Julian Assange කියන්නේ Wikileaks වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා. මොහුගේ මේ වෙබ් අඩවිය ලෝකයේ හුඟක් රජයන් වල අඳුරු පැත්ත එලියට පෙන්වන්න සමත් වුනු වෙබ් අඩවියක් වුනා. ඒ වගේම බොහෝ රටවල් වල ඝාතන ලැයිස්තු වල, අද මැරෙයි, හෙට මැරෙයි කියන අයගෙන් මේ Julian Assange උඩින්ම ඉන්න කෙනෙක්. ඇත්තටම Wikileaks කියන්නේ international non-profit organization එකක්. මෙයාල විස්තර ගන්න sources ගැන කව්රුත්ම දන්නේ නැතත් මේ වෙබ් අඩවියේ පලවෙන ලිපි එක්ක ලෝකයේ රටවල් බියෙන් සලිත වෙනවා කියන කරුණ නම් සත්‍යයක්.

2006 වසරේදී ආරම්භ වුනු මේ වෙබ් අඩවිය ආරම්භ වෙන්නේ 2006 වසරේදී. අයිස්ලන්තයේ Sunshine Press ආයතනය තමයි මෙය ආරම්භ වෙන්න මුලික වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ක්‍රියාකාරී සමාජ වේදියෙක් වුනු Julian Assange මෙහි නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂක විදිහට පිලිගන්නවා. 2018 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙහි editor-in-chief විදිහට වැඩ කටයුතු කරන්නේ Kristinn Hrafnsson විසින්.

ඇත්තටම Wikileaks ලෝකයට දුන්නේ අමුතුම කරුණු. තවත් විදිහකට කිවොත් Wikileaks කියන්නේ රජුන් තනන්නෙක්. ඔවුන්ගේ මුල්ම ප්‍රසිද්ධියට පත් වුනු කාරණාව වෙන්නේ Afghanistan War එකට යොදවපු මුදල් වියදම් වුන විදිහ ගැන කතා කරපු documentary එක. ඒ වගේම කෙන්යාවේ මුදල් නාස්තිය ගැන කතා කරපු documentary එක. 2007දී Baghdad වලට එල්ල වුනු ඇමරිකන් ගුවන් ප්‍රහාර ගැන කතා කරපු සාක්ෂි වගේ දරුණු සිද්ධීන් Wikileaksට ලෝකය පුරාම සතුරන් නිර්මාණය කළා. Afgan War Diary වගේම Iraq War Logs වගේ යුද්ධ ගැන ඉදිරිපත් වුනු යුධ සටහන්, Wikileaks ඇමරිකාවේ නිල සතුරෙක් බවට පත් කළා කිවොත් නිවැරදියි. ඒ වගේම US State Department එකට යවපු cable පණිවිඩ 15000කට අධික ප්‍රමාණයක් ඔවුන් විසින් නිකුත් කළා. මේ අතරේ ලංකාවේ 30 වසරක පැවතුනු යුද්ධය ගැන ලියවුනු පණිවිඩ පවා තිබුනා කියන එක ප්‍රසිද්ධ රහසක්.


Gun camera footage of the airstrike of 12 July 2007 in Baghdad, showing the slaying of Namir Noor-Eldeen and a dozen other civilians by a US helicopter.

ලෝකයේ සිදු වුනු බල පෙරලි ගණනාවකට සම්බන්ධ වුනු Wikileaks හි Founder වුනු Julian Assange සිරගත කරනවා පසුගිය දවසක. කෙසේ නමුත් ලෝකයේ යම් ජනමාධ්‍ය තිබෙනවා ලෝකය වෙනස් කරන්නට උත්සහ කරන. සමාජ ජාලා වෙබ් අඩවි, ප්‍රවෘත්ති වෙබ් අඩවි අතර වැඩියෙන්ම ජනතාව අතරට ගිය වෙබ් අඩවියක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ලෝකයේ සිදුවෙන විවිධ අක්‍රමිකතා සමාජයට අරගෙන ගියපු සාර්ථකම වෙබ් අඩවියක් විදිහට Wikileaks වෙබ් අඩවිය මම දකිනවා…

නැවත හමුවෙමු…