අද වෙනවිට streaming music industry එක යම්තාක් දුරකට සංකිර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන්  YouTube ඔවුන්ගෙන් වියයුතු කාර්යය භාර්යය මැනවින් ඉටු කරමින් “YouTube Music” subscribe කිරීමේ සේවාවක් සහ කලින් YouTube Red ලෙස හදුන්වපු YouTube Premium යන නවතම සේවාවන් හඳුන්වා දීම පසුගිය මැයි 22 වනදින සිදුවුණා.

Original video content එකක් තියෙන YouTube Premium සදහා අය කිරීම් සිදු වෙන්නේ පහත දැක්වෙන ආකාරයටයි. ඔබ දැනටමත් Google Play Music සේවාව subscribe කරලා තියෙනවා නම් ඒ membership එකේ ප්‍රතිලාභයක් විදියට YouTube Music ලබාගන්න පුළුවන්.

    • Available for free with ads, $9.99 per month
    • Available for free without ads, $11.99 per month

ඔබට තවමත් නිසිආකාර අවබෝධයක් නැතුව ඇති මේ සම්බන්ධයෙන්. අපි දැන් බලමු YouTube Music සහ YouTube Premium කියන්නේ මොනවද කියලා.

මොකක්ද මේ YouTube Music?

පසුගිය මැයි 22 වනදා YouTube ඔවුන්ගේ නවතම music streaming service එක වන YouTube music හදුන්වා දුන්නා කියලා මම ඔබට කලින් කිව්වා. YouTube music ඔබ වෙතට එන්නේ mobile app (Android සහ iOS) එකක් විදියට සහ computer සදහා web application එකක් විදියට. මේ app එකෙන් වඩාත්ම focus කරලා තියෙන්නේ video streaming සේවාවන් වල අඩංගු music හා සම්බන්ධ අන්තරගතයන් වලට. මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ YouTube සහ google play music යන සේවාවන් ඒකාබද්ධ කිරීම වගේම “Spotify” සමග තරග කිරීමයි. Spotify කියන්නේ දැන්වීම සදහා(ads) පහසුකම් ලබා දෙන ඒවගේම music streaming වලට අවශ්‍ය අතිවිශාල libraries වලට පහසුවෙන්ම ඇතුල් වියහැකි සහ නොමිලේම ලබාගත හැකි සේවාවක්.

YouTube Music වල streaming music සේවාවන් වලින් ඔබ අපේක්ෂා කරන සියලු විශේෂාංගයන් ඇතුළත් වෙනවා. ඒ අනුව ගීත සහ ගීත ඇල්බම් මිලියන ගණනක්,playlists, artist-based radio channels  දහස් ගණනක් මෙහි අඩංගු වෙනවා. ප්‍රධානතම විශේෂත්වය වෙන්නේ YouTube වල තියෙන  “catalog of remixes, live performances, covers and music videos” වගේ දේවල් වෙනත් කිසිදු platform එකක් මත play කිරීමට ඉඩ දෙන්නේ නැහැ.

YouTube Music අදාළ දවසේදී ඔබ ඉන්න ස්ථානය සහ වෙලාව අනුව එම අවස්ථාව ට ඔබට ගැලපෙන songs සහ videos suggest කරනවා. ඒ අනුව ඔබ දවසේ වැඩ කටයුතු කරගෙන යනවිට යම්කිසි රිද්මයකට අනුව මේ music ශ්‍රවණය කරන ගමන් ඔබේ වැඩ කටයුතු කරගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ කාර්යබහුල පීඩාකාරී දිවියට එය අලුත්ම අත්දැකීමක් වේවි.

මොකක්ද මේ YouTube Premium?

YouTube red, YouTube premium ලෙසට මාරු වීමක් සිදුවුණත් එතරම් ලොකු වෙනස්කමක් දක්නට ලැබෙන්නේ නැහැ. එහි මූලිකම විශේෂාංග වෙනස් වීමක් සිදු වෙලා නැහැ. ඔබට හැකියාව තියෙනවා වෙළෙද දැන්වීම් වලින් තොරව videos නරඹන්න වගේම videos නරඹන අතරතුර background games play කරන්න සහ Clips save කරගැනීමෙන් Offline වුණත් videos නරඹන්න ඔබට පුළුවන්. තව දෙයක් තමයි original section එකට එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය සහ මෙක්සිකෝව වගේ රටවල් වල විකාශය වෙන comedies, dramas, reality series සහ action adventure shows වගේ දේවල් ඇතුළත් කරමින් විශාලතම original චිත්‍රපට මාලාවක් මෙහි අඩංගු වෙලා තියෙනවා.

ඔබ මැයි 22 ට පෙර මෙම සේවාව සදහා register නොවුණු අයෙක් නම් ඔබට ඒ සදහා මසකට ඇ.ඩොලර් 11.99 ක් ගෙවීමට සිදු වෙනවා. නමුත් ඔබ දැනටමත් YouTube Red subscriber කෙනෙක් නම් Google ඔබව අමතක කරලා නැහැ ඒ කියන්නේ  YouTube Premium වලට මාරු වෙන්න ඉහළ වියදමක් දරන්න ඔබට සිදු වෙන්නේ නැහැ. YouTube premium සේවාව දැනට එක්සත් ජනපදය, ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය, මෙක්සිකෝව සහ දකුණු කොරියාව වගේ රටවල් කිහිපයකදී පමණක් ලබාගන්න පුළුවන්. ඉදිරියේදී නව සේවා ව්‍යාප්තිය නිසා ඔස්ට්‍රියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නෝර්වේ, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල් වලටද ඉක්මණින් YouTube premium සේවාව අත්විඳීමට හැකිවේවි. ඉදිරියේදී මේ වසර තුළ සහ ඉන් පසුවත් YouTube premium සේවාව ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් වලටත් ව්‍යාප්ත වෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා.

අපි මේ ගැන අද කතා කළත් ශ්‍රී ලංකා වාසි ජනතාවට YouTube premium සේවාව අත්විඳීමට තව යම් කාලයක් බලාසිටින්නට සිදුවේවි. ඉදිරියේදී මේ වෙනස්කම් අත්විදින්නට කියා ඔබට ආරාධනා කරනවා.