Youtube විසින් සිය සංගීත වීඩියෝ අනුපිළිවෙළ(Trending) සකස් කිරීමේ පද්ධතියේ විශාල වෙනසක් හඳුන්වා දී තිබේ.එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ කලාකරුවන් සහ ඒවාහි නිර්මාණකරුවන් විසින් ඔවුන්ගේ වීඩියෝ නරඹන වාර ගණන වැඩි කිරීම සදහා විවිධ තාක්ෂණික හා අනවසරයෙන් දත්ත ලබා ගැනීම් තුළින් සමාජ විරෝධී කූට-උප්‍රක්‍රම භාවිතා කරන බව සොයා ගැනීමයි .

එම නිසා Youtube සිය සංගීත වීඩියෝ හි අනුපිළිවෙළ සකස් කිරීමේදී සමාගමට ලැබෙන“වෙළඳ දැන්වීම් ” හි දර්ශන වාර ගණනය නොසලකා හැරීමට පියවර ගෙන  තිබේ. ඒ වෙනුවට, ඉහළින්ම නැරඹූ සංගීත වීඩියෝ සඳහා ශ්‍රේණිගත කිරීමෙදී ඒවාහි වර්ගය මත පමණක් පදනම් වනු ඇති බව සදහන් කර ඇත. සංගීත වීඩියෝ තුල වෙළඳ දැන්වීම් යොදා ගෙන රූගත කිරීම් සිදු කිරීම බොහෝ සෙයින් සිදුවන සාමාන්‍ය දෙයක් වන අතර ඒවා වෙනත් Youtube වීඩියෝ සමග ධාවනය කිරීම සහ එය දිගු කාලයක් තිස්සේ නැරඹීමට ලක් වීමෙන් එය වෙළඳ දැන්වීම් දර්ශනයක් ලෙස ගණන් ගත හැකි බවයි වෙඩි දුරටත් සදහන් කොට ඇත්තේ.

එම නිසා Youtube හි සංගීත වීඩියෝවක් ප්‍රකාශයට පත් කළ පළමු පැය 24 තුළම එයට වෙළඳ ප්‍රචාරණයක් ලබා ගැනීමට හැකි වන ලෙස පද්ධතිය සකස් කොට ඇත.වැඩි දුරටත් Youtube හි blog සටහනෙහිද සදහන් වනුයේ Youtube හි ඇති සංඛ්‍යාලේඛන සමාජය විසින්ද විවිධ නිර්ණායක සදහා භාවිතා කරන බවයි. එනම් බොහෝ විට පැය 24 පුරා වාර්තාගත දර්ශන නැරඹීමක් තුලින් හා එහි ප්‍රතිචාරය තුළින් සමාජයේ සිතීම මිනුමක් ගත හැකි වේ. එම නිසා ක්ෂණික සංස්කෘතික බලපෑම පිළිබඳ නිශ්චිත නිරූපණයක් ලබා ගෙන පාලනයක් ඇති කල හැකි අයුරින් සකස් කර ඇත.

මෙහිදී නව වෙනස්කම් ලෙස අදහස් කර ඇත්තේ ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට පැමිණීමට නම් සුදුසුකම් ලෙස වීඩියෝව නැරඹිය යුත්තේ වීඩියෝව වෙත ඍජුව සම්බන්ධතා ඇති  link, සෙවුම් ප්‍රථිපලයක්, වීඩියෝව ඇතුළත් කළ බාහිර අඩවි සහ මුල් පිටුව වැනි Youtube විශේෂාංග හා ඊළඟට නැරඹීම සහ අනුපිළිවෙලයන් තුළින් පමණක් බවයි.

Youtube හි සංගීත අනුපිළිවෙලයන් සැකසීමේ පද්ධතිය පසුගිය මාස කිහිපය තුළ මතභේදාත්මක ලෙස කතාබහට අවස්ථා කිහිපයකදීම කරලියට පැමිණියා. ජුලි මාසයේදී ඉන්දියානු රැප් ක්‍රීඩක Badshah  පැය 24 ක් තුළ වැඩිම දර්ශන සංඛ්‍යාවක් වාර්තා කළ අතර,එනම් BTS පරාජයට පත් කරමින් මිලියන 75 ක දර්ශන ප්‍රමාණයක් ලබා ගනිමින්ය. BTS  මිලියන 74.6 ක් වාර්තා කළ තිබූ අතර මීට මාස කිහිපයකට පෙර මෙම සිදුවීම වාර්තා වෙයි. නමුත් Badshah ගේ සංගීත දර්ශනය උපුටා ගැනුන දසුන් වලින් හා පෙර දැක තිබු දසුන් වලින් පිරී ඇති බවට මිනිසුන් තුළ කතා බහක් ඇති විය. BTS  පසුව වාර්තා කළේ Badshah සහ ඔහුගේ කණ්ඩායම විසින් වීඩියෝ පටයෙහි ප්‍රවර්ධන දැන්වීම් පල කීරීම තුළින් මිනිසුන් ඇද තබා ගැනීමට  මුදල් වියදම්  කර ඇති  බවයි.එමගින් මෙය වක්‍රාකාර ලෙස දර්ශන ගණන වැඩි කිරීමට හේතු විය.එම නිසා Youtube මගින් වාර්තාගත දර්ශන ප්‍රමාණයක් ලබා ගත් බවට‍ වාර්ථාව ප්‍රතික්‍ෂේප කිරීමට තීරණය කළේය.

“වීඩියෝ ප්‍රචාරණය යනු ගීත නරඹන්නෙකු තුළ කුතුහළය ඇති කොට ගීතය නිශ්චිත ප්‍රේක්ෂකයින් පිරිසක් වෙතට ළඟා කරවීමට ගන්නා ඵලදායී ක්‍රමයක් වන නමුත් පැය 24 ක කාලය තුළ වාර්තාගත දර්ශන ප්‍රමාණයක් ගණනය කෙරෙන පසුබිමක් දෙස බලන විට එය සදාචාරත්මක් නොවේ. එම නිසා  Youtube හි මින් ඉදිරියට ගෙවන ලදුව සංගීත වීඩියෝ දැන්වීම් භාවිත කිරීමෙන් හට ගන්නා දර්ශන ප්‍රමාණය තවදුරටත් සලකා බලනු නොලැබේ” යනුවෙන් Youtube හි  නිකුත් කරන ලද ප්‍රකාශනයේ සටහන් වේ.

වාර්තාගත සංඛ්‍යා සඳහා තරග කරන චිත්‍රපට චිත්‍රාගාර සහ රූපවාහිනී ජාලයන් මෙවැනිම සමාන උපක්‍රම බොහෝ විට භාවිතා කරයි, නමුත් ඒවාට මෙම පද්ධති වෙනස් කිරීම තුළින් බලපෑමක් සිදු නොවේ. සමාගම තව දුරටත් පැවසා ඇත්තේ මෙම වෙනස Youtube හි සංගීත වීඩියෝ සහ එහි දර්ශන ප්‍රමාණය පිළිබද වාර්තා සැලකීමේදී පමණක් බවත් එයද කර්මාන්ත ප්‍රමිතිය සමඟ අනුකූල කිරීමට හා Nielsen වැනි අනෙකුත් තෙවන පාර්ශවීය සංඛ්‍යාලේඛන සමාගම් වෙත වාර්තා කිරීම කරන්නේ කෙසේද යන්න සෙවීමට කරන බවයි.

වැඩිදුර විස්තර දැනගැනීමට  –     https://youtube.googleblog.com/2019/09/maintaining-credibility-and-consistency.html