මේ මාතෘකාව ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ වගේම ඉතින් මේක සංවාදයට විවෘතයි. ඕනෑම කෙනෙක්ට මේකේ හරි වැරදි කතා කරන්න පුළුවන්. අද කතා කරන්නේ Samsung Galaxy S Series එකේ අවසන් දුරකථන තුන වුනු Samsung Galaxy S8, S9 සහ S10 දුරකථන පිළිබඳව.

2017 අවුරුද්දේ අප්‍රේල් කිට්ටුව release වුනු Samsung S8 දුරකථනය, ග්‍රෑම් 155ක බරකින් සහ 8 mm ඝනකමකින් යුක්ත වෙනවා. 1440 x 2960 pixels resolution එකක් දරන මේ දුරකතනයේ OS එක ආවේ Android 7.0 වුනු Nougat. ඒ Android 9.0 වුනත් update කරන්න පුළුවන් විදිහට. මේකේ RAM එක ගැන කතා කලොත් ඒක 4GB වෙනවා. ඒ වගේම internal memory එක 64GB ප්‍රමාණයකින් යුක්තයි. Camera ගැන කියනවානම් back cam එක 12MP හා front cam එක 8MP වෙනවා. Iris Scanner, Finger Print Scanner, accelerometer, gyro, proximity, compass, barometer, heart rate, SpO2 වගේ sensors වලින් සමන්විත S8 දුරකතනයේ Midnight Black, Orchid Gray, Arctic Silver, Coral Blue, Maple Gold, Rose Pink, Burgundy Red වගේ අමුතු අමුතු වර්ණ ගණනාවකින් සමන්විතයි.

Samsung Galaxy S8 review
https://cdn.gsmarena.com/imgroot/reviews/17/samsung-galaxy-s8/offic/-728/gsmarena_001.jpg
Samsung Galaxy S8 review
https://cdn.gsmarena.com/imgroot/reviews/17/samsung-galaxy-s8/lifestyle/-728w2/gsmarena_011.jpg

2018 වසරේ මාර්තු මාසයේ released වුනු Samsung S9 දුරකථනය, S 8 එකට වැඩිය බරෙන් වැඩියි. දුරකථන දෙකම Front/back glass (Gorilla Glass 5), aluminum frame නිසා ආරක්ෂාව හොඳයි. මේ දුරකථන දෙකේම Display type එක, Display size එක වගේම Resolution එකත් සමානයි. මෙයාගේ OS එක ආවේ Android 8.0 ඒ කියන්නේ Oreo. ඒ ඉතින් මෙයා release වුනු කාලයත් එක්ක සිද්ධ වුනු දෙයක්. Front Cam එකයි Back cam එකයි දෙකම, දුරකථන දෙකේම එකම විදිහට සමානයි. එහෙනම් මොනාද ඉතින් වෙනස්කම්? ලොකුම වෙනස්කම විදියට මම දකින්නේ sound එකේ quality එක. Loudspeaker වගේම Audio Quality එකත් සැහෙන ඉහල මට්ටමක තිබෙනවා S 9 වල.

Samsung Galaxy S9 review
https://cdn.gsmarena.com/imgroot/reviews/18/samsung-galaxy-s9/lifestyle/-728w2/gsmarena_018.jpg
Samsung Galaxy S9 review
Galaxy S9 and Galaxy S8

S10 එකත් එක්ක මේ දුරකථන දෙක සසඳන එක එච්චර සාර්ථක නොවුනත් පොඩි compare කිරීමක් කලොත් S 10 release වෙන්නේ 2019 මාර්තු මාසයේදී. S 9 වලට වැඩිය බරෙන් අඩු මේ දුරකතනයේ display size එක අඟල් 6.1 ක් වෙනවා. Resolution එකත් 1440 x 3040 pixels වගේ ඉහල මට්ටමක තමයි තිබෙන්නේ. කලින් දෙකේම RAM size එක 4GB වුනාට මෙයාගේ RAM එක 8GB වෙනවා. ඒ වගේමයි internal memory එකත් 128GB සහ 512GB විදිහේ කොටස් දෙකකට බෙදෙනවා. මෙයාගේ front cam එක එහෙමත් නැත්නම් selfie cam එක 10MP වෙනවා. කලින් දෙකේම Battery එක Non-removable Li-Ion 3000 mAh battery (11.55 Wh) විදියට වෙද්දී මෙයාගේ Battery එක Non-removable Li-Ion 3400 mAh battery එකක් විදිහට යම් සාර්ථක වර්ධනයක් පෙන්වනවා. Samsung S10 එකටම ආවේනික වුන දෙයක් තමයි Reverse wireless charging කියන්නේ. ඒ වගේම දුරකථනය සම්බන්ධ වුනු වර්ණ Prism White, Prism Black, Prism Green, Prism Blue, Canary Yellow, Flamingo Pink විදිහට වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේමයි අනික් දෙදෙනාටම වැඩිය මොහුගේ කැපීපෙනෙන වෙනසක් තිබෙනවා ඒ තමයි Loudspeaker සහ Audio වල තිබෙන quality එක.

Samsung Galaxy S10 review
https://cdn.gsmarena.com/imgroot/reviews/19/samsung-galaxy-s10/lifestyle/-728w2/gsmarena_011.jpg

Samsung Galaxy S10 review
https://cdn.gsmarena.com/imgroot/reviews/19/samsung-galaxy-s10/lifestyle/-728w2/gsmarena_017.jpg
Samsung
https://cdn.gsmarena.com/imgroot/reviews/19/samsung-galaxy-s10/aq/gsmarena_a001.png

පොඩි පැහැදිලි කිරීමක් කලේ මේවා අතරේ තිබෙන සමානකම් වෙනස්කම් මේ වගේ දේවල් ගැන. නැවත හමුවෙමු…

Source:
https://www.theverge.com/2019/2/21/18230041/samsung-galaxy-s10-vs-s8-s9-upgrade-specs-price-comparison-camera

https://www.gsmarena.com/compare.php3?idPhone1=8161&idPhone2=8966&idPhone3=9536

Featured Image: https://cdn.pocket-lint.com/r/s/970x/assets/images/143553-phones-vs-samsung-galaxy-s10-vs-s9-vs-s8-worth-the-upgrade-image1-lz6mgukx8r.jpg?v1