පසුගිය සතියේ Microsoft ආයතනයේ Twitter , Instagram වැනි සමාජ ගිණුම් හරහා අපූරු පුවතක් පලවුනා.  Microsoft සමාගමේ පළමුවෙනි Windows මෙහෙයුම් පද්ධතිය වූ Windows 1.0 හා ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වූ ,Stranger Things එකිනෙක සම්බන්ද කරගනිමින් පළවුණු සමාජජාල පණිවුඩ කිහිපයක් තමයි මෙම පුවතට හේතු වුනේ.

Windows 1.0 යනු 1985 වසරේදී නිකුත් කරනලද Microsoft සමාගමේ පළමුවෙනි Windows මෙහෙයුම් පද්ධතියයි. නමුත් එම මෙහෙයුම් පද්ධතිය එකල එතරම් ජනප්‍රිය වූයේ නැහැ. Widows 1.0 නවතම version එකක් නිකුත්වන බවට පසුගිය සතියේ Microsoft සමාගමෙන්  twitter පණිවුඩයක් පලකරා. පැරණි මෙහෙයුම් පද්ධතියක් ගැන කියවුණු මෙම පුවත උණුසුම් ප්‍රවෘත්තියක් වුනා.

ඒ වගේම Windows 1.0 සම්බන්දව විවිද ප්‍රශ්න ද එම twitter පණිවිඩ වල සඳහන් උනා. “1985 දී Windows 1.0 පරිගනකය තුල ධාවනය කිරීමට කොපමණ මතක ප්‍රමාණයක් අවශ්‍ය වුනාද?”. මෙය එලෙස සටහන් වුණු ප්‍රශ්න වලින් එකක්.

ඒ වගේම පහුගිය ජූලි 03 වනදා Microsoft සමාගමේ twitter පණිවිඩයක සඳහන් වුනේ “පරිගණක විප්ලවයේ කොටස්කරුවෙකු වන්නට,ඔබේ Windows 1.0 පිටපත අදම ලබා ගන්න!.” ලෙසයි.

එමෙන්ම තවත් twitter පණිවිඩයක් Morse code මගින් පණිවිඩයක් පලවී තිබුනා. එම Morse code පණිවිඩයෙන් අනුමාන කළහැකි වුනේ, මේ මාසයේ 08 වන දින නිකුත්වන ඇමෙරිකානු,ත්‍රාසජනක ටෙලිනාට්‍ය මාලාවක් වන Stranger Things,season 03 හා Windows 1.0 අතර සම්බන්දයක් ඇති බවයි.

නමුත් මෙතන හරි අපූරු යමක් තෙබෙනවා. ඒ තමයි, ඊයේ නිකුත්වූ Stranger Things Season 03 අලුත්ම trailer එකෙහි, Windows pc එකක් හෝ අඩුම වශයෙන් Microsoft යන නම වත් සඳහන් වුනේ නැහැ . 

මේ  සියලුම දේවල් වලින් අපිට නිගමනය කරන්න පුළුවන්, Stranger Things ප්‍රේක්ෂකයන්ට, එම කතාමාලාවෙන් නුදුරේදීම නවමු අත්දැකීමක් ලබාගන්නට හැකි වන බව. එහෙමත් නැතිනම් මේ වෙනස Windows මෙහෙයුම් පද්ධති ගැන අපිට තියෙන සුබවාදී හැඟීම, නැතිකරලා දමන වෙනසක් වෙන්නත් පුළුවන්. මොකද Microsoft සමාගම කියන්නේ, 90 දශකයේ අතිශය ජනප්‍රිය වුන Friends කතාමාලාවේ, Rachel හා Chandler යන චරිත දෙක පවා යොදාගෙන තම Windows 95 මෙහෙයුම් පද්ධතිය ප්‍රචාරණය කිරීමට උත්සාහ ගත් ආයතනයක්.ඉතින් අපි බලාගෙන ඉමු, මොකක්ද මේ වෙන්න යන්නේ කියලා….