පරිගණක ලෝකයේ නවතම පෙරළිය

අතීතය මෙන් නොව වර්තමානයේ බොහෝ පිරිසක් ලැප්ටොප් සුලබව පාවිච්චි කරන උපාංගයක්. ඒ අතුරින් අල්ට්‍රාපෝටබල් යන නාමය  අද සුලබව ඇසෙන්නට  ලැබෙනවා.  ඇත්තටම මොකද්ද මේ අල්ට්‍රාපෝටබල් උපාංගයක් කියල කියන්නේ.

අපි සියලු දෙනා කැමැති නේද පහසුවෙන් රැගෙන යා හැකි සැහැල්ලු පරිගණකයක් භාවිතා කිරීමට .අල්ට්‍රාපෝටබල් කියන්නේ අන්න ඒ වගේ උපාංගයක් . නමින්ම අපිට එක ඉගියක් හම්බෙනව නේද?මේ පරිගණකය සාමාන්‍ය නොට්බුක් පරිගණයට වඩා ප්‍රමාණයෙන් කුඩා , සිහින් සහ  සැහැල්ලු වගේම මෙය  ජංගම නිමාවකින් යුතු ලැප්ටොප්  උපාංගයක්.මෙය සබ් නොට්බූක් උපාංගයක් ලෙසත් හදුන්නනවා.මෙය මේ දිනවල සුලබව කතා කරන මාතෘකාවක් උනාට මෙම වර්ගයේ නිෂ්පාදන ඇරබුනේ අද ඊයෙක නම් නොවේ. නමුත් දිනෙන් දින තරගකාරී වෙළදපොලට පැමිණෙන පරිගණක  අතුරින්  අල්ට්‍රාපෝටබල් පරිගණකය සතු  සිහින් සහ  සැහැල්ලු  බව කාගේත් ආකර්ෂණය දිනාගැනිමට උත්සුක වී තිබෙනවා .

සෑම පරිගණක වර්ගයන්ටම එකිනෙකට  අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා.  අල්ට්‍රාපෝටබල් පරිගණකය සතු  විශේෂ ලක්ෂණය තමයි තිර ප්‍රමාණය උපරිම අගල් 14 විම. නමුත් ඉන් එපිටට යන අල්ට්‍රාපෝටබල් පරිගණක නැතුවාම නොවේ.කෙසේවුවත් වර්තමානයේ හැඩිදැඩි ලෙසින් නිමවෙන ගෙමින්ග් පරිගණක පවා මේ වන විට අල්ට්‍රාපෝටබල් උපාංගයක් ලෙසින් නිර්මාණ වෙනවා.වැදගත්ම කරුණ තමා මෙම තරගයට අලුතින්ම එක වෙන්න සමාජිකයෙක් ඇවිත් ඉන්න එක. ඒ තමා මේ Gigabyte Aero 15x 2018 කියල කියන්නේ .

මෙම පරිගණකයේ විශේෂත්වේ තමා එහි තිරය අගල් 15.6ක් විම  හා තිරයේ ගැටිය අතිශයින්ම සිහින් විම.එවගේම එකේ තියෙන  වෙබ් කැම් එක සාමාන්‍ය ලැප්ටොප් වගේ ඉහලින් නොවේ පහත අල්ලු අසල පිහිටවල තියෙන්නේ.මෙය සම්ප්‍රදායට බැහැර වී තමාටම අවේනික වූ ලක්ෂනයක් ලෙස ගොඩ නාග ගෙන තියෙනවා.නමුත් එයට මුලිකම හේතුව වෙලා තියෙන්නේ එහි ඇති full HD 144 Hz IPS පැනලය  දෙපස දාරයන් අද්දර දක්වාම විහිදී තිබීමයි.

සාමාන්‍යයෙන් අපි ලැප්ටොප් එකක්  ගනිද්දී බලන දෙයක් තමා කොච්චර දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුලුවන්ද කියන එක. මෙම ලැප්ටෝප් එකේ විශේෂත්වේ තමා මෙහි DDR4 රැම් මතකයක්ද ඊට අමතරව තවත් අමතර රැම් මතකයක්ද ලබා දීම . පරිශීලකයෙකුට අවශ්‍ය නම් තවත් gigabyte රැම් කාඩ් පතක්ගද අමතරව  සවි කිරීමට පුළුවන්.

අපි සියලු දෙනා දන්වා අපි game ගහද්දි  battery කොච්චර ඉක්මනින් බහිනවද කියල. එම නිසා හොද ආයු කාලයක් සහිත  ජව සම්පන්න බැටරියක් අවශ්‍යමයි . මෙම gigabyte aero 15px ලැප්ටොප් පරිගණකයේ 94.24wh ප්‍රමාණයේ බැටරියක් තිබෙන අතර එය පැය 8 ක්  10 ක් පමණ සමාන්‍ය වැඩ  වලදී පවත්වාගෙන යා හැක .

මීට අමතරව තව බොහෝ විශේෂීත වූ ලක්ෂණ කීපයක් මෙම පරිගණකය සතුව ඇත.

  • USB 3.1 පෝට් තුනක්
  • HDMI පෝට් එකක්
  • Mini DP පෝට් එකක්
  • Ethernet පෝට් එකක්
  • Thunderbolt පෝට් එකක්
  • UHS-II කාඩ් රීඩර් එකක්
  • Dolby Atmos තාක්ෂණයේ ස්පිකර් පද්ධතියක්

 

අවසාන වශයෙන් කිව යුතුයි මෙම පරිගණකය ක්‍රීඩා කටයුතු සදහා පමණක් නොව වෙනත් අධි සම්පන්න ඕනෑම කටයුත්තාක් සදහාද යොදා ගතහැක. මෙය අධිතාක්ෂණික පෙනුමකින් තොරව සුපෙහෙදිලි වර්ණයන් අත් හදා බැලීමට සලසන හා හුරුබුහුටි නිමාවෙන් යුතු කේසිනයකින්  සමන්විත බැවින් ඔබගේ සිත දිනාගන්නවා නොඅනුමනය.