YouTube Kids app එක  විශේෂයෙන්ම දරුවන් සදහා නිර්මාණය කරලා තියෙන application එකක් .දරුවන්ට වගේම දෙමව්පියන්ටත් ඔවුන් කැමති දේවල් පහසුවෙන් හොයාගන්න මේ app එක යොදාගන්න පුළුවන්.

YouTube Kids app එක launch කළේ 2015 වසරේදී, එතැන් සිට අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වූ පසුවත් එහි apps ලබාගත හැකි වුණේ  android සහ  iOS වලට විතරයි. Smart TV සඳහා තෝරාගත් app එක අප්‍රේල් මාසයේ නිකුත් කරන ලද අතර Android TV හිමිකරුවන්ට එම සේවාව දැන් භාවිතා කරන්න පුළුවන්.

 

YouTube විසින් මේ app එක සදහා නිශ්චිත වයස් සීමාවක් යොදා නැති වුණත් වයස අවුරුදු 3-8 දරුවන් සදහා මෙය වඩාත් සුදුසු වෙනවා.

තවද මෙහි නව ස්ථාපනයක්  ලෙස YouTube Red පහසුකමද අත්විදිය හැකිය .(YouTube Red ගැන තවත් ලිපියකින් කතා කරමු.)

YouTube Kids TV එකේ videos shows, music, learning සහ explore කියලා ප්‍රධාන කොටස් 4ක් ඔස්සේ දැකගන්න පුළුවන්. Content blocking, login වගේ විශේෂාංග තවමත් මේ app එක තුළ අඩංගු වෙලා නැහැ.කෙසේ වෙතත් මේ app එක හරහා දරුවන්ට නුසුදුසු දේවල් පැමිණියහොත් සාමාන්‍ය youtube වල තියෙන flag option එක පාවිච්චි කරලා report කරන්න පුළුවන්. වැඩි විස්තර පහත link එකෙන් බලාගන්න පුළුවන්.

google.com/youtubekids/

මේ app එකෙත් YouTube වල වගේම search option එකක් තියෙනවා. මේක කුඩා දරුවන් සම්බන්ධ app එකක්  නිසා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. පහත link එකෙන් YouTube Kids Parental Guide එකෙන් වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

google.com/youtubekids/

මේ app එක android සහ iOS සදහා free download කරගන්න ඔබට පහත links දෙකම වෙත පිවිසීමෙන් පුළුවන්.

 

Google play store:

https://play.google.com/store/apps/details?id=com.google.android.youtube.tvkids&hl=en

web : YouTube Kids