඔබට Data Download tool වෙත පිවිසෙන ආකාරය වැඩිදුරටත්..

Source:

https://techcrunch.com/2018/04/24/instagram-export/