ශ්‍රී ලංකාව තුල පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සමඟින් 253කට ආසන්න ගණනක් ඝාතනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධානම පල්ලි තුනකට සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ මර්මස්ථාන තුනකට ඉතා දරුණු හානි සිදු විය.

නමුත් අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැලැක්වීම අරමුණු කරගනිමින් රජය විසින් සිදුවීම සිදුවී නොබෝ වෙලාවකින් සමාජ ජාලා තහනම් කරනු ලැබුවා. මේ විදිහට තහනමට ලක්වුණු සමාජ ජාලයන් අතර Facebook, Instagram, Snapchat හා YouTube මුලික තැනක් උසුලනවා. ඒ වගේම Twitter, Linkedin, Telegram වගේ සමාජයේ තොරතුරු හුවමාරු කරන්න සහ සාමාන්‍ය IT දැනුම සහිත පුද්ගලයන් භාවිත කරන සමාජ ජාලා වලට එය එතරම් ගැටළුවක් වී තිබුනේ නැහැ. මිට වසරකට පමණ පෙරත් අපිට දකින්නට පුළුවන් මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටලුවත් එක්ක සමාජ ජාලා තහනම සාර්ථක බව පෙනුනත් මේ වෙද්දී තහනම් වූ සැනින් සියලු දෙනා VPN භාවිත කරමින් කටයුතු ආරම්භ කළා.

නමුත් ඔබ IT field එකේ කෙනෙක් නොවේනම් ඔබ මේ VPN භාවිතයේ වාසි සහ අවාසි ගැන පැහැදිලි වැටහීමක් තිබෙන එක මේ වෙලාවේදී වැදගත් වෙනවා. මෙහි තිබෙන ප්‍රධානතම වාසිය තමයි යම් රටක අන්තර්ජාලය හෝ යම් වෙබ් අඩවියක් තහනම් උනොත් ඒ සඳහා වෙනත් වෙබ් අඩවියකට පිවිසෙන්න වෙන රටක IP එකක් භාවිතයෙන් ඔබට පුළුවන්. අවාසි ගැන කිවොත්, ඔබේ පෞද්ගලික දත්ත ඔවුන්ට පුළුවන්, වෙනත් අයට විකුනන්න. මිට පෙරත් VPN සේවා සපයන සමාගම් රාශියකට නඩු පවා ගොනු වෙලා තිබෙනවා ඔවුන්ගේ දත්ත පිටතට ලබාදීම හේතුවෙන්. නමුත් ඔබ දන්නවා Free VPN සහ Paid VPN කියල වර්ග දෙකක්. මේකෙන් Paid VPN එකක් 5$ ක් වගේ මුදලකට ලබාගන්න පුළුවන්. මේකක් Free VPN එකක් එක්ක බලනකොට සුරක්ෂිත වැඩියි.

Aftermath of attack in Sri Lanka

ආයෙත් අපි මාතෘකාවට ආවොත්, සමාජ ජාලයක් නිසා ලෝකයේ වැරදි දත්ත ගලාගිය සංසිද්ධි ගැන කතා කරණ වෙලාවේදී මියන්මාරයේ Rohinya ගැටලුව වගේම නවසීලන්තයේ Christchurch වෙඩික්කරුගේ ප්‍රශ්නය වෙලාවේදී මේවා ලෝකයේ trends විදිහට ඔසවා තැබුවේ සමාජ ජාලා විසින්. රටක ජන වාර්ගික ගැටළුවක් හෝ සමාජ ස්ථර අතර ගැටුමක්, සමාජ ජාල වලට ආවම තමන්ගේ මතය ඉදිරිපත් කරන අය නිසා, සමාජයට අදාල නොවන ආරක්‍ෂිත දත්ත එලියට එනවා පමණක් නෙමෙයි එකිනෙකාගේ මත නිසා සමාජයේ යම් පාර්ශවයක් අගතියට ලක්වෙන්න වුනත් පුළුවන් පහසුවෙන්ම.

