NSBM Green University හිදී තමයි 2017 වර්ශයේදී software freedom day වැඩසටහන පැවැත්වෙන්නේ.හරියටම සැප්තැම්බර් 16 වෙනිදා උදේ 9.30 ඉදන් සවස 4.30 වෙනකන් පැවැත්වුණු SFD වැඩසටහනට free and open source softwares සම්බන්දයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් බොහෝ දෙනෙක්ම එකතු වුණා.event එකේ organizing කටයුතු සිදු කලේ mozilla.lk සහ තවත් open source enthusiasts ලා රැසක්.

බොහෝම කාලීන ඒවගේම සමීප මතෘකා හරහා ඔවුන් 2017 sfd වැඩසටහන තුලින් තම දැනුම පැමිනි සිටි අය සමග බෙදා හදා ගත්තා.පසු ගිය වතාවේ sfd සමග එක්තු වුනු චරිත සහ ඔවුන් කතා බහ කරන්නට යෙදුනු මාතෘකා මේ විදියට දක්වන්න පුලුවන්!

“Bringing Software Freedom to Sri Lanka” සම්බන්දයෙන් Out Smart Hub ආයතනයේ Team Lead කෙනෙක් වූ ලහිරු හිමේෂ් මදුසංක


”Commercial Strategies on Open Source Software” සම්බන්දයෙන් WSO2 Telco ආයතනයේ Senior Software Engineer කෙනෙක් විදිහට සේවය කළ  ෂෙහාන් ගමගේ

“Building Open Source Communities ” සම්බන්දයෙන් ලංකාවේ හිටපු Mozilla Representative කෙනෙක් වගේම රැකියාවෙන් WSO2 Telco ආයතනයේ DevOps Engineer කෙනෙක් විදිහට සේවය කල රුවන් රංගනාත්.


“ISURU LINUX adoption to Education System in Sri Lanka ” සම්බන්ධයෙන් හම්බන්තොට D.A රාජපක්ෂ විද්‍යාලයේ ICT ගුරුවරයෙක් විදිහට සේවය කරමින් සිටි W .G ඉරේෂ් චතුරංග.

“Penetration Testing With Free and Open Source Software ” සම්බන්දයෙන් London Stock Exchange Group එකේ Lead Security Administrator කෙනෙක්ව සිටි ලසන්ත ප්‍රියංකර.
”Free Software Benefits, Myths and Legal Aspects” සම්බන්දයෙන් Lithium Technologies වල IT Consultant කෙනෙක් වූ රසික නානායක්කාර


“Open Source Project Development” සම්බන්දයෙන් 99X ආයතනයේ Senior Software Engineer කෙනෙක් වුනු රුමේෂ් හපුආරච්චි

“Free Software Used in Hollywood Studios ” සම්බන්දයෙන්  Youtuber කෙනෙක් වගේම කථිකාචාර්ය කෙනෙක් වුනු මලින්ද අලහකෝන්

2017 SFD එක තුල තව දුරටත් පැවති entertainment sessions නිසා ඉතාමත් උද්‍යෝගිමත් event එකක අවසානයක් ඒ තුලින් හැමෝටම දකින්න ලැබුනා.

මේ විදියට sfd 2017 අවසන් උනාට sfd 2018 ලගදීම පැවැත්වෙන්න නියමිතයි.sfd 2018 සමග සම්බන්ධ වෙන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම ඒ විස්තරත් සමගින් අපි අයෙමත් ඉක්මනින්ම හමුවෙමු.