මේ වසරේදී තම 20 වන සංවත්සරය සැමරූ Google සමාගම ගත වුණු වසර කීපය තුළ අපේ ජීවිත වලට ඇති කළ බලපෑම අතිමහත්. මේ නිසාවෙන්ම Google කියන්නේ අද වෙද්දී අපේ ජීවිත වලට නැතිවම බැරි සමීපතයෙක්!

සුවහසක් ලෝකවාසි පාරිභොගිකයන් හට හොඳම දේ ලබා දීමට නිතරම වෙහෙසෙන Google  සමාගම, 2018 වසර සඳහාත් නවතම හඳුන්වාදීම් පෙළක්ම සූදානම් කර ඇති බවට නොයෙකුත් අනාවැකි පළ වුණා. මේ බොහෝ අනාවැකි සත්‍යක් බවට පත් කරමින් ඉකුත් දා Google සමාගම මේ වසරට අදාළව ඔවුන්ගේ හඳුන්වාදීම් ලොකයා හමුවේ තැබුවා. ඒ නිව් යෝක් නුවර පැවති Made by Google 2018 හිදී.

හොඳම camera එකක් සමගින් එන භාවිතයට පහසු smart phone එක – Pixel 3, Tablet-Laptop hybrid එකක් විදියට ලෝකයා හමුවට එන Google Pixel Slate, smart speaker එකක් සහ display එකක් සමගින් එන Google Home Hub! ඔව්! මේ තමයි 2018 වසර සඳහා Google සමාගම වෙතින් ලොවට පිදෙන නවතම හඳුන්වාදීම පෙළ.

  • Smart Phone

මුලින්ම අපි බලමු Google අලුතින්ම හඳුනවලා දෙන smart phone එක ගැන. Made by Googleහිදී පැවසූ ආකාරයට Pixel 3 phone එක screen sizes දෙකකින් release වෙනවා.

5.5′ screen size එක සහිත phone එක Pixel 3 ලෙසත් 6.3′ screen size එක සහිත phone එක Pixel-3XL ලෙසත් තමයි නම් කරලා තියෙන්නේ. Pixel 3 phones එක්ක එන features විදියට autofocus සහිත12-megapixel camera එක, dual pixel face detection, OIS, EIS, සහ dual 8-megapixel front cameras හඳුනවා දෙන්න පුලුවන්.

මේ phone එකේ වැදගත්ම feature එක විදියට Google සමාගම highlight කරන්නේ high quality camera එක. Cameras වල machine learning algorithms නිසා රත්‍රියේ ගන්න photo එකක් වුණත් flasher එකක භාවිතයෙන් තොරව ඉතාමත්  පැහැදිලිව හොඳ  color combination එකක් සහිතව ගන්න පුලුවන් කියලා ඔවුන් සනාථ කරනවා.

මේ සඳහන් කළේ Pixel 3 phone එකේ සහ camera එකේ features කීපයක් ගැන විතරයි. AI උපයෝගි කරගෙන නිම වුණු වැඩි දියුණු කළ Google Assistant, Google Lense, Super Res Zoom වගේම  තවත් අපුරු features ගොඩාක් මේ phone එකත් සමගින් එන බව අමතක කරන්න එපා.

  • Google Pixel Slate

Google Pixel Slate! මීට පෙර Google සමාගම හඳුන්වා දුන් Google Pixel Book හි වැඩි දියුණුවක් ලෙස හඳුනවන්නත් පුලුවන්. ඉතාමත් දැකුම්කළු පහසුවෙන් පරිහරණය කළ හැකි නිර්මාණයක් ලෙස පාරිභෝගිකයන් අතට එන මෙය ඒ ආකාරයේ device එකකට අදාළව පැවතිය හැකි ඉහළම ගණයේ images ලබා දෙන බවයි පවසන්නේ. මෙහි එන dual front-firing speakers ඉතාමත් ඉහළ quality එකකින් යුත් sounds ලබා දෙන නිසා මේ device එකේ වටිනාකම තව තවත් වැඩි වෙන බව පැහැදිලියි.

ඒ විතරක් නෙවෙයි Google Pixel Slate එන්නේ 8MP front සහ rear cameras සමගිනුයි. මේ cameras දෙකම machine learning algorithms සමගින් එන නිසාවෙන් photos වල quality එක ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ.

  • Google Home Hub

Google විසින් 2018ට අදාළව හඳුන්වලා දුන්න අනෙක් device එක තමා Google Home Hub. මොකද්ද මේ Google Home Hub කියන්නේ? ඇත්තටම මේක නිවසක පරිහරණය සඳහා සුදුසු වෙන ආකාරයට නිර්මාණය කරපු බොහොම සුවිශේෂි features කීපයක්ම කැටි කරගත් device එකක්.

Google Search, Google Maps, Google Photos, Google Calendar සහ Youtube  කියන්නේ අපිට එදිනෙදා ජීවිතයට ඉතාමත් වැදගත් වෙන නිතරම use කරන්න සිදු වෙන සේවාවන් කීපයක්. මේ සේවාවන් සියල්ල ඉතාමත් පහසුවෙන් Home Hub එක හරහා use කරන්න Home Hub usersලාට  අවස්ථාව ලැබෙනවා.

මෙහි විශේෂත්වය තමයි මේ device  එක හරහා සැපයෙන මේ සේවාවන් සඳහා speech recognition feature එක එක් කරලා තිබීම. මේ හරහා device එකට කතා කරන අදාළ නිවසේ සමාජිකයා නිවැරදිව හඳුනාගෙන ඒ ඒ සමාජිකයාට අදාළ ලෙස respond කිරීමට මේ device එක හුරු කරන්නට පුලුවන්.

ඒ වගේම Home Hub සමගින් එන Ambient EQ feature එක ගැනත් සඳහන් කළ යුතුමයි. තවත් අපූරු feature එකක්! device එක පවතින පරිසරයේ අලෝක තත්වයට ගැළපෙන ලෙස display එකේ brightness auto set කරන්න මේ feature එකට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවේ රාත්‍රිය උදා වෙනවාත් එක්කම device එක auto switch off වෙන විදියට මේ device එක නිර්මාණය කරලා තියනවා කියලාත් Google සමාගම ප්‍රකාශයට පත් කළා.

මේ device එක hub එකක් විදියට හඳුනවන්න තවත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි smart homes concept එකට අදාළව නිවසේ ක්‍රියාත්මක වෙන ඕනෑම smart device එකක් control කරන්න central point එකක් විදියටත් Home Hub එකට ක්‍රියා කරන්න පුලුවන්. ඊට අමතරව නිවසක තියන්න පුලුවන් හොඳම photo frame එක විදියටත් මේ home hub එක හඳුන්වන්න පුලුවන්. ඒ මේ සමගින් එන live album sharing feature එක නිසයි.

ඉතින් මේ විදියට Google සමාගම මේ වසරේදිත් ඉතාමත් අපූරු සිත් ඇද ගන්නා සුළු හඳුන්වාදීම් කීපයක්ම ලෝකයා හමුවේ තබා අවසන්. හැමදාමත් වගේම පාරිභෝගිකයන් බලාපොරොත්තු වන සේවාවන් ඔවුන් බලාපොරොත්තු වෙනවාටත් වඩා උසස් තත්වයකින් ඔවුන් හට ලබා දෙන්නට Google සමාගම කටයුතු කර ඇති බවට පැහැදිලියි. මේ හඳුන්වාදීම් ගැන තවදුරටත් විස්තර දැනගන්න Made by Google 2018 සම්පූර්ණ event එක බලන්නත් අමතක කරන්න එපා.

 

නැවත හමුවෙමු .