21 වන සියවසේ ජීවත් වන අප ලෝකයේ දැනුම නව තාක්ෂණය අපගේ ජීවිත හා ලගා කර ගැනීමට දරන්නේ ඉතා වෙහෙසකර ගමනක්. එසේ කීමට හේතුව වන්නේ ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක් වීම හා මානසික මට්ටම් වල ඇති වෙනසයි.

නව තාක්ෂණය ලංකාවට ගෙන ඒමට ඉතා ඇල්මක් දක්වන ඒ වෙනුවෙන් වැඩ කරන ඒ සදහා ඉමහත් පරිශ්‍රමයක් දරණ බොහෝ පිරිස් වෙති.සැම විට වචනයෙන් වැඩ කරනවාට වඩා ක්‍රියාවක් මගින් භාහිර සමාජයට ඇවිත් වැඩක් කිරීම ඉතාමත් අපහසු කර්‍යයකි මන්දයත් භාහිර සමාජය විවිධ මත අදහස් දරන්නන් බහුල බැවිනි.ඒ අභියෝග පරලා යමින් සමාජයට යමක් ලබා දීම ඉමහත් අපහසු කරුණකි.

ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා පවතින ආකල්පමය තත්වයන් වෙන මානයකට ගෙන යාමට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුව ඇති අතරම එය මේ වන විට කෙමින් කෙමින් වෙමින් පවතී.

දැනුම නව දේ සොයා යන්නන් හට ඒ සොයනා දැනුම ලබාදීමට මේ වන විට ලංකාව තුල සමූහ කිහිපයක් පවතී .එම සමූහය භාහිර සමාජයට පැමිණ දැනුම් ඔපමට්ටම් කරමින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

මුලින් බලමු දැනුම් සොයා යන්නන් හට දැනුම ලබාදිය හැකි ආකාරයන්.

Online Event
Article
Physical Event
Session

වාගේ දේ ලංකාවේ දැකිය හැක ඒ අතර ඉතා ජනප්‍රියත්වයට පත්වන්නේ ලංකාව තුල Physical Event ය .මන්දයත් ඒ සමගම මතක් වෙන ටී ශර්ට් එක හා කෑම පැකට් එක හා ස්ටිකර් ටිකයි.

ඉහත සදහන් කරන ලද සමූහයන්ට event එකක් කිර්‍ර්ම කෙතරම් පහසු කරුණක්ද යන වග.

*මුලින්ම සලකා බැලිය යුතුයි සමාජේ මේ වෙලාවේ අපේක්ෂා කරන්නේ මොනාද යන වග

*ඉන් පසු බැලිය යුතුයි කොපමණ සංඛ්‍යාවක් සදහා සහභාගීත්වයක් ලබා දිය හැකිද වග

*ඉන් පසු දිනයක් ස්ථානයක් බැලිය යුතුය.

*ලංකාවේ සම්ප්‍රදාය මත ඊලගට බැලිය යුතු වන්නේ ඉන් පසුව Swags සදහා කොපමණ මුදල් ප්‍රමාණයක් සෙවිය යුතුද යන්නයි.

මෙහි හොදම කරුණ වන්නේ සියල්ලම සූදානම් කොට Marketing කොටසයි . ආවේණික වූ Logo එකක් සැකසා එය Market කිර්‍රිමයි.

ඉහත සදහන් සියල්ල සදහා අති මහත් කැපකිරීම් රාශියක් කල යුතුය සංවිධායක කමිටුව ඔවුනගේ වැඩ සියල්ල අතපසු කර ගනිමින් තම පවුලේ අය සමග ගතකිරීමට ඇති කාලය වැය කරමින් ඉමහත් පරිශ්‍රමයක් දැරිය යුතුය.

එම කැපකිරීම් භාහිර පුද්ගලයන් දකින්නේ නැත ඔවුන් දකින්නේ event එක දවසට සංවිධායක කමිටුව බෙල්ලේ tag එකක් දාගෙන එහාට මෙහාට දුවන දර්ශනයක් පමණි.එම දවසට වත් ඔවුනට නිමක් නොමැත.

පවත්වන Event එකෙහි T shirt එකක් ලබා නොදෙන්නේ නම් එහි ගැම්මක් නැති බව දැනෙයි.මන්දයත් තාමත් අපගේ ආකල්ප නොදරු අවදියේ පවතින බැවිණි.

මේ වන විට ඔබට හිතන්න යමක් මා ඉතිරි කර අවසන්. ලංකාව තුල විශාල වූ event පැවැත්වෙයි Google IO Extended , Inspirocamp , Microsoft Camp, Crowdsource Event ,University event , GDG Event ,android වැඩකාරයෝ (Yourtube) මේ පවතින event සියල්ලට අප යන්නේ Stikers , T shirts බලාපොරොත්තුවෙනි මෙය වෙනස් කිරීමට තරුණ ඔබට කාලය එළඹ ඇත. සංවිධායක කමිටු මේ ගැන හිතන්නට කාලය ඇවිත් ඇත.

ඒ වෙනුවෙන් වියදම් වන මුදල් නව නිමැවුමක් එළි දක්වන්න.Startup එකකට අතහිත ලබා දීමට,යෙදවිය හැක.

තවද සංවිධායක කමිටුවට පුලුවනි සියල්ලන්ගේම හිත සුව පිණිස T Shirt ලබා දිය යුතුමනම් සුලු මුදලක් එන පිරිසකගෙන් අය කොට ලබා දෙන්න එවිට ඉසව්වට පැමිණෙනුයේ ඉසව්ව වැදගත් කියලා දැනෙන පිරිසක්ම පමණි.

අප ආකල්ප වෙනස් කළයුතු කාලය එළඹ ඇත.එය වෙනස් විය යුතුමයි.

මෙම ලිපිය ලියන මට මේ ගැන කථා කිරීමට අයිතියක් ඇත.ඔබට මා හිතන්න දෙයක් ඉතුරු කර ඇත. අදහස් විචාරයට විවෘර්තයි.