පසුගිය දවස් වල social media හරහා black friday රැල්ලක් නිර්මාණය වුණා. ඇත්තටම මොකක්ද මේ කළු සිකුරාදා? මෙය නිර්මාණය වන්නේ ඇමරිකාවේ thanks giving day එකත් සමගමයි. මෙය යෙදී තිබෙන්නේ නොවැම්බර් මාසයේ සිව්වන බ්‍රහස්පතින්දා දිනයට. 1952 සිටම black friday වචනය පැවතුනත් මේ වෙනකන් දශක කිහිපයක් යන තුරුම වචනය සමාජ ගත වුනේ අඩුවෙන්. Black Friday කිවේ ඇමරිකාවේ Christmas Shopping Season එක ආරම්භ කරන දිනය.

Black Friday දින වලට ඇමරිකාවේ කඩ විවෘත කරන්නේ මධ්‍යම රාත්‍රියේදී. 2014 වසරේ black friday දිනයට යාබද සති අන්තය තුලදී ඩොලර් බිලියන 50කට අධික මුදලක් සාප්පු සංකීර්ණ තුල හුවමාරු වී තිබුණා. මේක ඇත්තෙන්ම උන්මාදයක් කිවොත් නිවැරදියි. ලෝකය පුරාම රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති මේ නිසා අනුවේදනීය සිද්ධිද  සිදු නොවුනා නොවෙයි.

2008 වසරේදී නිව්යෝර්ක් නගරයේදී උදැසන 5ට පමණ Walmart ආයතනය විවෘත කරන තුරු 2000කට අධික ප්‍රමාණයක් රැඳී සිටියා. දොරවල් විවෘත වීමත් සමඟම අමන්දානන්දයට පත් වුනු සියලු දෙනා එහි සේවකයෙකුත් යට කරගෙන පාගමින් ඇතුල් වුණා. මොහු යට වූ බව දුටු අනික් සේවකයන් මොහුට කිට්ටු වෙන්න උත්සහ කලත් කලබලයට පත් වී සිටි පාරිභෝගිකයන් ඒ සඳහා මොවුන්ට ඉඩ දුන්නේ නැහැ. මේ තෙරපුම කොතරම් දරුණු වුනාද කියතොත් මේ නිසා කිහිප දෙනෙක් තුවාල ලැබුවා පමණක් නොවෙයි ගැබිණි මවක් පවා රෝහල් ගත කිරීමට සිදු වුණා. මෙය ලෝකයේ Black Friday දිනයක වුනු පළමු මිනිස් ඝාතනය ලෙස වාර්තා වුණා.

නැවත වතාවක් 2010 වසරේදී මැඩිසන් නගරයේදී තමාට ඉදිරියෙන් පෝලිමේ සිටි අයට බැන වැදීම හා මරණ තර්ජන එල්ල කිරීම නිසා කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා. ජෝර්ජියා වලදී වැඩ කරමින් සිටි ස්වේච්ඡා සේවකයෙකුට පිහි ඇනුමක් එල්ල වුණා. ඉන්දියානා පොලිස් වලදී wallmart වෙළඳ සැලකින් පිටවන ලෙස කල ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරුණු නිසා කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා. ෆ්ලොරිඩා වලදී මිනිසෙක් walmart වෙළඳ සැලකින් පිස්තෝලයක් සොරකම් කිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනුණා.

2011 වසරේදී 2008 වගේම වසර 61 වයසැති වැඩිමහල් pharmacist කෙනෙක් පෑගීම නිසා ඇති වූ තුවාල වලින් මියගියා, වෙළඳ සැල් අයිති කරුවන් ඉදිරිපිටම. 2012 දී ෆ්ලොරිඩා වලදී වාහන නැවත්වීමට ඉඩලබා නොදුන්නැයි කියමින් දෙදෙනෙකුට වෙඩි තබනු ලැබුවා.

මොකක්ද මේ Cyber Monday?

මේ ගොඩට වැටෙන්නේ black friday භාණ්ඩ ගන්න බැරි වුන අය තමන්ට ඕනේ කරන දේවල් online purchase කිරීම cyber monday විදිහට හැදින්වෙනවා. මේ කාලයේදී Walmart, Alibaba, Ebay වගේ වෙබ් අඩවි වල සැහෙන ලොකු traffic එකක් පවතිනවා.

2005 දී ඩොලර් බිලියන 26කට මදක් වැඩියෙන් පැවතුනු මුළු වියදම 2017 වසර වෙද්දී ඩොලර් බිලියන 53 ඉක්මවා ගිහින් තිබුණා. මේ වසරේ මෙය තවත් ඉහල යාවි කියලා බලාපොරොත්තු වෙනවා වගේම හැමෝටම සුබ සාප්පු සවාරි මාසයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

නැවත හමුවෙමු…