මැයි මාසය කියන්නේ වසරක බොහොම ලස්සන මාසයක්. හැබැයි IT field එකේ කට්ටියට මැයි මාසේ කිවුව ගමන් මතක් වෙන්නේ Google I/O. ඔබ දන්නවා Microsoft එකෙන් හැම වසරකම තියනවා Microsoft Build. නමුත් ඔබ කවදාවත් යාළුවෙක්ගෙන් අහනවද මචන් Microsoft Build එක කවද්ද කියලා. ඒත් මගේ යාලුවෝ හැමෝම වගේ කියන්නේ, IO නම් කොහොම හරි යන්න ඕනේ. invitation එකක් එන්නේ නෑනේ බන් අපිට. ඔන්න ඔය තරම්ම අපි Google IO අපේ ජීවිතේට ලං වෙලා තියෙන්නේ. මේ අවුරුද්දෙනම් මැයි මාසය ලංකාවට ලස්සන මාසයක් වුනේ නැහැ. ආයෙත් පාරක් අවුරුදු 30ක් තිස්සේ තිබ්බ සිවිල් යුද්ධය සිහිගන්වමින් ගෙවුන කාලයක් කීවොත් ඒක අතිශයෝක්තියක් වෙන්නේ නැහැ.

කැම්පස් ගියපු පලවෙනි අවුරුද්දේ apply කරලා යන්න ආවේ නැති වුනාට GDG එකේ සහ Dialog එකේ අයියලා අක්කලට පින්සිද්ධ වෙන්න අද වෙනකන් එකක්වත් මග අරින්නේ නැතුව උදේ වෙනකන් ඉඳලා ආපු අතීතයක් මටත් තිබුණා. කෙසේ වෙතත් රටේ තිබ්බ එක එක ප්‍රශ්න එක්ක මේ පාර Google IO Extended Sri Lanka event එක නොතියා ඉන්න යනවා කියන පණිවිඩයත් එක්ක දුක්මුසු හැඟීමක් ආවත්, පසුව දැනගන්න හම්බුණා Dialog ආයතනයේ සජීවී වැඩසටහනක් විදිහට පවත්වනවා කියන දේ.

මැයි මාසයේ පළවෙනිදා වෙද්දී ඔවුන් පැවසුවා event එක නොතබන බවත් ඒ වෙනුවට Exclusive Gift Pack එකක් ඔබට ලැබෙන බවත්, එය ලැබෙන සියල්ලන්ටම එය email හා messages මගින් දැනුම් දෙන බවත් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා. Event එක සජීවී විකාශන කිහිපයක්ම පැවතුණා. Dialog රුපවාහිනියේ channel අංක එක ඔස්සේ, Dialog MyTv හරහා වගේම Dialog Facebook Page එක හරහාත් ඒ වගේම thepapare.com හරහාත් විකාශය කෙරුණා.

ඔබට මතක ඇති එක වරක් අපි IO event එකේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී Sundar Pichai තමන්ගේ කතා බහ ආරම්භ කරද්දී කියුවා වැඩිම ගණනක් මෙවර IO සඳහා සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාවෙන් කියන කරුණ. මෙවරත් අග්නි දිග ආසියාව හා සම්බන්ධ රටවල් අතර විශාලතම IO වැඩසටහන එක්ක ඔබත් සජීවීව එකතු වෙන්නට ඇති.

මේ පාර Google IO Extended 2019 පැවැත්වුනේ Dialog, Ideamart හා GDG Sri Lanka දැවැන්තයන්ගේ අනුග්‍රහයෙන්. මේ වැඩසටහන ඒ විදිහට ආරම්භ වෙන්නේ ලංකාවේ Youtube දැවැන්තයන් දෙදෙනෙක් වේදිකාවට පැමිණීමෙන්. ඒ තමයි මලින්ද අලහකෝන් අයියා එක්ක Chanux Bro.

Malinda Alahakoon & Chanux Bro

හැම අවුරුද්දෙම පොඩි පොඩි ආටිකල් කෑලි ලියන කොල්ලෙක් විදිහට මේකට ගිය මම ගිය අව්රුද්දෙ මේකට ගියේ Google Crowdsource සාමාජිකයෙක් විදිහට. 2018 වසරේ වගේම 2017 වසරේත් සැහෙන ලස්සන බලපු මම, ඔබ වගේම මේ අවුරුද්දෙත් මෙය නොවරදවා බලන්න හිතපු කෙනෙක්.

මේ පාර IO Extended රසවත් කරන්න වේදිකාවට ගොඩ වුනේ අපේ 21 වන සියවසේ අයිතිකාරයන් පිරිසක්. ඒ භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, සනුක වික්‍රමසිංහ සහ ස්ටෙෆනි. කවදාවත් කාලය කොතරම් ගත වුනත් හඬ වයසට යන්නේ නැහැ කියන්න හොඳම උදාහරණය භාතිය සන්තුෂ් යුගලය. මීළඟට IO Extended වේදිකාවට ගොඩ වුනේ ලංකාවේ හොඳම ව්‍යවසායකයා වුනු Bhasha සමාගමේ ධනික පෙරේරා මහත්මයා. ජිවිතේ මුහුණට හම්බුනු දැකපු ලොකු චරිත අතරින් දැකපු නිහතමනිම චරිතය විදියට ධනික අයියා හඳුන්වා දෙන්න පුළුවන්.

Image may contain: 3 people, including Dhanika Perera, people smiling, people on stage
Dhanika Perera, Malinda Alahakoon & Chanux Bro

මීළඟට IO වේදිකාව කරා පැමිණෙන්නේ Arimac ආයතනයේ නිර්මාතෘ වුනු චමීර ජයසිංහ. බොහොම පොඩි තැනකින් ගමන ආරම්භ කරලා අප්‍රතිහත ධෛර්යය මත ඉදිරියට ආපු මේ දැවැන්ත චරිතය තමන්ගේ අත්දැකීම් හා ආකල්ප කතා බහට එකතු කළා.

බොහොම රසවත් හරවත් කතා බහ සහ සංගීත රසාස්වාද වැඩසටහන් ගණනාවක් ඔස්සේ ගමන් කරපු වැඩසටහන, වැඩසටහනට අදාලව ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීලා ජයග්‍රහණය කල සියලු දෙනා මේ වෙද්දී නම් කරලා අවසන් කරලා අති සාර්ථකව වැඩසටහන නිමාවට පත් වුණා. වැඩසටහන ආරම්භ කරන මොහොතේ සිට ඔබේ අතට ඔබේ T Shirt එක ලබෙනකන්ම මේ සැහෙන ලොකු වැඩසටහනක් මේක. මේකේ මුල ඉදන්ම මහන්සි වුනු Dialog කණ්ඩායමට, Ideamart කණ්ඩායමට විශේෂයෙන් සහ GDG Sri Lanka දැවැන්තයන්ට විශේෂ ස්තුතියක් එක්කරන්න GGSLK පුංචි අපි කැමතියි.

නැවත හමුවෙමු…