Git Series එකේ තව article එකක් ලියන්න කියලා සැහෙන්න ඉල්ලීම් ආවා. ඒ එක්කම මේ තුන්වෙනි ලිපිය ඉදිරිපත් කරන්න හිතුවා. මුලින්ම කලින් ලිපිය කියවපු කෙනෙක් ඇහුවා, Team එකක් විදිහට වැඩ කරනවානම් වැඩියෙන්ම හොද අපි කතා කරපු ඒවගෙන් හොදම මොකක්ද කියලා. Public repositories ඕනේ තරම් ඒ කියන්නේ unlimited වෙනවා Github වලදී. නමුත් Private Repo ඔබ ගන්නවානම් ඔබ අනිවාර්යෙන්ම මුදල් ගෙවන්න ඕනේ. ඔබ හිතේ දෙගිඩියාවකින් හිටියනම් Private repo එකක් දාගන්න සල්ලි ගෙවන්න වේවි කියල, නිකමට BitBucket account එකක් හදාගෙන log වෙලා බලන්න. ඔබට private repo unlimited හදන්න පුළුවන්. Bitbucket කුඩා කණ්ඩායම් සඳහා නොමිලේ ගන්න පුළුවන් වුනත් තරමක් පිරිස වැඩි වෙද්දී ඔබට මුදල් ගෙවන්නට සිදු වේවි. ඔබ සිදුකරන්නේ තරමක් ලොකු ව්‍යාපෘතියක් නම් මම ඔබට recommend කරන්න කැමතියි Github private repo මිලට ගන්න එකේ කිසිම වැරද්දක් වෙන්නේ නැහැ කියන දේ.

අපි දැන් කතා කරමු Github account එකකට log උනාට පස්සේ මොනවද මේ ඇතුලේ තියෙන්නේ කියලා.

මුලින්ම ඔබට දකින්න පුළුවන් tabs ගණනාවක්. ඒ වගේම ඔබට දකින්න පුළුවන් ඔබගේ අවසන් වසර තුල කොපමණක් contribution එකක් වුනාද කියන දේ. Github වැඩකරන්න repository හදාගන්න ඕනෙ. මේ නිසා  මුලින්ම repositories tab එකට ගිහින් new button එක මත click කරලා අලුත් repo එකක් හදාගන්න. නමක් හා description එකක් එකතු කලාට පස්සේ readme file ඉදිරියෙන් ඇති ලකුණ select කරලා, create කලාට පස්සේ ඔබට දකින්න පුළුවන් ඔබේ repo එකේ readme file එකත් ඇවිත් තිබෙනවා. මේකට files add කරගන්න add new file මත click කරන්න ඕනේ. මේ file එක ඕනෙම භාෂාවක් වෙන්න පුළුවන්. Java, C, PHP මේ  විදිහට ඕනෑම language එකකට Git support කරනවා.

දැන් කියන්න යන්නේ branches ගැන. ඔබ මේ අලුතෙන් හදපු file එක save කලාට පස්සේ ඔබ හිතන්න project එකට බලපෑමක් නොවෙන්න ඔබට යමක් එකතු කරන්න හිතුනා කියලා. අලුත් feature එකක්. මේකෙදි තමයි මේ branches වැදගත් වෙන්නේ.ඔබ එකතු කරපු අලුත් file එකට පහලින් ඇති commit new file කියන topic එක යටතේ ප්‍රධාන buttons දෙකක්. එකකින් කියවෙන්නේ master branch එකට commit කරන්න කියලා. අනිකෙන් කියවෙන්නේ අලුත් branch එකක් පටන් ගන්න කියන දේ. ඔබ මේ files edit කරන හැම පාරකදිම මේ දේ ඔබෙන් අහනවා. යම් වේලාවකදී ඔබ කරන්නේ testing code එකක් හා ඔබට එක master branch එකේ save කරන්න බැරිනම් ඔබට පුළුවන් අලුත් branch එකකට යන්න. මේක හරියට අපි Save as feature එකෙන් save location එක මාරු කරනවා වගේ. ඔබ මේ විදිහට edit කරලා කරන commit ගනනට ඔබට දකින්න පුළුවන් project එකේ commits ගණන වැඩි වෙනවා. ඒ වගේම ඒ මත click කලොත් ඔබ මේ වෙනකන් කරපු සියලුම commits බලන්න පුළුවන් content එක හා comment එකත් එක්කම.

Git වල ලොකුම වාසිය තමයි තමන් කලින් කරපු වෙනස්කම් version එක්කම බලාගන්න පුළුවන් වුන එක. මේ නිසා කලින් කරපු වැරද්දක් උනත් පහසුවෙන් හොයාගන්න පුළුවන්.

කලින් හදපු විදිහේ branches දෙකක් හැදුවට පස්සේ ඔබට යම් කාලයකදී edit කරලා අවසානයේදී master branch එකත් එක්ක අනික් branch එක merge කරන්න වුනොත් කොහොමද මේක කරන්නේ. මුලින්ම ඔබට සිද්ද වෙනවා මේවා අයිති repo එකට ගිහින් මේක බලන්න.

ඔබට දකින්න පුළුවන් branch එකේ සදහන් වෙනවා compare and pull request කියන දේ. මම මේ pull request මත click කලොත් ඔබට ලැබේවි මේ වගේ දෙයක්.

merge කරන්න දෙන්න බැහැලු. ඇයි මෙහෙම වෙන්නේ? merge කරන එකෙයි pull request එකෙයි තියෙන සම්බන්දෙ මොකක්ද? අපි කතා කරමු මීලග ලිපියෙන්. හිතුවට වඩා ලිපිය දිග උනා. මීලග ලිපිය පුළුවන් ඉක්මනින් ලබාදෙන්නම්. මේකේ වැරදි අඩුපාඩු තියෙනවනම් Facebook link එකේම දාන්න.

-කලින් ලිපි –

https://ggslk.com/what-is-git-sinhala-1/

https://ggslk.com/what-is-git-sinhala-2/

නැවත හමුවෙමු…