Twitter එහි හොදම ආරක්ෂක අංගයට විශාල වෙනස්කමක් කර ඇති අතර දැන් එය භාවිතා කිරීම සදහා දුරකථන අංකය භාර දීමක් සිදු කල යුතු නැත.

ගිණුමකට වෙනත් අයකු ප්‍රවේශ වීම හෝ එය වෙනත් අයකු විසින් පවරා ගැනීම වැළැක්වීම සදහා ඇති හොදම ක්‍රමයක් ලෙස බහු-සාධක සත්‍යාපනය (Multi-factor authentication) ගත හැකි අතර ලබා ගත හැකි නම්, සෑමවිටම කල යුත්තේ  එය සක්‍රීය කිරීමයි.

එහෙත් වසර ගණනාවක පටන් Twitterහි භාවිතා කළේ ද්වී-සාධක සත්‍යාපනයයි (two-factor authentication-2F2). පසුගිය බ්‍රහස්පතින්දා Twitter සමාගම විසින් නිවේදනය කල පරිදි දැන් පරිශීලකයන්ට ඔවුන්ගේ දුරකථන අංකය ගිණුමට සම්බන්ද කිරීමෙන් තොරව 2F2 විශේෂාංග භාවිතා කල හැකියි. ඒ වගේම twitter නිෂ්පාදන නායක කයිවොන් බේක්පූර් tweet කර ඇත්තේ දැනටමත් අංකය ඇතුළත් කර ඇති පරිශීලකයන්ටත් එය ඉවත් කර 2F2 දිගටම පවත්වා ගෙන යා හැකි බවයි.

Twitter ඔබේ ගිණුමේ ආරක්ෂාවට ක්‍රම 3ක් යෝජනා කර ඇත.

  • කෙටි පණිවුඩයක් සමඟ
  • Authy හෝ Google Authenticator වැනි සත්‍යාපන යෙදුමක් (authentication app) හරහා
  • භෞතික ආරක්ෂක යතුරක් සමඟ

භෞතික යතුරක් අනවසරයෙක් ඇතුල් වන්නන්ගෙන් බේරීමට ඇති ශක්තිමත්ම විසදුම වන අතර සත්‍යාපන යෙදුම් ද ගිණුම ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම සහ පහසුම ක්‍රමයකි . එහෙත් මෙහි two-factor authentication සියල්ලටම වඩා හොද වුවත් එකම මට්ටමේ ආරක්ෂාවක් සැමවිටම ලබා නොදේ. එමෙන්ම SIM සොරකම් කිරීමෙන් අන් අයගේ ගිණුම්වල පාලනය ලබා ගැනීමට උත්සහ කරන්නන් නිසා කෙටි පණිවිඩ සත්‍යාපන (SMS authentication) ක්‍රමයට ද බාදා ඇති වේ

මෙම ක්‍රම ඇතුලත් කර ගැනීම සදහා මුලින්ම Twitter profile එකේ සැකසීම අංශය (setting section) වෙත ගොස් එහි ගිණුම් tab එකෙන්  ආරක්ෂක (security) යන අනු අංශයට යා යුතුයි. ඉන් පසු එයින්  පිවිසුම් සත්‍යාපන විකල්පය (login verification section) තෝරා ගෙන එහි ඇති සත්‍යාපන ක්‍රම (verification methods) යන අංශයට යා යුතුයි. ඔබ අදහස් කරන්නේ ද්වී-සාධක සත්‍යාපනය සක්‍රීය කිරීමට නම් මෙය එයට ඇති හොදම විකල්පය නොවන අතර එහෙත් ශුන්‍ය ද්වී-සාධක සත්‍යාපනයට වඩා හොදය.

Twitter ගිණුම හෝ වෙනත් ගිණුමක් හා සම්බන්ද වීමට මෙහිදී  මුලින් google play store හෝ Apple store වෙත ගොස් අනුකුල සත්‍යාපන යෙදුමක්(app) බාගත කර ගත යුතුයි . ඉන් පසු මෙම පියවර අනුගමනය කරනු ලැබේ .

  • ද්වි-සාධක සත්‍යාපන සැකසුම තුලින් බාගත කර ගත් සත්‍යාපන app එක තෝර ගන්න.
  • එවිට සත්‍යාපන කේතයක් පිළිබද පණිවිඩයක් ලැබේ. එය ආරම්භ කරන්න.
  • Twitter මුරපදය ඇතුලත් කර එය සත්‍යාපනය කරන්න.
  • Twitter පෙන්වන QR කේතය authentication app එක විවෘත කර එමගින් QR කේතය scan කර app එක ගිණුමට සම්බන්ද කර “මීළගට” යන්න ක්ලික් කරන්න.
  • App එකෙන් පෙන්වා ඇති සත්‍යාපන කේතය ඇතුළත් කර “සත්‍යාපනය කරන්න” යන්න ක්ලික් කරන්න.
  • එවිට “සියල්ල සුදානම්”යැයි පණිවිඩයක් ට්විටර් වෙතින් ලැබේ .

මෙලෙස දුරකථන අංකය ඇතුලත් කිරීමෙන් තොරව twitter ගිණුමක් භාවිතා කල හැකි වී ඇත.