NB IOT කියන්නේ මොකක්ද කියලා දැනගන්න කලින් අපි බලමු මොනාටද IOT එහෙමත් නැත්නම් Internet Of Things කියන්නේ කියලා.සරලව කිව්වොත් එකිනෙකට interconnect වෙලා තියෙන devices network එකක් ගැනයි මේ කියන්නෙ.මේ devices නම් smoke sensor එකක්,heart beat sensor එකක්,phone එකක් වගේ පොඩි දේවල් වගේම වාහනයක්, එහෙමත් නැත්නම් ලොකු ගොඩනැගිල්ල​ක්,නගරයක් වෙන්නත් පුලුවන්.ගොඩක් වේලාවට smart කියන වචනෙන් පටන් ගන්න smart meter, smart bed, smart city බොහෝ දේ මේ IOT concept එක භාවිතා කරලා තියෙනවා.ඇත්තටම කිව්වොත් IOT වලින් කරන්න බැරි දෙයක් නැතිතරම්.ලොකු වියදමක් යනනෙත් නැති නිසා හොඳ අදහසක් තියෙනවානම් හැමොටම තියන ගැටලුවකට ගැලපෙන විසදුමක් IOT සංකල්පය​ භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන්.

IOT ගැන තව දුරටත් මෙය click කිරීමෙන් දැනගත හැක​.

එතකොට මොකක්ද මේ ළඟකදි ඉඳන් හැමෝම කථාවෙන NB IOT කියන්නෙ? උගතුන්ගේ මතය 2020 වනවිට ලෝකයේ බිලියන 26 කට වැඩි ප්‍රමාණයක් IOT සංකල්පය​ භාවිත කරන උපාංග​ බිහිවෙනවා කියන එක.තවදුරටත් මේ දේවල් වල දියුණුවට මේ interconnected devices සෙට් එකට සහය දිය හැකි wireless network එකක් අවශ්‍ය වෙනවා.අන්න එතැනදී NB IOT එහෙමත් නැත්නම් Narrow Band Internet Of Things අප අතරට එනවා.

මෙහි විශේෂ ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා.ඒ ලක්ෂණ එකින් එක මේ ව්දියට පෙළ ගස්වන්න පුලුවන්.

  • මෙහි භාවිතා කරන්නේ Low Power Wide Area Network තාක්ෂණය.
  • 3GPP Standard එකට අනූව මෙය සකසා තිබීම තවත් විශේෂත්වයක්.
  • බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම.
  • අඩු ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම.
  • යෙදවීම් වලට භාවිත කළ හැකි පරාසය පුළුල් වීම.
  • ගෝලීය වශයෙන් පිළිගැනීමක් තිබීම.

Huawei, Ericsson, Qualcomm සහ Vodafone වැනි සන්නිවේදන දැවැන්තයිනුත් NB IOT මිනිසුන් අතරට ගෙන යාමට සහය දක්වනවා.මොකද මේ හරහා වාසි රැසක් සැමට ම ලබා ගත හැකි බව ඔවුන් විශ්වාස කරනවා.පහුගිය දින කිහිපයේ මේ NB IOT ගැන නිතරම අහන්න ලැබුනේ ලංකාවට මේ device එක ප්‍රථම වරට හදුන්වා දීම මේ මෑතකදී සිදු වුණු නිසයි.