Technical Topics ගැන දැනගන්න interest එකක් තියන බොහෝ දෙනෙක් ඒ ගැන ඉගෙන ගන්න පටන් ගද්දි ඒ අයට එන ලොකුම ගැටලුවක් තමයි ඒ දේවල් ගැන ඉතා සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කියලා දෙන sources අඩු එක. තත්වය මේ වගේ තියෙද්දී මේ දේවල් කතන්දරයක් විදිහට videos ත් use කරලා හරි අපූර්ව විදිහට කියලා දෙන article ගොඩක එකතුවක් තමයි මේ Microsoft story labs කියලා තියෙන්නේ!

Explanimators කියලා මෙහි තිබෙන විශේෂ category එක තුලින් අද වෙනකොට ගෝලීය වශයෙන් බොහෝ දෙනෙක් කථා බහට ලක්වෙන ගොඩක් hit වෙච්ච topics ගැන විස්තර දැනගන්න පුළුවන්.

මේ තියෙන්නේ ඒ වගේ topics ටිකක්.

The Animated Guide to Quantum Computing

  • Quantum Computing
  • Blockchain
  • Machine Reading
  • Mixed Reality
  • Internet of Things

  • Artificial Intelligence

More episodes coming soon!

මේ topics දැකපු ගමන් අපිට තේරෙනවා මේවා හරිම trending topics කියලා.Microsoft Story Labs වල Explanimators තුලින් මේ ගැන හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදියට කියල දෙනවා.

Microsoft Story labs අපට බොහෝ සමීප වීමට හේතුවක් තමයි මෙම topics ගැන කියලා දෙන්න යොදාගන්න examples Microsoft product ආශ්‍රිතව යොදා ගෙන තිබීම.

Explanimators වලට අමතරව තවත් category කිහිපයක් මෙහි ඇතුළත්.එයින් එකක් තමයි tech ලෝකයේ පෙරළිකාර සිදුවීම ඇති කරන්නට මුලික වුනු චරිත ගැන profile කියන එක යටතේ තිබෙන stories.මේ තුලින් ඔවුන්ගේ profile එක ගැන පමණක් නොවෙයි ඔවුන් විසින් සොයාගත් දේවල් ගැනත් හරිම interesting විදිහට සදහන් කරලා තිබෙනවා.

මේ කිහිපයක් විතරයි.මේ වගේ තවත් බොහෝ profile ගැන මෙහි අන්තර්ගත වෙනවා.

තවත් features තියන එක යටතේ Microsoft මුලිකත්වයෙන් සොයාගන්නට යෙදුන නවතම features වල stories මේ තුල ගැබ්ව තිබෙනවා. මේ article බලද්දී වැටහෙන්නේ නම් special writer කෙනෙක් නැති බව.නමුත් මේ හැමදෙයක්ම Microsoft මුලිකත්වයෙන් සිදු කෙරෙන බව පැහැදිලියි.

Microsoft Story Labs ගැන පුංචි හැදින්වීමක් තමයි මේ තියෙන්නේ.ඉස්සරහට අපි සුදානම් මෙහි තියෙන stories ගැන තවත් බොහෝ විස්තර ඔබට ලියන්න.එහෙනම් ඒ stories එක්ක ඉදිරියේදී හමුවෙනකම් මේ තියන videos බලල ඔයාලට පුළුවන් වෙයි මේ ගැන තව දුරටත් වටහා ගන්න.