ඊයේ Instagram වලින් දැනුම් දීමක් කරනු ලැබුවා ඔබටත් ඔබේ මිතුරන් mute කරන්න පුළුවන්. මේකෙදි mute කරනවා කියල සිද්ද වෙන්නේ ඔබගේත් මිතුරගේත් friendship එකට මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඔබට අනවශ්‍ය මිතුරන් ඔබේ feed එකට පැමිණීමෙන් වැළකෙනවා. හිතන්න ඔබේ මිතුරත් ඉවරයක් නැතුව photos දාන කෙනෙක්ද, නැත්නම් videos දාන කෙනෙක්ද ඔබ මේවා feed එකේ බලනකොට වෙන දෙයක් බලන්න වෙන්නේ නැද්ද? අන්න එහෙනම් ඔබටයි මේ විසදුම ඇවිත් තියෙන්නේ.

හොඳද නරකද?

හිතන්න ඔබේ මිතුරෙක් sexual content එකක් ඔහුගේ story එකට දාල කියල, ඔබට පහසුවෙන්ම මේක remove කරන්න පුළුවන් mute කිරීම මගින්. මේක හුගක්ම සුදුසු වෙන්නේ ඔබේ ලගින්ම ඉන්න මිතුරෙක්ට. මොකද ඔබට ඔහුව friendship එකෙන් අයින් කරන්නත් බැහැ. ඒත් ඔහු/ ඇයගේ contents බලන්නත් බැහැ. mute කලා කියලා ඔබට ඕනේ වෙලාවක ඔහුගේ profile එකට යන්න බැරි වෙන්නේ නැහැ. කලින් වගේම ඔහුගේ profile එකට ගිහින් විස්තර බලන්න පුළුවන්. හැබැයි ඔබට feed එකට ඔහුගේ විස්තර ලැබෙන්නේ නැහැ.

කෙනෙක් බය වෙන්න පුළුවන් මම කෙනෙක්ව mute කලාම අන්න අරයා ඔයාව mute කලා කියල notification එකක් යනවද දන්නේ නැහැ. එහෙම යනවනම් එහෙම ඒ යාලුකමත් ඉවරයි තමයි කියලා. ඔබට කිසිම විදියකින් බය වෙන්න දෙයක් නැහැ. ඔබේ phone එක අතට ගත්තොත් ඇරෙන්න කවදාවත් ඔහු හෝ ඇය දැනගන්නේ නැහැ ඔබ කරපු දේ! එතකොට මෙයා මාව post එකකට tag කලොත් ඒක එන්නේ නැහැ නේද? ඒක අනිවාර්යෙන්ම පෙන්වනවා, ඔබේ හා ඔබේ මිතුරාගේ යාළුකමට ප්‍රශ්නයක් වෙන්න Instagram ඉඩ තියන්නේ නැහැ.

සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සමාජ ජාලයන් mute කිරීම් කරනවා අඩුයි, ඒකට හේතුව තමයි ඔවුන්ගේ තත්වයට ඒක හරි නැති වීම. අනික් කාරණාව සමාජ ජාලයක් හැමතිස්සෙම උත්සහ කරන්නේ තමන්ගේ posts පුළුවන් තරම් ප්‍රමාණයක් පරිශීලකයා හට දෙන්න. නමුත් මේ Instagram ගත්ත පියවර අගය කරන්න ඕනේ, අපි සමාජ ජාලයකට ගියාම හැමතිස්සෙම උත්සහ කරන්නේ අලුත් යාලුවෝ එකතු කරගන්න, නමුත් මේ හැමදෙනාම කරන දේවල් ඇත්තටම අපිට වැදගත්ද? ඔබත් මම වගේ දේශපාලනය අප්‍රිය කරන කෙනෙක්නම් ඔබේ හොදම මිතුරෙක් හැමතිස්සෙම අදහස් ප්‍රකාශ කිරීමට දේශපාලනය යොදාගන්නවානම් ඔබට මොහොතක් සිතන්න ඔබේ feed එකේ ඔහුව දකින එක ඔබටම කරදරයක් වේවි. ඒ වගේ වෙලාවට මිතුරත් පරෙස්සම් කරගෙන ඔබටත් සමාජ ජාලය නිදහසේ විදින්න පහසුව Insta ඔබට ලබාදෙන්නේ.

නැවත හමුවෙමු….

Source : https://instagram-press.com/blog/2018/05/22/introducing-mute/