Google ආයතනය විසින් දැනට ටික කාලයකට කලින් , තමන්ගේ ජංගම දුරකතන මාදිලිය වන Pixel වල නවතම Version එක , Pixel 2 හා Pixel 2 XL නමින් නිකුත් කරා. ඒ වගේම , මේවා නිකුත් වුනේ , නවතම ඇන්ඩ්‍රෝයිඩ් Version එක වන 8.0 Oreo සමගින්. බොහෝ පිරිසක් කැමති අලුත් වෙන තාක්ෂණික ලෝකයත් සමග යන්න. අන්න , ඒ නිසා , Pixel 2 හා Pixel 2 XL ජංගම දුරකතන වල තියේන Theme එක , තමන් ලග තියේන ජංගම දුරකතනයට ලබා ගන්න අවශ්‍ය නම් , Lawnchair කියන්නේ දැනට තියේන හොදම ක්‍රම වලින් එකක්.

Lawnchair කියන්නේ Launcher එකක්. ඒ වගේම දැනට වැඩි දියුණු කරමින් පවතිනවා. මේ Lawnchair Launcher එක , මේ පහල ලින්ක් එකේන් , Play Store එකේන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

#. Download Lawnchair Launcher From Play Store.

මෙහි තියේන විශේෂත්වය තමයි , ඔබට Home Screen එක ඕනැම විධියකට වෙනස් කරගන්න පුලුවන්. මෙහි ලබා දෙන Icons වලට අමතරව , ඔබ කැමති වෙනත් Icon Packs තිබේ නම් , ඒවාද ඔබට කිසිම අපහසුවක් නැතුව භාවිතා කරන්න පුලුවන්. තමන් කැමති ඕනැම ආකාරයකට ප්‍රමාණයන් , වර්ණයන් , Opacity , Blur යනාදි තවත් බොහෝ දේවල් වෙනස් කරගන්න පුලුවන්.
ඒ වගේම , මෙහි තියේන තවත් විශේෂත්වයක් තමයි Themes. ඒ කියන්නේ අපට අවශ්‍ය ආකාරයට Light , Dark හා Black කියන Themes වලින් එකක් යොදා ගන්න පුලුවන්. මේ Theme 3 , ඕනැම වේලාවක වෙනස් කරගන්නත් පුලුවන්. ඒ වගේම , සිත් ගන්න දේය තමයි , මේ Theme එක සියල්ලටම යොදා ගන්නේ නැතුව , තමන්ට අවශ්‍ය කරන තැනට විතරක් වුනත් යොදා ගැනිමේ හැකියාව තියේන්වා. එවැනි Settings වලින් කිපයක් පමණක් , මේ පහල පින්තුරයේන් පෙන්වා ඇත.

තවත් දේයක් තමයි , තමන්ට අවශ්ය පරිදි Google Search Bar හා Google Assistant තෝරගන්නත් පුලුවන්. මේ පහල පින්තුරයේන් පෙන්වා ඇත.

දැනට බොහෝ දෙනෙක් දන්න Nova , Substratum යනාදි Launcher තියේනව. නමුත් , ඒවාට වඩා මේ Launcher එක පහසුවෙන් , Stuck වෙන්නේ නැතුව භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම , මේ Nova වගේ Launcher වල , මුදල් ලබා දිල ගත යුතු , සමහර Features , මේ Lawnchair Launcher එකේ නොමිලේම ලබා දිල තියේනවා.

ඔබට , Lawnchair Launcher එකත් සමග Google Now භාවිතා කරන්න ඕන නම් , වෙනම Lawnfeed ලෙස හදුන්වන Add-On එකක් ඉන්ස්ටෝල් කරන්න වෙනවා. ඒම Lawnfeed Add-On එක මෙතනින් ලබා ගන්න. Play Store එකේන් , Lawnchair Launcher එක ඉන්ස්ටෝල් කරන් , ඊට පස්සේ Lawnfeed Add-On එක , ඔබේ ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

Lawnchair Launcher එකේ , Settings වලට යාමට Home Screen එක පොඩ්ඩක් තද කරන්ම ඉන්න. එවිට , මේ පහල පින්තුරයේ පෙන්වා ඇති පරිදි , Settings කියල දැක ගන්න පුලුවන්. දැන් ඉතින් , Settings වලට ගිහින් , තමන් කැමති විධියකට Lawnchair Launcher එක Customize කර ගන්නයි තියේන්නේ.