Google I /O 2019 event එකට අවශ්‍ය සියල්ල සුදානම් වෙලා හමාරයි. මේ පාර ලංකාවේ ආරක්ෂක තත්වයත් මත event එක පසුගිය අවස්ථා වල වගේ පැවැත්වීමට නොහැකි වුනත් මෙවර event එක live ලබාදෙන්න Google ආයතනය සුදානමින් සිටින්නේ.

Puzzle for Google IO

මේ puzzle එක විසඳන්න Software Nerdsලට එච්චර වෙලාවක් ගත වුනේ නැහැ. මේ එක්කම වගේ Sundar Pichai තමන්ගේ twitter ගිණුමේ දක්වා තිබුණා Google IO මැයි මාසයේ 7 සිට 9 දක්වා පැවැත්වෙනවා කියන දේ.


Glad the transmission was received:) See you at Shoreline Amphitheater May 7-9 for this year’s I/O! #io19

මේක පැවැත්වෙන්නේ Mountain View, California වල outdoor amphitheater එහෙමත් නැත්නම් සරලව කිවුවොත් එළිමහන් රංග කේන්ද්‍රයක. මේකේ නම වෙන්නේ
Shoreline Amphitheatre. මේ තැන ගැන පොඩ්ඩක් කිවුවොත් සාමාන්‍යයෙන් 22500කට ආසන්න ගණනක් ඇතුල් කරන්න පුළුවන්. ඔබට වෙන් කළ ආසන 6500ක් එක්ක සාමාන්‍ය ආසන 16000ක් තිබෙන සැහෙන ඉහල මට්ටමක theater එකක් කියන්න පුළුවන්. ඔබට මතකයක් තිබෙනවානම් කලින් Google IO පවත්වපු ස්ථානය, මේ මෙම ස්ථානය මේ සඳහා
නොකඩවා භාවිත කරන සිව්වෙනි වතාව.

කෙනෙක් ඇහුවොත් Google IO කියන්නේ මොකක්ද කියලා IO කියන්නේ Google කණ්ඩායම තමන්ගේ software හා services ගැන විස්තර කරන්න පවත්වන event එක. ඔවුන් මීළඟ කාලය ඇතුලත අත ගහන්න ඉන්න devices ගැන පවා ඔබට මෙමගින් ඉගෙනගන්න පුළුවන්.

Android Q

2019 වසරේ මාර්තු 13 වෙනිදා Android Q Beta version එක නිකුත් වෙනවා. පිළිවෙලට අකුරු ගලාගෙන ආවම Android 9.0 Pie වලින් පස්සේ 2019 වසරට එන්නේ Android 10.0 Q. ඔබට අදහසක් තිබෙනවානම් Android Q run කරලා බලන්න, ඔබට අවශ්‍ය වෙනවා Pixel Phone එකක්. මේකට Google 2016දී release කරපු Original Pixel හරි Pixel XL එකක් හරි තියෙනවනම් හොඳයි. GGSLK අපි හිතනවා අනිවාර්යෙන්ම Keynote එකේදී මේ Android Q ගැන විශේෂ සඳහනක් වේවි කියලා. ඔබ දන්නවා Android N, Nougat වුණා වගේ Android P, Pie වුනා වගේම Android Q තවත් රසවත් වේවි කියලා මම හිතන්නේ. මේක ලියන මොහොත වෙනකන්ම Q අකුරෙන් පටන් ගන්න රස කෑමක් මතක් කරගන්න අපොහොසත් වීම නිසා event එක ගැන අවධානයෙන් ඉම්මු මේ ගැන ඉඟියක්වත් ලැබෙයිද කියලා.

The Pixel 3a

Image result for The Pixel 3a
Google’s Pixel 3 and Pixel 3A may come to T-Mobile
Credit : Google, Tomsguide

ඔබ දන්නවා සාමාන්‍යයෙන් Google IO කියන්නේ developer conference එකක්. මේ නිසා ඔවුන් තමන්ගේ hardware releases ගැන මෙතැනදී කතා කෙරෙන්නේ අඩුවෙන්. නමුත් පසුගිය කාලය පුරාවටම Google Pixel කණ්ඩායම වැඩකලා කියන්න පුළුවන් Pixel 3 දුරකතනයේ low cost version එකක්, තව විදිහකට කිව්වොත් අඩු මිල දුරකතනයක් වෙළඳ පොලට හඳුන්වා දෙන්න. ඒ වගේම අප්‍රේල් මුල gossip එකක් යන්න පටන් ගත්තා Google IO event එකේදී ඔවුන් තමන්ගේ අලුත් Pixel 3a දුරකථනය නිකුත් කරන්න සුදානම් වෙනවා කියලා. මේ gossip ඇත්ත කරගෙන Google Store එකෙන් ලින්කුවක් නිකුත් වෙනවා 7 වෙනිදා එන අලුත් වීරයෙක් ගැන. ඔබටත් පුළුවන් මේ ලින්කුවෙන් මෙය බලන්න. අපි හිතනවා Keynote එකේ විශේෂ තැනක් හිමිවේවි Pixel 3a දුරකතනයට.

Pixel Watch

The new Wear OS Proactive Assistant view, as seen on Skagen’s new smartwatch, shows relevant information at a glance.

2018 වසරේදී Miles Barr, Google’s director of engineering for Wear OS විසින් ප්‍රකාශ කර තිබුනා 2018 වසර තුල Pixel Watch එකක් නිකුත් කරන්න අදහසක්වත් නැහැ කියන දේ. මේ නිසා 2018 අපි අත්හරියත් 2019 ජනවාරි වෙනකොට Fossil හා Google එකතු වෙලා අලුත් project එකක් පටන් ගන්නවා. මේක අනිවාර්යෙන්ම Smart Watch එකක්. Google IO එක මේක ගැන සඳහන් කරයිද නැද්ද කියන දේ තහවුරු නැතත් Pixel Watch එකක් ළඟ ළඟ එනවා කියන එක අපේ අදහස.

Google Assistant

Credit: Monica Chin/Tom’s Guide

ඔබ Google Assistant එක්ක update එකෙන් උන්නනම් මම මේ දැනට කියන features ගැන ඔබට පොඩි හරි අවබෝධයක් ඇති.

  • Google Assistant Connect
  • Gentle Wake Up – lightning system
  • Google Assistant and Google Maps – ඔබේ location එක google assistant එක්ක පහසුවෙන් social media වල share කිරීම
  • Interpreter Mode – converse languages

ඇතුළු තවත් දේවල් ගණනාවක්. අපි හිතනවා මේ ඔක්කොම මේකේ keynote එක අන්තර්ගත වේවි කියලා.

සමහරවිට මේ කරුණු සියල්ලම නොතිබෙන්න පුළුවන්, හැබැයි විශ්වාසයක් තිබෙනවා කරුණු එකක් හරි අන්තර්ගත වේවි කියන දේ. අපි බලමු ඉදිරියේ Google තමන්ගේ තාක්ෂනය ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන දේ. මෙන්න මේ පහත වීඩියෝව භාවිතයේ ඔබට keynote එක හා සජීවීව එකතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ live ලබාදෙන ක්‍රම පවා අපේ facebook පිටුවේ share කරන්නම්, අවධානයෙන් ඉන්න.

නැවත හමුවෙමු…

Source : https://www.tomsguide.com/us/google-io-2019-preview,news-29243.html