ලෝකයේ සමාජ ජාල තහනම් වුනු අවස්ථා ගැන කතා කලොත් මේකේ ඉහලින්ම සිටිනවා බංග්ලාදේශය, චීනය (සමහර ප්‍රදේශ නොමැතිව), ඉරානය සහ උතුරු කොරියාව. ඔබ දන්නවා ඇති උතුරු කොරියාවේ බොහෝ පාර්ශවයන්ට අන්තර්ජාල පහසුකම් නොමැති බව. මේ නිසා facebook වගේ සමාජ ජාල පිළිබඳව ඔවුන්ට කිසිම අදහසක් නැහැ වගේම ඔවුන්ගේ අදහස් හෝ මතවාද කවදාවත් ලෝකයට පැමිණෙන්නේ නැහැ. බංග්ලාදේශය තමන්ගේ බුද්ධි අංශ සමඟ සාකච්චා කිරීමෙන් පස්සේ අන්තර්ජාල පාලනය කිරීමේ කමිටුවක් පිහිටවනු ලැබුවා. චීනයට අනුව මේ වන තෙක්ම Facebook තහනම් කරලා තිබෙන්නේ Hongkong වැනි ප්‍රදේශ කිහිපයක් හැරෙන්නට අනෙක් සියල්ලේම. 2011 ඊජිප්තු විප්ලව සමයේදී ඊජිප්තුව සමාජ ජාල තහනම් කරනු ලැබුවා. ජර්මනියේ facebook events නිසා සිදුවූ පහරදීම් ගණනාවක් නිසා ජර්මනිය Facebook event නවත්වනු ලැබුවා.

කාශ්මීර ප්‍රාන්තය තුල සමාජ ජාල තහනමක් පැවැත්වුණා මාස 6ක කාලයකට සමාජ ජාල තහනම් කරනු ලැබුවා ඉන්දීය රජය විසින්. මේකට හේතුව ලෙස ඔවුන් දැක්වුයේ පකිස්ථාන බුද්ධි අංශ මේ කාශ්මීර ප්‍රදේශ වල සිදුවන සමාජ ජාලා ක්‍රියාකාරකම් හා දත්ත විසින් ඔවුන්ව ලුහුබඳිනවා කියන සැකය මත. 2009 ඉරානයේ මැතිවරණයෙන් පස්සේ සමාජ ජාලා ක්‍රියාකාරීන් වැළක්වීමේ අරමුණින් ඔවුන් තම සමාජ ජාලා තහනම් කරනු ලැබුවා. මේ වගේම මැලේසියාව, මොරොක්කෝව, පකිස්ථානය, රුසියාව, සුඩානය, සිරියාව,තායිලන්තය හා එංගලන්තය පවා මෙවැනි තහනම් කිරීම් වලට යොමු වෙලා තිබෙනවා.

කාලයාගේ ඇවෑමෙන් මේ තහනම ඉවත් වෙනකම් ශ්‍රී ලාංකිකයන් වන අප අවධානයෙන් පසුවෙනවා. සමාජ ජාල සදහටම ශ්‍රී ලංකාව තුල තහනම් කිරීම කෙසේ වෙතත් මේක රටවල් තමන්ගේ ජනතාව පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට භාවිත කරයි කියන දේ මගේ අදහසක් විදිහට පවතිනවා. ඔබ දකින්න ඇති පසුගිය කාලයේ රජයේ සහ විපක්ෂ සියලු දෙනාගේ යම් ප්‍රකාශයන්ගේ අඩංගු වුන සාවද්‍ය කරුණු මම ගෙනහැර දක්වන්නේ නැහැ, මේක technology සම්බන්ධ වෙබ් අඩවියක් නිසා. නමුත් මේ නිසා කරදරයට පත් වූ පුද්ගලයෙක්ව පවා සම්බන්ධ කරගැනීමේ අපහසුතා ඇති වන්නට ඇති.


🇱🇰 Sri Lanka continues social media ban ‘to prevent violence’ | Al Jazeera English



කෙසේ නමුත් සමාජ ජාලා තහනම මොහොතේ ලේ පරිත්‍යාගශීලින්ගේ දැනුවත් කිරීම්, ව්‍යසනයෙන් අසරණ වුවන්ට ආධාර රැගෙන යාම වගේ යහපත් දේවල් මේ හරහා සිදු වුන බව දකින්නට ඇති. කෙසේ වෙතත් තවම ශ්‍රී ලංකාව සෙමෙන් යථා තත්වයට පත්වෙන ආකාරය වටහාගන්නට පුළුවන්.

නැවත හමුවෙමු …