සුභ දවසක් කියලා පිලිගන්නවා UNIX දෙවෙනි ලිපියට.ඉතින් පලවෙනි එක නවත්තපු තැනින්ම පටන් ගන්නම්.(ඒක කියවන්න බැරි උනා නම්-Part1).ඉතින් අපි අන්තිමට කිව්වේ UNIX OS එක ප්‍රතිනිර්මාණය කරපු එක ගැන.

ඉතින් ඒ කාලේ වෙද්දී මේක හොදටම ජනප්‍රිය වෙලා තිබුන OS එක කිවුවොත් නිවැරැදියි.මොකද කියනවා නම් ඒ වෙනකොට විද්‍යාගාර,විශ්ව විද්‍යාලය පවා UNIX භාවිතා කරන්න පටන් අරන් තිබුනේ. 1980 දී මයික්‍රෝසොෆ්ට් සමාගම unix පාදක කරගෙන XENIX මෙහෙයුම් පද්දතිය නිර්මාණය කරනවා.Windows වල ආරම්‍භය වෙන්නෙත් මේ Xenix පද්දතිය තමා.ඉතින් මේ ව්දිහට මේ unix kernel එක යොදාගෙන ඇපල් සමාගම විසිනුත් මෙහෙයුම් පද්දතියක් නිර්මාණය කරනවා. NeXT කියලා හදුන්වපු මේ මෙහෙයුම් පද්දතිය තමා MacOS එකේ මූලාරම්භය වෙන්නේ.

මේ කාලේ වෙනකොට හැබැයි UNIX පද්ධතිය තිබුනේ වානිජ මට්ටමේ ව්‍යාපෘතියක් විදිහට.ඉතින් මේකට විසදුමක් විදිහට 1894 දී රිචර්ඩ් සොල්මන් විසින් FSF(Free Software Foundation) මගින් GNU(GNU is Not Unix) කියලා අලුත්ම විදිහට නිර්මාණයක් පටන් ගන්නවා.මේ ව්‍යාපෘතියේ අරමුණ වෙන්නේ unix වල නොමිලේ දෙන සංස්කරණයක් නිපදවීම.මෙතනදී නොමිලේ කියන එකෙන් සොල්මන් අදහස් කරේ මිනිස්සුන්ට තමන්ට කැමති විදිහට මෘදුකාංග භාවිතා කරන්න,වෙනස් කරන්න,නැවත බෙදාහරින්න අයිතිය ලැබෙන්න ඕනේ කියන එක.

කොහොම හරි මේ විදිහට FSF ආයතනය විසින් ආරම්භ කරපු ව්‍යාපෘතිය අතරමග නතර කරන්න වෙන්නේ මේ GNU පද්ධතියට kernel එකක් නිර්මාණය කරගන්න නොහැකි වන නිසා.

මේ විදිහට අත ඇරලා දාපු මේ ව්‍යාපෘතිය නැවත 1991 දී ආරම්භ කරන්නේ ලිනස් ටෝවල්ඩ්ස් විසින්.ඔහු මේ GNU ව්‍යාපෘතියට කෙර්නෙල් එකක් නිර්මාණය කරන්න පටන් ගන්නවා.ඒක ඔහු නම් කරන්නේ LINUX කියන නමින්.ඉතින් මේ විදිහට තමා අද අපි භාවිතා කරන ubuntu,kubuntu,fedora,arch,deepin වගේ OS වල ආරම්භය සනිටුහන් වෙන්නේ.

ඉතින් මේ වගේ විප්ලවීය නිර්මාණයකට මුල්පුරපු UNIX පද්දතියේ නිර්මාණකරුවන් වන කෙන් තොම්සන් සහ ඩෙනිස් රිචී යන දෙදෙනාට 1983 දී පරිඝණක විද්‍යාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ටූරිං ත්‍යාගය පවා ලැබෙනවා.

ඉතින් මේ විදිහට උනිx වල කතාංගය අවසන් වෙනවා.තවත් ලිපියකින් හමුවෙනකන් සමුගන්නම්.