Stackoverfolw කියන්නේ ලෝකයේ ජනප්‍රියතම විශාල දැනුම් සම්භාරයකින් සැදුම් ලත් Developer ලා විසින් Developer ලා හට එකිනෙකා උදව් කරගන්නා Platform එකක්.

ඇත්තටම මොකක්ද මේ Stackoverfolw කියන්නේ

Programming පිලිබද ප්‍රවීනයන් හා දැඩි ඇල්මක් දක්වන පිරිස් විසින් ප්‍රශ්න හා පිලිතුරු හුවමාරු කරගැනීමට හා Programming පිලිබද ඇති දැනුම් අවකාශයක්.
මෙම මාධ්‍ය තුල ඔබට පුලුවන් ඔබගේ දැනුම හුවමාරු කරගැනීමට මෙන්ම ප්‍රශ්න අසා සියලු දැනුම ඇත්තන්ගෙන් ඒ සදහා පිලිතුරු ලබා ගන්න. මෙම අඩවිය මගින් පිලිතුරු සපයන ආකාරය මත Developer ලා ගේ Ranking වැඩි කරගන්න පුලුවන්.තවද මෙම Stackoverfolw අඩවිය Stack Exchange හරහා 2010 වර්ශයේ ආරම්භ වූ අතරම 133 වූ විවිධ අංශ ඔස්සේ මෙහි දැනුම හුවමාරු වෙනවා.

වැඩි විස්ථර ඔබට මේ හරහා ලබා ගන්න පුලුවන්

https://stackoverflow.com/tour

එතකොට මොකක්ද මේ Stackoverfolwers Colombo ශ්‍රී ලංකා කියන්නේ

ඇත්තටම මෙය සමූහයක් . Stackoverfolw ශ්‍රී ලංකා සමූහය මෙහි මූලික අරමුණ වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකික Developer ලා ගේ දැනුම ඔප මට්ටම් කිරීමටත් ඊලග පරම් පරාවේ වෙනසක් ඇති කරමින් දැනුම සියල්ලන් වෙත හුවමාරු කිරිමටයි තවද ශ්‍රී ලාංකික Developer ලාගෙන් ඉහල මට්ටමේ මෘදුකාංග නිර්මාණය වෙනවා දැකීමත් මෙහි එක් අරමුණක්.

ඔවුන් හා සම්බන්ද වන්න  Facebook

Stackoverfolw ශ්‍රී ලංකා සමූහය පසුගිය මස (ජුනි) 26 දින 99x ශ්‍රවනාගාරයේ දී Github අනුග්‍රහය ඇතිව Colombo Camp ඇති සාර්ථකව පැවැත් වුවා ය.


මෙහිදී දායකත්ව සපයන්නන්ව ඇගයීමට ලක් කල අතරම ඔවුනට ත්‍යාග ලබා දෙන්නටද මූලික පිරිස් අමතක කලේ නම් නෑ.

මෙම හමු වීමේදී Sajeetharan Sinnathurai මහත්මා විසින් ආරම්භක දේශනය පැවැත්වුවා.


ඉන්පසු Shameera Prajapriya මහත්මා විසින් IOT තාක්ෂණය සමග AZURE තාක්ෂණය පිලිබද සියලු දෙනා දැනුවත් කලේ පැමින සිටින්නන්ගේ දැනුම් කුතුහලය තව වැඩි කරමින්


ඉන් පසු Ruwan Ranganath මහතා විසින් අගනා හරවත් දේශනයක් පැවැත්වුයේ Make Brand ! Make An Impact ! යන තේමාව මුල් කරගනිමින්  ය.

සියලු කරුණු නිමා වීමෙන් පසු සියල්ලෝ සුහද කතා බහකින් අනතුරුව ඊලග හමුව තෙක් ශ්‍රී ලංකා සංවර්ධකයන්ගේ අනාගත අභිවෘද්ධිය තහවුරු කරන්නට හිතෙහි දරාගෙන විසිර ගියෝය.