කොහොමද යාලුවනේ? සෑහෙන දවසකින් නැවතත් ඔබව හමුවෙන්න හිතුවා දැනට ලංකාවේ වැඩියෙන්ම කතා බහ කෙරෙන trending වර්ගයට වැටෙන flutter එක්ක. ඇත්තටම flutter කියන්නේ මොකක්ද? Flutter කියන්නේ open source mobile application development framework එකක්. මේක භාවිතා කරන්නේ Android හා iOS සඳහා applications නිර්මාණය කරන්න. ඒ වගේම Google Fuchsia වල applications නිර්මාණය කරන්න.

මුලින්ම නිර්මාණය වුන flutter කරලියට ආවේ Sky කියන නාමය යටතේ. Android applications අරමුණු කරගෙන තමයි මෙය නිර්මාණය වුනේ. 2018 වසරේ පැවැත්වුණු Flutter Live Event එකේදී තමයි මුල්ම වතාවට stable version එකක් විදිහට Flutter 1.0 කරලියට පැමිණෙන්න පටන් ගත්තේ. මේ ගැන අදහසක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔබට පුළුවන් https://flutter.dev/docs/get-started/install  හරහා ඔබට මෙය ලබාගන්න පුළුවන්.

flutter installation page
flutter installation page
flutter installation page

මේ ලින්කුවෙන් පිවිසෙන ඔබට දකින්න පුළුවන් ඔබේ පරිගණකයට ගැලපෙන installation ක්‍රමය ඔබට ලබාගන්න පුළුවන්.

මුලින්ම අපි බැලුවොත් Windows OS පරිගණකයකට , හුඟක් වෙලාවට 64 bit පරිගණකයක් සහ Windows 7 SP1 පරිගණකයක් අවම සුදුසුකම වෙනවා Flutter install කරගන්න. ඒ වගේම IDE හෝ tools නැතුව 400mb අවමයක් මේ සඳහා වැය වේවි. IDE ගැන කතා කලොත් Android Studio recommend කරනවා flutter විසින්ම. Tools ගැන කතා කලොත් Windows Powershell 5.0 වැදගත් වේවි. සාමාන්‍යයෙන් Windows 10 පරිගණක වල මෙය අන්තර්ගත වෙනවා. ඒ වගේම Git for Windows 2.x අවශ්‍ය වෙනවා.

දැනට පවතින latest flutter SDK එක මෙතන click කරන කෙනෙක්ට ලබාගන්න පුළුවන්. මේක extract කරන්න අවශ්‍ය වෙනවා. නමුත් C:\Program Files\ කියන තැන මේක install කරන්න එපා. C:\src\flutter කියන location එක create කරන්න. මේක ඇතුලේ අපේ zip file එක unzip කරන්න. මීළඟට Edit environment variables for your account වලට ගිහින් ඔබේ environment variables වලට ගිහින් user variables වල path එකේ flutter\bin කොටස add කරන්න.

මේකෙන් පස්සේ අපි පොඩි installation එකකට යනවා. ඔබට තිබෙන්නේ console එක open කරලා පහත සටහන එයට එකතු කරන්න.

C:\src\flutter\flutter doctor 

මීළඟට කියන්නම් මෙයට ගැලපෙන editors ගැන. Google තමන්ගේ flutter framework එක වැඩ කරන්න සුදුසුම වෙන්නේ Android Studio බව ප්‍රකාශ කලත් IntelliJ IDEA Community, version 2017.1 or later,IntelliJ IDEA Ultimate, version 2017.1 or later versions මේ සඳහා යොදාගන්න පුළුවන් බව ඔවුන් දක්වනවා. මේකේ community version එක පාවිච්චි වෙන්නේ android සහ java සඳහා. ultimate version එක පාවිච්චි වෙන්නේ web හා enterprise development සඳහා. ඔබටත් පුළුවන් ඉහත ලින්කු භාවිත කරලා මෙය ලබාගන්න.

මම කියන්නම් ඔබ flutter, android studio එකට දාගන්න විදිහ. Android Studio start කරලා File වලට යන්න. මෙතනින් settings වලට ගිහින් එතනින් Plugins වලට යන්න. දැන් තිබෙන්නේ browser repositories වලින් flutter plugin එක select කරලා install මත click කරන්න. නැවත ඔබට prompted message එකක් ඒවි dart plugin එක install කරන්න. මේක yes කරන්න. අවසානයේදී restart click කරන්න.

මීළඟට අපි බලමු project එකක් හදන විදිහ. මුලින්ම File ගිහින් New Flutter Project මත click කරන්න. මෙතනින් select කරන්න flutter appliction කියන project type එක. නැවත Next කරන්න. බලන්න ඔබ කලින් SDK එක නිවැරදිව install කලාද කියන දේ. Project Name එකක් දීලා Next click කරලා Finish කරන්න.

කියන්න විස්තර හුඟක් තිබුනත් අපේ පාඨකයන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අත්දැකීම් බෙදා හදා ගන්න. අපිට කියන්න එකතු වෙන්න අවශ්‍ය දේවල් ගැන.

නැවත හමුවෙමු…