කවුරු හරි අශ්වයෝ ගැන කියවන්න ආවානම් සමාවෙන්න, මොකද මම කියන්න යන්නේ තමන්ගේ වැඩ තමන්ම කරගන්න විදියේ අමුතු අශ්වාහනයක් ගැන. ඔබ අහලා තිබෙනවද Waymo නැත්නම් Cruise Automation ගැන මිට කලින්.

Waymo කියන්නේ 2009දී ආරම්භ වුනු Google self-driving car project එක. අද වෙනකොට independent self driving technology එකත් එක්කම තමන්ගේ දැනුමත් එක්ක ගොඩනැගෙන සමාගමක්. 2012 වසර වෙද්දී සැතපුම් 300,000 සපුරනවා ඔවුන් ස්වයංක්‍රිය මෝටර් රථ සේවාව තුලින්.ඒ වගේම ඔවුන් 2012 වසරේදී පැමිණෙනවා කාර්යබහුල මාර්ග පද්ධති වලට පවා ඔරොත්තු දෙන විදිහට. 2015දී ඔවුන් අලුත් වාහනයක් ගේනවා මේකට දෙන නම තමයි “firefly”. මේ car වලට custom sensors, computers, steering හා braking තිබුනත් steering wheel හෝ pedals තිබුනේ නෑ මේකට. මේ විදියට පියවරෙන් පියවර ඇවිත් Waymo බිහිවෙනවා 2016දී. 2017 දී fully self-driving Chrysler Pacifica Hybrid minivans කරලියට එනවා. 2017 වසරේ අනාගතයට self driving cars හුරු කිරීම යන පරමාර්ථයෙන් යුතුව මොවුන් ආරම්භ කරනවා early rider program එකක්. 2018දී Jaguar සමාගම එක්ක එකතු වෙන Waymo, ලෝකයේ මුල්ම premium electric self-driving vehicle: the Jaguar I-PACE ගොඩනගනවා.

main components of waymo car

Drive.ai Vs Waymo

මම උඩින් කලේ අපේ කතාවේ කතානායකගේ ප්‍රධානම තරඟකාරයා ගැන කරපු පොඩි පැහැදිලි කිරීමක්. අපි කියමු උඩ ඉන්නේ සුදු අශ්වයෙක්. මම කියන්න යන්නේ තැඹිලි පාට අශ්වයෙක් ගැන. මෙයා වැදගත් වෙන්නේ පාට නිසාම නෙමෙයි. මොහු ලග තිබෙනවා LED Screens 4ක්. මේවගෙන් කරන්නේ පාරේ ගමන් කරන පදිකයන්ට විවිධ පණිවිඩ ලබාදීම. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ හුගක්ම, මනුෂ්‍ය රියදුරෙක් අතින් වෙන කාර්යභාරය අපේ මෝටර් රථය මගින් පවා කරගැනීම. මිනිස්සු හා යන්ත්‍රය අතර තිබෙන සම්බන්ධතාව වැඩි කරගන්න එකත් මේකට එක හේතුවක්. මේ සමාගම Drive.ai සමාගම. මේ වාහනයේ වැදගත්කම වැඩි කරන අරමුණින් මේ screens වල වැටෙන පණිවිඩ වලට emojies පවා එකතු කරන්න අදහසක් තිබුනත්, ඉස්සරහට එන feedbacks එක්ක මේක තීරණය වේවි. ඔවුන් මේ වැඩසටහන් පටන්  Texas වල. තවමත් මේ ප්‍රදේශයේ අයට මේක අලුත් අත්දැකීමක්. එකට හුරු කරගන්න පරමාර්ථයෙන් ඔවුන් මාස 6ක pilot program එකක් සිදු කළා.

vehicle displaying enter/exit sign

“Self-driving cars are here, and can improve the way we live right now,” මේ විදිහට කිවුවේ Drive.ai ආයතනයේ CEO වන Sameep Tandon විසින්. ඔවුන් Texas වල නගරයක් වුන Frisco නගරයේ තමයි මේක යන්නේ. මේ නගරයේ නගරාධිපති පවසනවා, Drive.ai අයගේ මේ ව්‍යාපෘතියෙන් නගරයේ රථවාහන තදබදයට විසදුමක් විදිහට තමන් දකින බව. Self Driving වුන පලියටම 100%ක් සාර්ථකතත්වයට යන්නට ඔවුන්ට නොහැකි වුණා. ඔබට මන් මෙය කිවේ පසුගිය කලේ වුන අනතුරු එක්ක බලද්දී. නමුත් ස්වයංක්‍රිය මෝටර් රථ කවදා හෝ ලෝකය වෙනස් කරාවි.

නැවත හමුවෙමු…

Sources:

  1. https://www.theverge.com/2018/7/30/17622540/drive-ai-self-driving-car-ride-share-texas
  2. https://waymo.com/journey/