ලොව වැඩිම දෙනෙක් අතර ජනප්‍රිය Android පවුලේ නවතම version එක, එහෙමත් නැත්නම් Android 8.0 නම් කරලා තියෙන්නේ Android Oreo කියලයි. ඉතින් Android Oreo සමඟම පැමිණි auto fill, notification dots, picture-in-picture වගේ අලුත් features ගැන ඔබ දැනටමත් දැනුවත් ඇතිනේ. මෙම article එකෙන් කියන්න යන්නේ තවත් විශේෂ feature එකක් ගැන. ඒ තමයි “Turn on WiFi automatically”. එහෙමත් නැත්නම් ඔබ WiFi network එකකට ආවරණය වන කලාපයක සිටිනා සෑම අවස්ථාවකම ඔබේ Android device එකෙහි WiFi ස්වයංක්‍රීයව turn on වීමයි.

මේ feature එක සාමාන්‍යය WiFi settings feature එකෙන් වෙනස් වෙන්නේ කොහොමද? හිතන්න, ඔබ open WiFi access points බොහොමයකට ආවරණය වන ප්‍රදේශයක සිටිනවා කියලා. නමුත් මේ සියල්ලගේම සංඥා ලබාදීමේ quality එක එකම විදියට stable ව පවතින්න නුපුළුවන්. ඒ කියන්නේ low quality සහ high quality networks යන දෙකම පවතිනවා කියන එක. ඔබ මෙවැනි අවස්ථාවක WiFi ක්‍රියාත්මක කරලා තිබෙනවා නම් signals අඩු වැඩි වෙමින් සහ on/off වෙමින් පවතින්න පුළුවන්. ඒකාකාරීව සංඥා ලබාදීම සිදුවෙන්නේ නැහැ. මෙයින් device එකෙහි ආරෝපණය පවා අඩු වෙනවා. නමුත් Android Oreo සමඟ පැමිණි “Turn on WiFi automatically” feature එක මඟින් ඉතා වේගවත්, ස්ථායී access points වගේම ඔබ මීට පෙර frequently භාවිතා කල access points පවතිනවා නම් ඒවාට WiFi connection එක ලබා දෙනවා.

Android Oreo OS එක run වෙන සෑම device එකකම මේ feature එක තිබුනත් ඔවුන්ගේ Nexus 5X සහ Nexus 6P වලින් මේ feature එක ඉවත් කරලයි තියෙන්නේ. මේකට හරියටම හේතුවක් සඳහන් කරලත් නැහැ.

කෙසේ නමුත් ඔබට මේ ගැන තවදුරටත් කණගාටු වෙන්න අවශ්‍යය නැහැ. Nexus 5X සහ Nexus 6P පාවිච්චි කරන ඔබටත් දැන් මෙම feature එක ක්‍රියත්මක කරගන්න පහසු ක්‍රමයක් තිබෙනවා. කරන්න තියෙන්නේ මේ ටික. පහත පියවරවල් අනුගමනය කරන්න.

ප්‍රථමයෙන් ඔබ පහත අවශ්‍යතා සපුරාගෙන සිටිය යුතුයි.

  1. ඔබේ Nexus 5X/6P හි Android Oreo OS එක පැවතිය යුතුයි.
  2. ඔබේ Desktop හෝ Laptop පරිගණකයෙහි ADB(Android Debug Bridge) install කර තිබිය යුතුයි.
  3. ඔබේ Android device එක USB cable එකක ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කල යුතුයි.

දැන් අපි බලමු කොහොමද මේ feature එක enable කරගන්නේ කියලා

  1. ඔබේ Android Oreo device එකෙහි ADB debugging ක්‍රියාත්මක කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
  • Settings -> System -> About Phone -> Build Number
  • දැන් “You are a builder” කියලා pop up message එකක් ලැබෙන තුරු Build Number option එක tap කරන්න.
  • දැන් නැවත back කර Developer options වලට ගොස් Use Debugging කියන option එක on කරන්න.
  1. දැන් Command Prompt එක open කරලා පහත commands ලබා දෙන්න.
  • adb devices
  • මෙමඟින් connect වී තිබෙන android device එක verify කරගන්නවා. එවිට ඔබගේ device එකට එන alert message එකෙහි “Always allow from this computer” යන්න tap කර OK කරන්න.
  • සියල්ල නිසි පරිදි run වු පසු command prompt එක පහත පරිදි දිස් වේ.
  1. දැන් නැවත පහත commands type කරන්න.
  • adb shell
  • settings put global wifi_wakeup_available 1
  • settings put global wifi_enabled 1
  1. දැන් ඔබට Nexus 5X/6P Android Device එකෙහි Settings -> Wifi හි “Turn on Wifi” option එක දැක ගන්නට පුළුවනි.

 

  1. ඔබට මෙම feature එක disable කිරීමට අවශ්‍යය නම් ඉහත සියලුම පියවර ඒ අකාරයටම අනුගමනය කර commands type කිරීමේදී 1 වෙනුවට 0(zero) යොදන්න.
  • settings put global wifi_wakeup_available 0
  • settings put global wifi_enabled 0

Source: http://www.androidpolice.com/2017/09/09/tutorial-enable-android-oreos-turn-wifi-automatically-feature-nexus-5x6p/