ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාවේ මුතු කැටය කියලා අපි සියලු දෙනා කුඩා කල ඉගෙන ගත් කරුණක් මේ හෙල ලක් දිවයින එකල සිටම ලොකයට ගෙන යන්න වෙර දරණ සිංහ දූ පුතුන් අපට බොහෝ සෙයින් දැක ගන්න පුලුවන්.

චරිත් මදුසංක ඒ අතර ලංකා මිහිතලය ලොවට ගෙන යාමට වෙර දරණ අයෙක් කැලණිය සරසවියේ මෘදුකාංග ඉන්ජිනේරු අංශයේ ඉගෙනුම ලබන මොහු තමන්ගේ තෙවන වසර කේවල ව්‍යාපෘතිය ලෙස කිරීමට තෝරා ගන්නේ පරිඝනක ක්‍රීඩාවක් සකස් කිරීමටයි .

මෙය සකස් කිරීම පහසු කරුණක් නොවන බව මේ අංශය ගැන ඇල්මක් දක්වන අයටනම් නොරහසක්.මෙය සකස් කිරීමට ඔහුට අවුරුදු 2.5 කට ආසන කාලයක් ගත වෙලා තිබේ.තවද මොහුට මෙය සකස් කිරීමට ඔහුගේ සරසවියේ සියලු ආචාර්යවරුන් යහලුවන් උදව් කර තිබෙනවා.

මෙම ක්‍රිඩාව ගැන කතා කිරීමේදී මෙය Open World වන අතර ක්‍රීඩකයාගේ උදව් සදහා AI Based සහයක් ලබා දී ඇත. තවද මෙහි පරිගණක භාෂාව ලෙස C# භාවිතා කර ඇත.මෙහි කතාව පාදක වී ඇත්තේ මිතුරන් දෙදෙනා මූහුණපාණ ගැටළුවක් සම්බන්ධවයි. දැනට Fighting, Shooting, Driving වගේ දේවල් කරන්න ක්‍රීඩකයා හැකියාව ලබාදී ඇති අතර ඉදිරියේ දී GTA පරිගණක ක්‍රීඩාවේ තිබෙන බොහොමයක් ක්‍රීයාදාම මෙම ක්‍රීඩාව ට ඇතුලත් කිරීම ඔවුන්ගේ අරමුණ යි.තවද මෙය ගුණාත්මක බවින් ඉහල හා ජාත්‍යන්තර මට්ටමේ සම්මතයන් සහිතව ලාංකිකයන් වෙතට එන බව නොරහසක්.ඊට අමතරව මේ සදහා Unity Game Engine එක මත පිහිටුවා ඇත.

මෙම ක්‍රීඩාව ධාවනය කිරීමට ඔබගේ පරිගණකයේ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි.

OS: 64-bit Windows 7, Windows 8.1 and Windows 10
Processor (AMD) : AMD FX-6350
Processor (Intel) : Core i3 2000
Memory: 4GB RAM
Graphics card (Intel) : HD 3000 2GB
Graphics card (Nvidia) : Nvidia GeForce GT 620MX
DirectX: 11.0 Compatible video card
equivalent Hard-drive space: 12GB

ඉදිරි මාසය (අගෝස්තු )තුළ සියලු දෙනාට නොමිලේ බාගතකිරීම සදහා අන්තර් ජාලයට මූදා හැරීම මෘදුකාංග ඉංජිනේරු සිසුන්ගේ අරමුණ වන අතරම මේ සදහා ඉදිරි ගමනට මෙම අංශයේ ප්‍රවීනයන්ගේ උදව් උපකාර හා දැනුම එක් කර වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වේ. ක්‍රීඩාව භාගත කිරීම සදහා අප සමග රැදී සිටින්න .

ලංකාව තුල මෙවැනි දේ අගය කිරීම තුලින් ඔවුනගේ අනාගත ගමනට ශක්තියක් සුලු ආකාරයකින් දායක වීම GGSLK අපේ අරමුණයි