Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක මෘදුකාංගයක් ලෙසට සැලකෙනවා . නිවැරදිව යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධතිය ලෙස සියලු දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණක් .

ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන තරගය ඔස්සේ මෙහෙයුම් පද්ධතිවලට සිදුවිය හැකි අහිතකර බලපෑම් නැති කොට අලුතින් පැමිණෙන මෙම Windows Defender ආරක්ශක මෘදුකාංගය නව දියුනු කිරීම් සමග  සමන්විත බව Microsoft සමගම වැඩි දුරත් පවසනවා .

නිකුත්වන නවතම තොරතුරු වලට අනූව Windows Defender browser extension එකක් Google Chrome වෙතට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථාවන්නේ. Chrome Web Store වෙතින් ලබා ගන්නට හැකි මෙම නව නිකුතුව සමග භාවිතාකරන්නන් හට බ්‍රවුසරයක් හරහා ලැබෙන්නට ඉඩ ඇති බොහෝ හානිකර අවස්ථා මග හැරෙන බවට නිවේදනය වන අතර ඔවුන් පැහැදිලි කරන්නේ දැනට හානිකර පතුරන හා අවිස්වාශනීය URL වල දත්ත ගබඩා හා සසදමින් නිතරම භාවිතාකරන්නා හර සුරක්ෂිත බවක් ලබා දෙන්නට කටයුතු කරන අතර malicious programs ස්ථාපනය වැලකීම, phishing වැනි අවස්ථා වැලකීම ඇතුලු බොහෝ ආරක්ෂිත බවක් මෙම නව නිකුතුව ඔස්සේ ලැබෙනු ඇති බවයි.

වැඩි විස්තර : https://browserprotection.microsoft.com/learn.html

ඔබත් මෙය අදම ඔබගේ පරිගණකයේ  Chrome බ්‍රව්සරය තුල ස්ථාපනය කරගන්න .

https://chrome.google.com/webstore/detail/windows-defender-browser/bkbeeeffjjeopflfhgeknacdieedcoml

🙂