1989 අප්‍රේල් මාසයේදී උපත ලබන අපේ කතා නායක ෂෆ්රාස් රහීම්, අධ්‍යාපනය හදාරන්නේ D.S සේනානායක විද්‍යාලයෙන්. NSBM Green University එකෙන් තමන්ගේ Management Information Systems උපාධිය අවසන් කරන මොහු Dialog ආයතනයට එකතු වෙනවා Senior Executive කෙනෙක් විදිහට. ඒ  Products and Services Innovation අංශයේ.

Profile cover photo
IdeaMart Mora Hack 2015 event එක වගේම Google I/O 2015, Google I/O 2016 තව Yarl Geek Season 4 වගේ තවත් වැඩ කටයුතු ගණනාවකටම ෂෆ්රාස් තමන්ගේ දායකත්වය වගේම මුලිකත්වය ලබාදෙනවා. ෂෆ්රාස් සතුව තිබෙනවා අමුතුම හැකියාවක්. ඒ තමයි මොන තරම් කට්ටියක් crowd එකක් හිටියත් ඒක ගානට manage කරගෙන වැඩ කරගෙන යාමේ හැකියාව. Dialog Auditorium එකට ඔබ එක පාරක් හරි ඇවිත් තිබෙනවානම් හෝ Dialog එකේ event එකකට ඔබ සම්බන්ධ වෙලා තියෙනවනම් ෂෆ්රාස්ගේ මේ හැකියාව ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ මම.
Volunteer කෙනෙක් විදිහට ෂෆ්රාස්ව මම දන්නේ SL2College නිසා. SL2College සංවිධානයේ 2014දී Project Lead කෙනෙක් විදිහට හිටපු ෂෆ්රාස් 2015දී Administrative Director කෙනෙක් බවට පත් වෙනවා. මිට අමතරව කියනවනම් ඔහු තමන්ගේ Volunteer life එක ආරම්භ කලේ 2013දී Google Ambassador කෙනෙක් විදිහට. ඔහු ඒ වගේම Toastmaster කෙනෙක්. Dialog Toastmaster club එකේ Vice President විදියට පවා ඔහු සිට තිබෙනවා.
2016 වසරේදී පටන් ගත්තු AngleHack Sri Lanka වල Ambassador කෙනෙක් විදිහට අද වෙනකන්ම කටයුතු කරනවා. AngleHack කියන්නේ ලෝකයේ විශාලතම global hacker community එකක්. මේකෙන් උදව් කරනවා හොද smart  tech products, platforms හා brands වලට. 2017 ජූලි මාසයේ ඉඳන් Dialog එකේ Senior Business Lead කෙනෙක් විදිහට කටයුතු කරනවා. නායකත්ව ගතිගුණ, නිහතමානී බව, පෞර්ෂය, නව අදහස් මේ ඔක්කොම එකට කැටි වුන කෙනෙක් විදිහට ෂෆ්රාස් හදුන්වන්න පුළුවන්.
GGSLK විදිහට මේ ලිපියට යමක් එකතු කරනවානම් මුලින්ම ෂෆ්රාස් අයියේ, ලංකාවේ IT community එක වෙනුවෙන් කරපු දේවල් වලට බොහොම ස්තුතියි. අඩියෙන් අඩිය නැගිටින අයට අයියලා සෑහෙන ලොකු හයියක්. ඒ වගේම කෙනෙක්ගේ වටිනාකමක් අගය කරන්න ඔහු ක්ෂේත්‍රයකින් සමු ගන්නකන් ඉන්න ඕනේ නැහැ. වටිනාකමක් ජිවිත වලට ලබාදෙන කෙනෙක් හැමදාම රටට වටිනවා. තවත් ඉදිරියට තව අලුත් වැඩ කරගෙන යන්න ශක්තිය ලැබෙන්න GGSLK අපි සුභ පතනවා.
Sources:
නැවත හමුවෙමු…