ව්‍යාපාර 400ක් පමණ අයත් වන වර්ජීන් සමූහයේ නිර්මාතෘ සහ අයිතිකරු වන රිච්ර්ඞ් බ‍්‍රැන්සන් පිලිබඳව අප මෙම ලිපිනෙයන් කතා කරන්නෙමු.

1950 ජුලි මස 18 වන දින එංගලන්තයේ ලංඩන් නුවර උපත ලබන රිච්ර්ඞ් කුඩා කල සිටම නව අත්දැකීම් සහ ත‍්‍රාසයජනක හැසිරීම් වලට ප‍්‍රිය කරයි.ඔහුගේ ව්‍යවසායක දිවියේ සාර්ථකත්වයට ඉමහත් බලපෑම් ඇති කරන්නේ නව අත්දැකීම් ගැනීම සදහා තව තවත් ඔහු ප‍්‍රිය කරන නිසාමය.මෙම උත්සාහයන් විටෙක ඔහු මරණය අභියසට පවා ගෙනයයි.

Virgin Group founder Richard Branson speaks at the Institute of Directors annual convention in London September 18, 2013. REUTERS/Suzanne Plunkett/File Photo

”මා මට තාම පණ තියනවනේ මට මොනව හෝ කරන්න පුලූවන් යෙමාකක් හරි සිද්ද වෙන්නෙ නැතෑ ”

අවුරුදු 16 දී ශිෂ්‍යයා සඟරාව පළ කිරීමේ සිටම වරිජීන් සමාගම නිර්මාණය දක්වාම දැඩි කැපවීමකින් සහ ආත්මවිශ්වාසයකින් වැඩ කිරීමත් උත්සාහය අගය කොට සැලකීමත් ඔහු සතු වූ උසස් ගුණාංගයකි

විනෝදාංශ සදහා බොහෝ ඇලූම් කල රිචර්ඞ් සතුන් සමඟ ගැවසීම ලොව පුරා සංචරණය කිරීම එකිනෙකට උදව් කිරීම ත‍්‍රාසයජනක අත්දැකීම් ලැබීමට වෙහෙසීම මෙන්ම ලෝක වාර්තා තැබීමට ගත් උත්සාහයන්ද ඇත.

රිචර්ඞ් ගේ ජීවිතයේ සිදුවීම් කිහිපයක්

  • 1984 දී වරිජීන් අත්ලාන්තික් ගුවන් සේවය ආරම්භ කරයි
  • 1999 දී වර්ජීන් මොබයිල් එළිදැක්වීම
  • 2000 දී වර්ජීන් ඕස්ටේ‍්‍රලියා ආරම්භය
  • 2006 දී ලොව 6 වන ධනවත්ම පුද්ගලයා ලෙස නම් වීම
  • 2007 දී ඕස්ටේ‍්‍රලියානු මේක්පීස් දිවයින මිළට ගැනීම
  • 2007 දී එයාර්ඒශියා සමාගමේ කොටස් 20 ක් ගැනීම
  • 2010 දී වර්ජීන් හොටෙල් සේවය ආරම්භ කිරීම
  • 2017 දී හයිපලූන් වන්  ව්‍යාපෘතිය සදහා ආයෝජනය කිරීම

සාර්ථක ව්‍යාපාර වල හිමිකරුවකු වන රිචර්ඞ් ගේ ගොඩ නැගීම පිටුපස වර්ජීන් කෝලා වර්ජීන් කාර්ස් වර්ජීන් පබ්ලිශින් වර්ජීන්ක්ලෝතින්ග් වර්ජීන් බි‍්‍රඩෙස් වැනි අසාර්ථක වූ අවස්ථා ද නැතුවා නොවේ

රටවල් කිහිපයකම අතිශයින් සුන්දර දිවයින් කිහිපයක හිමිකරු වන රිචර්ඞ් විනෝදයට බොහෝ ප‍්‍රිය කරයි.

” විනෝද වන්න වැඩ කරන්න මහන්සි වන්න මුදල් ඒවි කාලය නොකන්න වාරය බදා ගන්න ජීවිත දැක්ම සුභවාදී නකර ගන්න ඵීනෝදය නැත්නම් එය සොයා ගන්න  ”

Richard general at Battleship office in March 2014

වීටෙක ඔහු බි‍්‍රතාන්‍ය දුම්රිය සේවය සමාගම සමග තරගයේ යෙදෙයි.එන සෑම අභියෝගයක් සදහාම මැනෙවින් මුහුණ දීමටත් ඒවා ශක්තිමත්ව වටහා ගැනීමටත්  තමා ලොව පුරා ලද සංචාරයක අත්දැකීම් ඉවහල් වූ බව ඔහු පවසයි.

” තබා ගන්න ඉහල අරමුණු අත්හදා බලන්න නවමු දේ උත්සාහ කරන්න නිතරම අභියෝග කරන්න ඔබට ”

“මම මා විශ්වාස කරන්නෙමි මම වැඩ කරන අත් මත සිතීමේ සිත් මත සහ ආදරය වගුරන හදවත් මත විශ්වාසය තබන්නෙමි ”

වයස කිසිවිටෙක ගැටලූවක් නොකරගන්නා රිචර්ඞ් පතම මවට මෙන්ම පවුලේ සාමාජිකයන් හට බොහෝ ඇලූම් කරයි.

කොතරම් ධනවත් වූවත් වයසින් වැඩි වූවත් ඔහු විශ‍්‍රාමබ නොයයි.

”මා ඉන්පසුව කරන්නේ කුමක්ද ”

ඔහු ප‍්‍රශ්න කරයි.

වෙහසවී වැඩ කිරීම තමාට ඉමහත් ජීවිත තෘප්තියක් ආස්වාදයක් ලබාදෙන බව ඔහුගේ මතයවේ.

ඔහු උත්සාහය අධිෂ්ඨානය මතින් ගොඩ නැගුනු තවත් එක් මිනිසෙකි.එය ඔබගේ ජීවිතයටද තවත් ආදර්ශයක් කරගන්න.