WiFi Alliance එක මගින් WiFi හි අලුත් version එකක් 2019 සැප්තැම්බර් 16 දින නිලවශයෙන් launch කළා. මේක නම් කරලා තියෙන්නේ WiFi 6 එහෙමත් නැත්නම් WiFi 802.11ax කියන නමින්. ඉතින් මේ කියන WiFi 6 වල තියෙන විශේෂත්වය මොකක්ද? මේකෙන් අපිට තියෙන විශේෂ ප්‍රයෝජන එහෙමත් නැත්නම් විශේෂ වාසි මොනවද? දැනට තියෙන WiFi 5 එකෙයි මේ කියන WiFi 6 වලයි තියෙන වෙනස්කම් මොනවද? ඉතින් මේ හැම ප්‍රශ්ණයකටම පිළිතුරු අද අපි මේ ලිපියෙන් කතා කරමු.

WiFi Alliance එක පවසන විදියට WiFi 6 කියන්නේ පසුගිය දශකය තුල WiFi තාක්ෂණයේ සිදුවුණු විශාලතම දියුණුව වගේම WiFi තාක්ෂණයේ නව යුගයක ආරම්භය සනිටුහන් කිරීමක්. WiFi Alliance එක තවදුරටත් පවසන ආකාරයට WiFi 6 හරහා WiFi සේවා සපයන ආයතන සඳහා වැඩි network capacity එකක් සපයන්න වගේම පාරිභෝගිකයන් හට ඉතාමත් ඉහල performance ඇතිව Internet browse කරන්නත් මේ තුළින් අවස්ථාව ලැබෙනවා. WiFi 6 හරහා smart homes වල භාවිතා කරන low performance උපාංග වල සිට කාර්මික මට්ටමේ peak performance උපාංග දක්වා ඉතාමත් පහසුවෙන් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.

WiFi 6 වල තියෙන විශේෂ දේවල් මොනවද?

වඩා හොඳ ප්‍රතිදානයක්

WiFi 5 වලට වඩා WiFi 6 වල faster network performance පවත්වා ගන්නට හා network එකට අලුත් devices connect වෙද්දී සිදුවන latency එක අවම කරන්න අවශ්‍ය සියලුම නව්‍යකරණයන් ඇතුලත් කරලා තියෙන්නේ. WiFi 6 වල කාර්යක්ෂමතාව මෙතරම් වැඩි වෙන්න ප්‍රධාන හේතුව විදියට දක්වලා තියෙන්නේ මෙහි භාවිතා කරන OFDM (orthogonal frequency-division multiplexing) කියන technology එකයි. මේ මගින් network interference හා crosstalk එක අඩු කරන්න විවිධ frequencies සහිත network channels භාවිතා කරමින් data stream එකක් කොටස් වලට වෙන් කරනවා. මේ නිසා තමයි WiFi 6 වලදී higher network efficiency එකක් හා lower network latency එකක් uplink හා downlink traffic වලදී ඕනෑම high-demand network environment එකක් තුලදී ලබාගන්න පුළුවන් වෙන්නේ.

මීට අමතරව network එක ඇතුලේ concurrent users support එක වැඩි කරන්න භාවිතා කරන Multi-user MIMO තාක්ෂණය, ඉතාමත් ඉහල ගුණාත්මක ප්‍රතිදානයක් ලබාදීමට 1024-QAM තාක්ෂණය මෙන්ම IoT වගේ power-sensitive devices වල battery save කරන target wait time තාක්ෂණය වගේ නව තාක්ෂණික ක්‍රමෝපායන් යොදාගනිමින් තමයි WiFi 6 සකසා තිබෙන්නේ.

වඩා හොඳ ආරක්ෂාවක්

WiFi 6 භාවිතා කිරීමට නම් ඒ අදාළ device එක WPA3 කියන latest security standard එක available විය යුතුය. WPA3 ගැන පොඩි සඳහනක් කලොත්; අපි දැනට භාවිතා කරන WPA2 security standard එකට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න WiFi security standard එකක් තමයි WPA3 කියන්නේ. උදාහරණයක් විදියට WPA3 supported උපාංග public WiFi network එකකදී communication encryption ක්‍රමවේදයක් භාවිතා කරනවා. මීට අමතරව WiFi password crack කරන brute force attacks සැලකිය හැකි මට්ටමට අවම කිරීමක් ද සිදු කරනු ලබනවා. ඉතින් මේ නිසා WiFi 6 මගින් public සහ home WiFi network එකකදී WiFi 5 වලට වඩා වැඩි ආරක්ෂාවක් සහිතව internet browse කරන්න පුළුවන්.

මේ අනුව ශ්‍රී ලංකාවේ අපට ඉදිරියේදී වඩා ඵලදායි හා වේගවත් internet browsing experience එකක් ගන්න පුළුවන් WiFi තාක්ෂණයකට WiFi 6 හරහා පිවිසීමට හැකි වේවි. ඒ කෙසේ නමුත් WiFi 6 වල මේ කියන විදියේ internet browsing efficiency එකක් higher security එකක් ඇත්තටම තියෙනවාද නැද්ද කියන එක බලා ගන්න නම් තව ටික කාලයක් බලා ඉන්න සිදු වේවි.

මේ වගේ අලුත් තොරතුරක් සමගින් නැවතත් හමුවෙමු…