Git ගැන ලියපු පලවෙනි ලිපියට ලැබුණු ප්‍රතිචාර සැහෙන්න හොදයි. සෑහෙන ගණනක් මේ ලිපිය කියවලා අදහස් දැක්වුවා. මේ ලෝකයේ software වර්ග දෙකක් තියෙනවා. සල්ලි දීලා ගන්න software හා නොමිලේ හම්බෙන software. Git අයිති මොන ගොඩටද? Git කියන්නේ open source software එකක්. ඒ කියන්නේ නොමිලේ.

Git පාවිච්චි කරන්නේ කොහොමද? Command Prompt එකේ Git වලින් වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරන්න ඔබේ පරිගණකයට Git Install කරන්න වෙනවා. ඔබට තිබෙන්නේ Mac පරිගනකයක්නම් ඒ තුල Git ඇති. නමුත් Windows හෝ Linux පරිගනකයක් නම් ඔබට මේක install කරන්නම වෙනවා. install කරලා විතරද පුළුවන්? අපොයි නැහැ. ඔබට පුළුවන් Web Based Git Platforms පාවිච්චි කරන්න මේකට. හැබැයි එතකොට අනිවාර්යෙන්ම Internet පහසුකම ඔබට තියෙන්න ඕනේ. මොනවද මේ Platforms? උදාහරණයක් විදිහට කිහිපයක් නම් කරනවානම් Github, Gitlab හා BitBucket කියන්නේ මේ සම්බන්ධ platforms.

Github

Github පටන් ගත්තේ 2008 වසරේ පෙබරවාරි මාසයේදී. Github මුලස්ථානය තියෙන්නේ California වල. 2018 ජුනි මාසයේදී Microsoft විසින් Github මිලට ගන්නට තීරණය කළා. මේ එක්කම ඩොලර් බිලියන 7.5 කට ගත්ත Github වලට තමන්ගේ ආයතනයේ Xamarin වල වැඩ කරපු  Nat Friedman ප්‍රධානි තනතුරට පත් කරනවා. මේ සම්පුර්ණ කතාව මගේ මේ ලිපිය කියවන කෙනෙක්ට දැනගන්න පුළුවන්. Github හදල තියෙන්නේ Ruby ඕන Rails language එකෙන්. Rails කියන්නේ platform එක. Ruby තමයි language එක.

GitHub පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් මොනවද? GitHub පාවිච්චි කරන ප්‍රධානම දේ තමයි Coding. තමන්ගේ Code එකක් පරෙස්සමට තියාගන්න හුගක් අය Github පාවිච්චි කරනවා. තව Documentation කරන්න තියෙන පහසුව. ඔබ දැකල තියෙනවනම් repository එකක් create කරද්දී අපිට README file එකත් හදාගන්න පුළුවන්. මේකේ මුළු project එකටම අදාලව files තියෙන විදිහ දක්වන්න README file එක පාවිච්චි කරනවා. තවත් වැදගත් දෙයක් තමයි Issue Tracking කරන්න Github පාවිච්චි කරනවා. Commits History එක maintain කරන්න Github පාවිච්චි වෙනවා. Commits කියන්නේ මොනාද කියල ප්‍රශ්නයක් ආවනම් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. pulse, contributors, commits, code frequency, punch card, network, members වගේ ප්‍රධාන සාධක ගණනාවක් මේ Project එකකට බලපානවා. මේවා ගැන graphs ලබාගන්න පුළුවන්. Email Notifications ඒ වගේම කෙනෙක්ව mention කිරීමේ හැකියාව, Emojis එකතු කිරීම, https://username.github.io යන ආකාරයේ කුඩා websites host කිරීමේ හැකියාව, Common Vulnerabilities  වලදී Security Alert එකක් ලැබීම වගේ දේවල් මේකේ අන්තර්ගත වෙනවා.

මේ තමයි Github web interface එක. ඔබට account එකක් නැත්නම් අදම account එකක් හදාගන්න. මේකට log වෙන කෙනෙක්ට මුලින්ම දකුණු කෙලවරේ දකින්න පුළුවන් බෙල් එකක සලකුණක්, එකතු කිරීමේ ලකුණක් සහ ඔබගේ profile එකේ ඡායාරුපය. බෙල් එකෙන් කියවෙන්නේ notifications තියෙනවද නැද්ද කියන කාරණාව. එකතු කිරීමේ ලකුණ පාවිච්චි වෙන්නේ අලුත් දේවල් එකතු කරන්න. අලුත් repository එකක් හදන්න, පරණ තිබුන එකක් import කරන්න, අලුත් gist එකක් හදන්න හෝ අලුත් organization එකක් හදන්න වගේ දේවල් මෙතනින් කරන්න පුළුවන්.

මේ repository එහෙමත් නැත්නම් gist, organization ගැන bitbucket, gitlab ගැන මීලග ලිපියෙන් කතා කරමු. ලිපියේ වැරදි අඩුපාඩු අලුතෙන් එන්න ඕනේ ඒවා දැක්කනම් facebook comment එකක් දාන්න post එකේම.

නැවත හමුවෙමු…