Facebook කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන වෙබ් අඩවියක්. පසුගිය වසර පුරාවටම facebook සමාජ ජලයට එතරම් හොඳ වසරක් වුනේ නම් නැහැ. Mark Zuckerburgට අධිකරණය හමුවේ පවා පෙනී සිටීමට සිදු වුණා. දත්ත විකිණීම් ගැන ලෝකය පුරාම කතා කරන්න පටන් ගත්තා. Facebook සමාගම වැඩියෙන්ම අසරණ වුන වැඩසටහනක් වුනේ cambrige analytica සිද්ධිය. නමුත් අදත් අපිට ආයෙත් පාරක් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ දත්ත බිඳී යාමක් ගැන තමයි. මේ ගැන ඔවුන් තම developers.facebook.com හි බ්ලොග් අඩවිය තුල පහත මාතෘකාවෙන් යුක්ත වූ ලිපියක් දක්වනවා.

“Notifying our Developer Ecosystem about a Photo API Bug”

මේ මාතෘකාව කියවන කෙනෙක්ට තේරුම් යන්නේ නැහැ මොකක්ද මේ කියන්නේ කියන දේ. නමුත් ලිපිය කියවගෙන යන විට ඔබට තේරුම් ගන්න පුළුවන් facebook ආයතනය නැවත වරක් ඔබ ඇතුළු තවත් මිලියන 6.8ක් වුනු පාරිභෝගිකයන්ගේ දත්ත නැවත වරක් වෙනත් සමාගම් වලට විකුණලා කියන කාරණාව. ඔබ දන්නවා ඡායාරූපයක් ඔබ facebook වෙබ් අඩවියේ පල කරද්දී ඔබට පුළුවන් privacy settings හදන්න. මේ පිටතට ගිය සෑම ඡායාරුපයක්ම privacy සීමා කරන ලද ඡායාරූප. ඒ වගේම ඔබ stories වලට දමන ලද ඡායාරූප, ඒ වගේම upload කලත් ඔබ publish නොකරන ලද ඒවත් මේ ලබා දුන් දත්ත වලට අයත් වෙනවා. blog ලිපියේ මේ සිද්ධිය සිදුවූ දින වකවානු පවා ඇතුලත් කර තිබෙනවා. facebook මෘදුකාංග ඉංජිනේරුවන්ට අනුව සැප්තැම්බර් මාසයේ 12 සහ 25 අතර කාලයේ තමයි මේ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ. නමුත් ඔවුන් දෙසැම්බර් මාසය වෙනකන්ම මේ ගැන බල සිටියේ ඇයි කියන එකනම් තේරුම් ගන්න අමාරුයි.

මේ ගැටලුවට ඔබත් භාජනය වෙලා තිබෙනවානම් ඔබටත් facebook මගින් දැනුම් දීමක් ලැබේවි මෙන්න මේ විදිහට. ඔවුන් මේ විටත් ඔවුන්ට පවා access කල නොහැකි මේ ඡායාරුප විනාශ කරමින් සිටින බව තවදුරටත් සඳහන්. ඔබ විශ්වාස කරන්න මේ වන විටත් developersල 800කට වැඩි ප්‍රමාණයක්, apps 1500 ක්  හරහා ඔබේ දත්ත හුවමාරු කරන බව. Facebook මෙයට හේතුව විදිහට දක්වන්නේ ඔවුන්ගේ Photo API එකේ තිබුන ගැටළුවක්. අනික් වැදගත්ම හේතුව තමයි මේ අගතියට පත් වුනු සෑම user කෙනෙක්ම third party apps වලට facebook හරහා log වුන අය. ඒ apps වලින් කොහොම කිවත් ඔබේ දත්ත නිකුත් වෙන්නේ නැහැ කියලා, ඔබටම බලන්න පුළුවන් දත්ත පිටතට නිකුත් වෙන්න මේකත් මුලික හේතුවක්.

“We’re sorry this happened,” Tomer Bar, Facebook හි engineering director පැවසුවත්, මම කලින් ලිපියේ පැවසුවා වගේම දත්ත පිටතට නිකුත් වීමෙන් පසුව වෙබ් අඩවියට හෝ පාරිභෝගිකයාට සෙතක් සැලසෙන්නේ නැහැ. Facebook සහ එහි developersල අතර මිට වඩා පැහැදිලි සම්බන්ධතාවයක් පැවතිය යුතුයි යන කරුණ සෑම තැනින්ම කියවුන කාරණාවක්. 2018 වසර data breach වලින්ම ගෙවගත්ත facebook ආයතනයට ලබන වසර එසේ නොවේවා කියලා හිතමු අපි.

නැවත හමුවෙමු…

Sources :