මේ වන විට ලෝකය පුරා වාසය කරන ජනතාවගෙන් බිලියන 1.3 ක් පමණ WhatsApp සේවාව භාවිතා කිරීමට යොමුවී තියෙනවා. මේ අතරින් බොහෝ දෙනා තමන් ගනුදෙනු කරන ව්‍යාපාර සමග සම්බන්ධ විමට WhatsApp සේවාව යොදා ගන්නවා කියන එක නම් නොරහසක්. ගනුදුකරුවන් හට හා ව්‍යාපාර සදහා  වැඩි දියුණු වූ  ව්‍යාපාරික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් WhatsApp සමාගම විසින් කුඩා ව්‍යාපාර සදහා අලුතින්ම හඳුන්වා දී ඇති Whatsapp Business Application එක ගැනයි මම මේ ලිපිය ඔස්සේ ලියන්න හිතුවේ.

Android පරිශීලකයන්ට පමණක් මේ වෙනකොට ලබා දීලා තියන මෙම සේවාව play store එකෙන් නොමිලේ download කර ගත හැකියි.නමුත් IOS හා අනෙකුත් platforms පාවිච්චි කරන අයටනම් මේක එක් තරා විදිහක නරක ආරංචියක් තමයි.කෙසේ වෙතත් WhatsApp ප්‍රධාන වශයෙන් භාවිතා කරන ව්‍යාපාර සමඟ පර්යේෂණ කිරීමකින් පස්සෙ තමයි android වලට ප්‍රමුඛතාවය දීල තියෙන්නෙ.

Conversation bubble එකක් ඇතුලෙ “B” අකුර තියන විදිහට Design කරපු අලුත් logo එකකුත් එක්කම තමයි  මේ application එක නිකුත් වුනේ. කොහොම වුනත් ව්‍යාපාරික කටයුතු  හමුවේදි නම්  WhatsApp messenger වලට වඩා  මේ application එක ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඒ කොහොමද කියල.

Whatsapp Business Application හි සුවිශේෂී ලක්ෂණ

  • ව්‍යාපාරයටම වෙන් වූ profile එකක්

මේ හරහා ව්‍යාපාරයට හැකියාවක් ලැබෙනවා තමන්ගේ  ව්‍යාපාරයේ නම, Email  ලිපිනයන්, වෙබ් අඩවි, location විස්තර, ගණුදෙනු කල හැකි වේලාවන්  වැනි ප්‍රයෝජනවත් තොරතුරු ප්‍රදර්ශනය කරන්න. එය ගනුදෙනුකරුවන්ට   පහසුදායක වන අතර  එමගින් පාරිභෝගික විශ්වාසය රැකගැනීමට හැකි වෙනවා.

  • සුවිශේෂී පණිවිඩකරණ පහසුකම්

ගනුදෙනුකරුවන් වෙත ඔවුන්ගේ උපන්දිනය වැනි දින වලට සුභ පණිවිඩ යැවීම අද වන විට බොහෝ ව්‍යාපාර විසින් කරගෙන යන දෙයක්. ඔන්න WhatsApp business Application එක හරහා දැන් එය වඩාත් පහසුවෙන් කරගෙන යාමට හැකියාව තියනවා.  තව දුරටත පැය 24 පුරාවටම ක්ෂණික පිළිතුරු යැවීම වැනි දේටත් මෙහි පහසුකම් ලබා දි තියනවා.ගනුදෙනුකරුවන් ඔබේ ව්‍යාපාරයට හඳුන්වා දෙන පණිවුඩ, ගනුදෙනු කරුවන්ට ආචාර කිරීම සහ ඔබ කාර්යබහුල බව දැන ගැනීමට ලබා දෙන පණිවිඩ වැනි දේද මෙහි අඩංගු සුවිශේෂී පණිවිඩ අතරට ඇතුලත්.ඒ වගේම යැවූ පණිවිඩ ගණන deliver වුන පණිවිඩ ගණන සහ කියවන ලද පණිවිඩ ගණනෙහි count එකක් ලෙස ලබා ගැනීමටද හැකියාව තියනවා.

  • ස්ථීර ව්‍යාපාර ගිණුමක්

Whatsapp business හි ආරම්භ කරන ගිණුම ව්‍යාපාර  ගිණුමක් ලෙස ලැයිස්තුගත කර ඇති අතර කාලයත් සමග ගිණුමේ දුරකථන අංකය ව්‍යාපාරයේ දුරකථන අංකය සමග සමාන බවට සනාථ කල විට අදාළ ගිණුම ස්ථීර ගිණුමක් බවට පත් කර ගන්න පුළුවන්.

  • ගනුදෙනු කරුවන්ට සම්බන්ධ විමට ඇති පහසුව

සාමාන්‍ය Whatsapp ගිණුමක්  භාවිතා කරන ගනුදෙනුකරුවන්ට අලුතෙන්ම Whatsapp Business App එක download කිරීමකින් තොරව Whatsapp business ගිණුමක් සමග සම්බන්ධ වීමේ හැකියාව තියනවා. ඉතින් ඔබ ගණුදෙනුකරුවෙක් නම් Whatsapp business පාවිච්චි කරන කුඩා ව්‍යාපාරයක් හා සම්බන්ධ වීම ඉතාමත් පහසු කාර්යයක්.

  • Whatsapp messenger app එක හා Whatsapp business appඑක යන දෙකම එකම device එකක

මෙහි තවත් එක් වාසියක් නම් ඔබට ව්‍යාපාරික දුරකථන අංකයකින් සහ පෞද්ගලික දුරකථන අංකයකින් යන දෙකෙන්ම Whatsapp පාවිච්චි කිරීමට අවශ්‍ය නම් Whatsapp messenger app එක හා Whatsapp business appඑක යන දෙකම එකම device එකකට බාගතකර ගැනීමේ හැකියාව තියනවා. නමුත් ඔබ දැනට WhatsApp messenger සදහා භාවිතා කරල තියන දුරකථන අංකයම නම් WhatsApp business app එකට යොදා ගන්න නම් විදිහක් නෑ.

WhatsApp Business සේවාව කුඩා ව්‍යාපාර සදහා ජනතාව සමඟ සම්බන්ධ වීමට පහසු කරවනවා. අනෙක් අතට මෙය වේගවත්,සරල හා වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හදුනා ගත හැකියි.තව දුරටත් මෙම application එක updates තුලින් මීටත් වඩා වෙනස් සහ අළුත් features සමග දියුණු විය හැකි බැවින් මේ පිලිබදව අවධානයෙන් සිට එහි වාසි අත් වින්දහොත්  ඔබේ ව්‍යාපාරයත් whatsappBusiness application සමග නව මුහුණුවරකට යොමු කර ගන්න හැකි වේවි.