2004 දී පළවෙනි වතාවට අපි දැකපු beta release එකේ ඉඳලම ලෝකයේ වැඩි දෙනාගේ තේරීම බවට Gmail පත්වෙලා තියනවා කියන එක කොහොමටවත් රහසක් නෙවෙ යි . 2013 දී එකතු වුනු inbox tabs ඇරෙන්න විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් තරමේ ලොකු වෙනසක් අපි 2011 පටන් දැක්කෙ නැහැ.

නමුත් මේ අප්‍රේල් අග භාගයේ දී Google විසින් වඩා clean පෙනුමක් වගේ ම responsive interface එකක් තියෙන Gmail version එකක් එළි දැක්වූ වා. මේ version එකත් එක්ක ඇවිත් තියන features, business users ලට වගේම personal users ලටත් Gmail එකවගේ වැදගත් තැනක් බවට පත් කරන්න පුලුවන් වෙයි කියන එක පැහැදිලි යි.

Inbox එකේදි ම ඔයාට ඇවිත් තියෙන email එකක් උඩට  mouse pointer එක ගෙනාවම, delete, mark as read, archive, snooze වගේ options pop-up වෙනවා. ඒ වගේම calendar, tasks, keep වගේ Google  Apps පාවිච්චි කරන්න තව දුරටත් ඔයාට තව window එකකට මාරු වෙන්න ඕන නැහැ; මොකද ඒ වගේ apps launch කරන්න පුළුවන් විදියේ side panel එකක් අලුත් Gmail interface එකේ දකුණු පැත්තේ තියෙනවා. තව දුරටත් කිව්වොත් අලුතින් add වෙලා තියෙන native offline support එක නිසා පහුගිය දවස් 90ක් තිස්සේ ඔයාට ආපු emails, internet connection එකක් නැති වෙලාවක වුනත් open කරන්න පුළුවන්. මේ සඳහන් කරලා තියෙන්නෙ අලුත් විශේෂාංග ගොන්නෙන් කිහිපයක් විතරයි!

Confidential Mode විශේෂාංගය

නමුත් ඒ අතරින් විශේෂම feature එක මොකක්ද කියනවනම්, ඒ ඔයා යවන emails වලට apply කරන්න පුළුවන් confidential mode. මේ feature එක mobile devices වලට ආවෙ ගිය සතියේ අග. මේ ඔයා යවන email වලින්, වැඩි කාලයක් recipient ගෙ inbox එකේ තිබීම අවශ්‍ය නොවෙයි කියල ඔයාට හිතෙන emails වලට වැදගත් වෙන feature එකක්. මොකද ඔයා confidential mode on කරන email එකකට expiration date එකක් set කරන්න option එක ලැබෙනව. ඔයා ඒ email එක send කලාට පස්සෙ ඔයාගෙ recipient ට mail එක access කරන්න පුළුවන් ඔයා set කරපු date එක වෙනකන් විතරයි. මුලදි expiration date එකක් set කළේ නැතත්, පස්සෙ email එකෙන් ඕනම වෙලාවක access revoke කරන්න පුළුවන්.

How Gmail's Confidential Mode Feature Works: GIF Animation

මේ email කිසිම කෙනෙක්ට forward, copy, print නැත්තම් download කරන්න බැහැ. ඒ වගේම confidential mode වල තියෙන තවත් අංගයක් තමයි sms passcode එකක් හරහා සිද්ද වෙන two-factor authentication. ඔයා sms passcode තේරුවෙ නැත්තම්, recipient Gmail user කෙනෙක් නම් විතරයි email එක open කරන්න පුළුවන්. එයා Gmail user කෙනෙක් නෙවෙයි නම්, passcode එකක් email හරහා කොහොමත් යැවෙනවා. ඔයා sms passcode තේරුවොතින්, ඔයා සපයන ඔයාගෙ recipient ගෙ දුරකථන අංකයට passcode එක යැවෙනවා.

නමුත්?

නමුත්  Gmail සඳහන් කරන විදිහට, confidential mode එක,  email/attachments copy කරන්න, එහෙමත් නැත්නම් download කරන්න පුළුවන් malicious software වලට කොහොමටවත් විසඳුමක් නෙවෙයි. ඒ වගේම පැහැදිලියි ඕනම කෙනෙක්ට emails/attachments වල screenshots/photos ගන්න එක සුළු දෙයක් කියන එක.

කොහොම වුනත්, confidential mode අත් වැරදීමක් නිසා සිද්ද වෙන forward වීම් වලට හොඳ පිළියමක්. ඒ වගේම වැරදි භාවිතයක් සඳහා email එකක් copy/download කරන්න හදන කෙනෙක්ට ඒක ලේසියෙන් කරන්න බැරි වෙන පසුබිමක් මේකෙන් හැදිල තියෙනව.

 

Sources:

Engadget (1), (2)

 

Twitter