කෙනෙක් කියාවි කොහොමත් Disney තමයි චිත්‍රපටි ලෝකයේ රජු කියලා. Disney එක්ක කරට කර ඉදපු ප්‍රබල සමාගමක් තමයි Twenty-First Century Fox, Inc කියන්නෙත්. ඔබ හිතන්නේ මේ Twenty-First Century Fox ආයතනය කොච්චර මිලකට යටත් වෙනවා ඇතිද ? කොච්චර වටිනවා ඇතිද? දැනට එහි විකිණුම් මිල වෙලා තිබෙන්නේ $52.4 Billionක ප්‍රමාණයක්. Disney විසින් $52.4 Billion මුදලකට Twenty-First Century Fox  ආයතනය මිලට ගනු ලබනවා එම ආයතනයට අයත් Film හා TV studios සියල්ලම පාහේ මේ සඳහා ඇතුලත් වෙනවා. තවත් පැහැදිලි කරනවානම් FX හා National Geographic නාලිකා, ඒ වගේම අන්තර්ජාතික සේවාවන් සපයන Star TV හා Sky නාලිකාවන් පවා මිට ඇතුලත් වෙනවා. ඒ වගේම Hulu ආයතනයේ 30%ක ප්‍රමාණයක් Disney සතු වුණා, 30% Fox සතු වුණා. නමුත් Fox තමන්ගේ 30% Disney සමාගමට ලබාදීමත් සමඟම Disney එම ආයතනයේ 60%ක් සමඟ කොටස් වල බහුතරය හිමි කරගත්තා. මේ අනුව ඉතිරියෙන් 30%ක්ම Comcast සතුවෙනවා වගේම ඉතිරි 10% Time Warner ආයතනය සතුවෙනවා.

මේ ගනුදෙනුව අනුව Disney CEO Bob Iger විසින් 2021 දක්වා එම තනතුරේ කටයුතු කරනවා ඇති. මිට පෙර Iger විසින් ප්‍රකාශ කර තිබුනා ඔහු 2019 මැද භාගය වෙනවිට ක්ෂේත්‍රයෙන් සමුගන්න බව. නමුත් මේ පෙරළියත් සමඟ මේ තීරණය වෙනස් වී තිබෙනවා. මොන විදිහේ ආයතන ලබාගත්තත් 20th Century Fox’s film assets ගැන තමයි ඔවුන්ගේ අවධානය යොමු වුනේ. Deadpool ඒ වගේම X-Men වගේ Marvel universe characters මේ අනුව Disney සතු වෙනවා.

Deadpool චරිතයට පන පොවන Ryan Raynolds මේ පිළිබඳව දක්වපු twitter post එක මෙම ලින්කුවෙන් ඔබටත් බලන්නට පුළුවන්. කෙසේ නමුත් මේවනවිටත් Disney විසින් Hulu වල 60%ක්ම පාලනය කරන නිසා, Iger විසින් අනෙකුත් ආයෝජකයන්ට අනතුරු අඟවා තිබෙනවා Hulu කියන්නේ ගිලුණු නැවක් බව. ඔහුගේ අවශ්‍යතාවය Disney සතුවට එහි තනි අයිතිය ලබාගැනීම. දැනටමත් මිලියන 25කට වැඩි  subscribersල සිටින Hulu, Netflix ආයතනයේ සිටින හොඳම තරඟකරුවා කියන්න පුළුවන්.

අපි බලමු මේ නව කළමනාකාරිත්වය කොහොමද ඉදිරියට මේ ආයතන මෙහෙයවන්නේ කියලා.

නැවත හමුවේමු…