Google හි online tool එකක් වන Project Sunroof, වහලය මතට ලැබෙන සූර්ය ශක්ති විභවය නිර්ණය කිරීමට 2015  වසරේ උතුරු කරෝලිනවට හදුන්වා දෙනු ලැබූවක්. තම ලිපිනය මගින් ඇතුල් වී සූරිය සෙවිලි මත සිදුවන දේ ගැන දැන ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. වටපිටාවේ ගස් වලින් ආවරණය වූ නිවසක පවා, වහලය මතට ඇති තරම් සෙවනක් තිබුනත්, Sunroof වාර්තා වලට අනුව වර්ග අඩි 1 000කට අධික ප්‍රයෝජනවත් ඉඩකඩක් මගින් වසරකට පැය 1624 ක ප්‍රයෝජනවත් හිරු එලිය යොදාගෙන  Sunroof ව්‍යාපෘතියේ වසර 20ක ආයු කාලය තුල $6000 ක දල ඉතිරියක් වාර්තා කල හැකි  බව සඳහන් වෙනවා. පසුගිය  දෙවසර තුල project Sunroof මගින් ස්ථාපිත සූර්ය පැනල වල දත්ත රැස්කරනු ලැබුවා. ඔබේ පිහිටීම දැනගත් පසු sunroof මගින් කොපමණ සූර්ය ශක්තියක් වහලයට පතිත වේ දැයි algorithm මගින් දල වශයෙන් අගයනවා. තවද සූර්ය පැනල මගින් විදුලි බිල් කොපමණ අඩු කරයි දැයි අනුමාන කිරීමක් මෙහිදී සිදු වෙනවා.

project Sunroof ක්‍රියා කරන්නේ කෙසේද?

මේ සඳහා පාදක වන සූර්ය පැනල වල චායාරූප ලබා ගැනීම හා ඔබේ පෞද්ගලික සූර්ය ශක්ති නිමනකය ලෙස  Google Earth  ක්‍රියා කරන අතර ඒවගේ පිහිටීම ලබා ගැනීම ද  මේ චායාරූප මගින් සිදු වේ.

 

ඔබේ නිවාස සොයා ගැනීම.

මෙමගින් Google Earth චායාරූප මගින් ඔබේ නිවසේ වහලයේ හැඩය සහ අවට සාමාන්‍ය කාලගුණික තත්ව ආධාරයෙන් පෞද්ගලික සූර්ය ශක්ති සැලැස්මක් සකස් කරයි.

ඔබේ පෞද්ගලික සූර්ය ශක්ති විශ්ලේෂකය.

මෙමගින් අපේක්ෂිත විදුලි ඉතිරියෙන් හා නිර්දේශිත සූර්ය පැනල සංඛ්‍යාව අනුව  විදුලි බිල සුදුසු ලෙස වෙනස් කර, නියම ලෙස සකස් කරයි.

මූල්‍යමය විකල්ප සොයා බැලීම.

මෙමගින් ඔබේ ප්‍රතිපල  වලට පාදක වී සූර්ය පැනල වලට අදාල ණය සැසදීම, බදු දීම හා විකිණීමේ විකල්ප ක්‍රම ලබාදේ.

සූර්ය ශක්තිය ඉතිරිකිරීම් ගණනය කරනු ලබන්නේ වහලයේ ප්‍රමාණය ,හැඩය, සෙවන වැටෙන ආකාරය , කාලගුණික තත්ව , සාමාන්‍ය විදුලි මිල , සූර්ය පැනල වල මිල සහ පෙළඹීම මතයි. සූර්ය පැනල භාවිතා කරන ඔබ ගූග්ල් හි මෙම තාක්ෂනය සමග මුසු වුව හොත් වඩාත් ඵලදායී ප්‍රථිපල ලගා කර ගත හැකි වනවා. තිරසාර බලශක්ති සංරක්ෂණ ගැන කථා බහට ලක්වන වන යුගයක මෙවැනි ව්‍යාපෘති වඩා කාලෝචිත වනවා. ශ්‍රී ලංකාවේ තවමත් project Sunroof ක්‍රියාත්මක නොවුනත් google මෙය ලගදීම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

see more details:for more details

see more:images