Fuchsia

Fuchsia කියන්නේ Google සමාගමේ නව ව්‍යාපෘතියක් වන අතර මෙය ඇත්තටම මෙහෙයුම් පද්ධතියක්.

ඇත්තටම ගුගල් සමාගම මේ වන විට Android මෙහෙයුම් පද්ධතිය හා Chrome මෙහෙයුම් පද්ධතිය නිපදවා තිබුනද මේ වනවිට අලුත් Google මෙහෙයුම් පද්ධතිය වන Fuchsia පාරිභෝගිකයන් අතට පත් කරන්න ලහි ලහියේ කටයුතු සුදානම් වන බවක් තමයි පේන්න තියෙන්නේ .
මේ Fuchsia OS ගැන විපරමට ලක් කරන්න ප්‍රථම Android OS හා Chrome OS එක ගැන විමසුමක් කරලා බලමු .
Android OS හා Chrome OS හි තාක්ෂනය පිළිබද කතාකරන විට මේ දෙක සදහාම යොදාගෙන තියෙන්නේ නම් ලිනක්ස් ක(ර්)නලය(Linux Kernel) .

Chrome OS

Chrome OS ගැන කතාකිරිමෙදී මෙය පදනම් වෙලා තියෙන්නේ Linux Kernel මත වීම හා මෙම මෙහෙයුම් පද්ධතිය ධාවනය වන්නේ Chromebooks, Chromeboxes, Chromebits, Chromebase තුල විම විශේෂත්වයක්.මෙහි ආරම්භය 2011 වසරේ ජුනි මස 15 වන දින සිදුවූ අතර වර්තමානය වන විටත් නොනවත්වා යාවත්කාලින වන මෙහෙයුම් පද්ධතියක් ලෙස හදුනා ගන්න පුළුවන්.තවද මෙය අතුරු මුහුණත් සදහා WIMP(Windows , Icons , Menus , Pointer) යන සංකල්පය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර් තාක්ෂනය යොදා ගැනීම සිදු කරනවා.{තව දුරටත් }

Android OS

එතකොට කොයි කව්රුත් දන්නා පරිදි Android OS කියන්නේ නම් මුල් කාලීනව ජංගම දුරකථන සදහා විශේෂ වූ මෙහෙයුම් පද්ධතියක් වුවද මේ වනවිට ඩෙස්ක්ටොප් පරිගණක සදහාද අනුවාදයන් පවතිනවා. Android OS එකද Linux Kernel මත පදනම් වෙලා නිර්මාණය වෙලා තියෙනවා.කෙසේ වෙතත් දියුණු වන ලෝකයට ගැලපෙන ආකාරයෙන් මෙම මෙහෙයුම් පද්ධතිය වෙනස් වෙමින් පවතිනවා .{තව දුරටත්}
එතකොට මොකක්ද මේ Google සමාගමෙන් ලහි ලහියේ මේ වනවිට සුදානම් කරන මෙහෙයුම් පද්ධතිය .ඒ තමයි Fuchsia OS එක .මෙය කලින් සදහන් කල Android OS හා Chrome OS මෙන් නොවන අතර මේ සදහා යොදාගෙන තින්නේ Microkernel කියන තාක්ෂණයයි. {තව දුරටත් }
Google සමාගමට මෙම අලුත් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරිමේ මුලික අරමුණ වෙලා තියෙන්නේ Internet of things (IoT) තාක්ෂනය .මේ හරහා Google පාරිභෝගිකයන් හට උපරිම තාක්ෂණයක් මෙන්ම උපයෝගිතාවයක් ලබාදෙන්න කටයුතු සුදානම් බවයි ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ .
දැනට මෙම මෙහෙයුම් පද්ධතිය සංවර්ධක අවධියේ පසුවන අතර මෙය සංවර්ධකයන් හට GitHub හරහා ඉංග්‍රීසි අනුවාදය ලබාගැනීම සිදු කරන්න පුළුවන් .{බාගත කරන්න}
Fuchsia OS නිර්මාණය සදහා පදනම් වෙලා තියෙන්නේ C,C++,Rust ,Go හා Python යන වැඩසටහන්කරණ භාෂාවන්ය.මෙම මෙහෙයුම් පද්ධතිය ජංගම හා ඩෙස්ක්ටොප් අනුවාදයන් නිකුත් කෙරෙනු ඇතැයි විශවාස කිරීමට පිළිවනි .
මේ වන විට නිකුත් කර ඇති අනුවාදයන්ගේ අතුරුමුහුණත් පහත පරිදි වේ .