ඉතින්  යාලුවනේ  අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ  අලුත් දෙයක් ගැන  .ඒ තමයි whatsapp මගින් හදුන්වල දිලා තියෙන LIVE LOCATION සේවාව ගැන.අපි හැමෝම whatsapp කියන app එක භාවිත කරනවා.හුගක් වෙලාවට අපි chat කරන්න තමා මේ app එක වැඩිපුර භාවිත කරන්නේ.

ඉතින් අපිට පුළුවන් මේ whatsapp හරහා අපේ  REALTIME  LOCATIONඑක share කරන්න.අනිත් වැදගත්කාරනය තමයි අපිට පුලුවන් මේ සේවාව  ANDROID වගේම IOS කියන mobile os system දෙකේම වැඩකරන්න..

ඉතින් අපි බලමු කොහොමද මේ සේවාව භාවිත කරන්නේ කියල.අපිට පුළුවන් අපේ app එකේ attachment icon එක භාවිත කරලා අපේ  LOCATION එක share කරන්න.මෙතන තියන OPTION වලින් live locationකියන option එක හරහා තමයි ඔයාට මේ දේ කරන්න වෙන්නේ.

මෙතැනදී වැදගත්  කරණය තමයි  අපිට පුළුවන් අපි කොච්චර වේලාවක්‌ මේ PLACE එකේ  ඉන්නවද කියලා නිරුපනය කරන්න.මෙන්න මේ හින්ද තමයි whatsapp live location සේවාව අනිත් සේවාවන්වලට  වෙනස් වෙන්නේ.ඒ වගේම අපිට ඕනෑම වෙලාවක අපේ  real time location එක නතර ක‍රන්නත් අපිට පුළුවන්.

whats app මගින් October මාසයේ එලිදකවපු මේ සේවාව අද වෙනකොට  ඉතාමත් ජනප්‍රිය වෙලවාගේම හුගක් ප්‍රයෝජනවත් වෙලා තියනවා. අපේ යාළුවන්ට ඒ වගේම  අපේ   ගෙදර අයට අපි ඉන්න තැන හරියටම දැනගන්න පුළුවන් වෙලා තියනව මේ සේවාව මගින්.