Google IO Extended වලින් පසුව පැවැත්වෙන මෙම YourTube ඉසව්ව මේ වන විට කාගේත් කථාබහට ලක් වෙලා තියන බව නොරහසකි .විනෝදාෂ්වාදය හා දැනුම සමගින් මෙම ඉසව්ව ගෙන ඒමට මේ වන විටනම් සියලු දේ කෙරෙමින් පවතින බවයි ආරංචි මාර්ග පවසා සිටින්නේ. තවද මෙය සංවිධානය කරන පුද්ගලයන් ඔබලාගෙන් වසන් කර එදිනට කරන්න යන පුදුමදනවන දේ කුමක්ද කියා මෙම ලිපිය හරහා කතා කරන්නයි මේ සූදානම.

ඊට ප්‍රථම ඔවුගේ මෙම ඉසව්ව පිලිබද විමසා බලමු.

ඇත්තටම මේ මොකක්ද YourTube V 1.1 කියන්නේ ?

ඇත්තටම YourTube V 1.1 යනුවෙන් හදුන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකාව තුල Youtube Content ලා හට සුහද හමුවක් ලබා දීමට හා තමන් ආදරය කරන Youtuber ලාව හමු වී කථා කරන්න දැනුම හුවමාරු කරගන්න ලබා දෙන කදිම අවස්ථාවක්.

එතකොට මේ කව්ද මේ Android වැඩකාරයෝ ?

Android ලොවේ තතු හා තාක්ෂණික තතු ලොවට කියමින් සියලු දෙනාගේ දැනුම් පිපාසය සංසිදුවමි ලෝකයේ නව තාක්ෂනය ශ්‍රී ලාංකික තරුණ පරපුරේ දැනුම් ඔප් නන්වන්න කටයුතු කරන මානුෂීය බුද්ධි සංකලනය Android වැඩකාරයෝ ලෙස හදුන්වා දිය හැකිය.

ඔබට මෙම ඉසව්ව සදහා සහභාගී විය හැකිද ?

ඔව් ඔබටත් පුලුවන් .මේ සදහා මේ වන විටනම් Android වැඩකාරයෝ සංවිධායක මඩුල්ල තෝරාගත් පිරිස් හට ආරාධනා පත් යවා අවසානයි .නමුත් ඔබට පුලුවන් මෙය Android වැඩකාරයෝ නිල Facebook පිටුව හරහා ඔබට සජීවීව නරඹන්න.

ඔබට මේ හරහා ත්‍යාග ලබා ගන්න පුලුවන් වෙයිද ?

මෙයනම් තාමත් අභිරහසක් ලෙසයි පවතිනුයේ ලබාදෙන ත්‍යාග ඔවුන් දැනුම් දුන්නත් ඔවුන් මේ වන විටත් ප්‍රකාශ කර නැත කෙසේද මෙම ත්‍යාග ලබා ගන්නේ කියා.ලබා දෙන ත්‍යාග පිලිබද ඉදිරියේදී කතා කරමු.

කවදාද කොහේදිද මෙය පැවැත්වෙන්නේ ?

මෙය පැවැත්වෙන්නේ Dialog Auditorium එක තුල 16 සෙනසුරාදා දින 3.30 සිට රාත්‍රී 10 දක්කවා.

මොනවද මේ ඔවුන් ලබා දෙනවා කියන පුදුම සහගත දේවල් ?

මෙම ඉසව්ව තුලදී R- Factory ගමන් මග තුල සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව තුල ප්‍රථම වතාවට Hologram ව්‍යාපෘතිය අදුන්වා දෙනු ලබයි.

තවද මෙම Android වැඩකාරයෝ ගෙන එන YourTube ඉසව්ව තුලදී ViUTube Platform එක විශේෂ අදුන්වා දීමක් සිදු කරනු ලබන අතර මේ හරහා Video Content සකසන්නන් හට විශේෂ මාර්ගයක් විවෘත කර දෙනු ලබනවා ඔවුනගේ ආදායම් මාර්ගයක් හා ශ්‍රී ලාංකික ප්‍රථම Video Contact Platform එක ලෙස.

තවද එදිනට පැමිනෙණ සියලුදෙනා හට මෙන් ම සජීවී Facebook පිටුව හරහා නරඹන පුද්ගලයන්ට සහභාගීවිය හැකි ලෙස තරගයක් මොවුන් ඉදිරිපත් කරනු ලබන අතර මේ හරහා Huawei Y7 එකක් හා Y9 දුරකතන මාදිලි දෙකක් ඔබට ලබා ගැනීමට පුලුවන් එක දුරකතනයක් සජීවී Facebook පිටුව හරහා නරඹන අය සදහාත් අනෙක් දුරකතනය එදිනට සහභාගි වන අය සදහාත් බෙදා දෙනු ලබන බවයි ආරංචි මාර්ග පවසා සිටිනුයේ

ඔබ ආදරය කරන YouTube තරුව එදාට පැමිණෙයිද?

ඔව් එදිනට ඔබ ආදරය කරන බොහෝ තරු පිරිවරක් ඔබ හමුවන්නට පැමිණෙනවා.ඒ අය හමු වී කතා කරන්න චායාරූප ගන්න ඔබටත් අවස්තාව තිබේ.

පහත පරිදී ඔබගේ ජනප්‍රිය තරු ඔබ හමුවට පැමිණේවි.

මලින්ද අලහකෝන් Science
ශානක අලහකෝන්
පසිදු SLGeek Technical reviewe
අනුරාධ
සනුක SL EevTV technical Reviewer
කසුන් ගුනසේකර Singer / vlogger
සජිත් මදුශන්ක
නව්රාන් Vine videos / DUBSMASH
අරුන් Vine videos /DUBSMASH
ගිහාන් Kuppa cinema
කන්චුක
දිල්ශාන් Myhub lk / Technical
අදීශ
හශාන් Science /HashTalk
තීවක

 

මෙම ඉසව්ව සාර්ථක කර ගැනීමට Dialog Ideamart හා Bhasha Lanka ආයතන නුහුසුලු දායකත්වයක් ලබා දෙනවා සේම Huawei ශ්‍රී ලංකා විසින් විශේෂ අනුග්‍රහයක් දක්වා තිබේ.

Android වැඩකාරයෝ කරනා මේ ඉසව්ව අති සාර්ථක වේවා කියා GGSLK සමූහය ප්‍රාර්ථනා කරන අතර ඉදිරි වැඩකටයුතු අතිසාර්තකව කර ගැනීමට ඔවුනට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

 

මෙම මස 16 දින සියලු දෙනා Facebook පිටුව හරහා සජීවීව හා Dialog auditorium එක තුල දී මුණ ගැසීම කතා කරමු.